(විමුක්ති එස් රුද්‍රිගු)
විදේශගත ශ්‍රී ලාංකිකයන් එවන විදේශ විනිමය ප්‍රේෂණ මත බදු පනවා ඇතැයි හෝ ඒවා බලහත්කාරයෙන් ශ්‍රී ලංකා රුපියල් වලට හරවනු ඇතැයි පැතිර යන කටකතා අසත්‍ය බව ශ්‍රී ලංකා මහා බැංකුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.
විදේශ ප්‍රේෂණ මත කිසිඳු බද්දක් අය නොකරන අතර, විදේශගත ශ්‍රී ලාංකික සේවා නියුක්තිකයන් එවන විදේශ විනිමය ප්‍රේෂණ, විදේශීය ව්‍යවහාර මුදල් වශයෙන් තම බැංකු ගිණුම්වල තබා ගැනීම හෝ ශ්‍රී ලංකා රුපියල් බවට පරිවර්තනය කිරීම ඔවුන්ගේ අභිමතය පරිදි සිදුකළ හැකි බව එම නිවේදනයේ දැක්වේ.
තවද විදේශගත ශ්‍රී ලාංකික සේවා නියුක්තිකයන්ට දැනට ලබා දී ඇති විවිධ දිරිදීමනා අඛණ්ඩව තවදුරටත් ඒ ආකාරයෙන්ම කිසිදු හෝ වෙනසක් නොමැතිව භුක්ති විඳිය හැකි බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
COMMENTS
ඩොලර් රේට් මදි. උද්ධමනයට ගැලපෙන රේට් එකක් දෙන්න. ඔය මොනවා කිව්වත් වැඩක් නෑ...
ඔය මොනවා කිව්වත් වැඩක් නෑ.. මිනිස්සුන්ගෙ මූල්‍ය සුරක්ෂිතතාවය සහ විශ්වාසය හදන් නැතුව. මිනිස්සුන්ට විශ්වාසයක් නෑ... රජයේ ප්‍රතිපත්ති ගැන, මූල්‍ය පද්ධතිය ගැන. අනික් පැත්තෙන් සුදු අලි නඩත්තු කිරීම නාස්තිය, දූෂණය එහෙම්මයි. ඒ නිසා විදේශගත ශ්‍රමිකයින්ට ජීවිතකාලෙ ජීවත් වෙන්න හම්බකරපු මුදල් ආණ්ඩුවලට සූදු කෙලින්න දෙනවාට වඩා සුරක්ෂිත කරගන්න විදි ගැන හිතන්න...
මේ හැතිකරේ නඩත්තු කරන්න අපි එවයි ඩොලර්...
මෙහෙ ආතක් පාතක් නැතුව කීයක් හරි හොයාගන්න රට ගිය අයට රටවිරුවන් කියලා පුම්බලා. එවන අය තමුන්ගේ පවුල්වලට කීයක් හරි එවයි. අනිත් අයගේ පස්සේ යන්න ඕනෑ නෑ. කොහොමත් මෙහෙ ඉපදිලා නොමිලේ අධ්‍යාපනය බෙහෙත් ගත්ත හැමෝම රටට නයයි කියලා විතරක් මතක තියාගන්න...
විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් රට රැකියා කරන අයගේ දරුවන්ට දෙනු ලබන ශිෂ්‍යත්ව අරමුදල් කිසිඳු දැනුම් දීමකින් තොරව අත්හිටුවා ඇත. 2020 වසරේ උසස් පෙළ විභාගය සමත්ව විශ්වවිද්‍යාලයට තේරී පත්වුණු දරුවන්ට ඔවුන්ගේ පළමු වසර අවසන් වෙන්නට ආසන්නව තිබියදීත් ඔවුන්ට ලැබිය යුතු ශිෂ්‍යත්ව අරමුදල් ලැබී නොමැත. මේ ගැන නිසි බලධාරීන් අවධානය යොමු කරන්න...!
මට මතක් වෙනවා කොරෝනා පටන් ගද්දිම කියපු කතාටික... එතකොට සංචාරකයෝයි, අපියි මිනිස් බෝම්බ.. දැන් පිළිගන්නේ වැඳලා, බෙරගහලා, නටලා... අනේ කාලේ වනේ වාසේ... රටේ ජනතාවත් කැමැතිවෙලා අත්පුඩි ගැහුවා... ගුවන් තොටුපළවල් වහපුවාම... මම විදෙස්ගත ශ්‍රමිකයෙක් වුණාට අපේ ගමේ සමාජ සේවකයෙක්... නමුත් කොරෝනා වෙලාවේ මරණ බියට ඉතාලියේ ඉඳලා එන්න හැදුවත් රටට එන්න දුන්නේ නැහැ. ඉතාලියේ බොස් සහ ඔහුගේ පවුල කිව්වා ඔබ ඔය රටට යන්න එපා. ඔය වගේ රටවල් වැඩක් නැහැ කියලා... ආත්මාර්ථකාමී කියලා. කතාව සහතික ඇත්ත. මොවුන් අපිව මුරුංගා අත්තේ තියන්නේ මොවුන්ගේ වාසියට..
මේ හොර රැල ඉන්න තුරු අපි නං ඩොලර් එවන්නේ නැහැ...
මේක කියන මිනිස්සුන්ට කටින්ද කතා කරන්නේ? $1000 එවන විට කීයක්ද කපන්නේ? ඒකයි මිනිස්සු සල්ලි එවන්නේ නැත්තේ...
මයිනාව පිටේ කොටාගත්තු ඉතාලි පච්චයාව හමුවෙන්න කැමතියි. මිලානෝ සන්බාබිලා වලට පැමිණ මාව හමුවන්න.