(විමුක්ති එස් රුද්‍රිගු)
විදේශ ගතව සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට එවන මුදල් ප්‍රමාණය ඉකුත් වසරේ ඔක්තෝබර් මසට සාපේක්ෂව මෙම වසරේ ඔක්තෝබර් මාසයේදී ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කළේය.
ඉකුත් වසරේ ඔක්තෝබර් මස විදේශ ගතව සිටින ශ්‍රී ලාංකිකයන්ගෙන් මෙරටට ඇමෙරිකානු ඩොලර් මිලියන 317.4 ක මුදලක් ඒවා ඇති අතර මෙම වසරේ ඔක්තෝබර් මස එය ඇමෙරිකානු ඩොලර් මිලියන 355.4 ක් දක්වා වැඩි වී ඇත.
COMMENTS
රුපියල හිර කරගෙන හිටපු නිසා මිනිස්සු උණ්ඩියල් ක්‍රමයට හුරුවුණා... 2020 ඔක්තෝබර් ඩොලර් මිලියන 750කට වඩා එවලා තියෙනවා. 2021 ජූනි ඉඳලා තමයි ඒක අඩු වුණේ... තවම ඒක හරි ගිහින් නේ... හොරු ආණ්ඩු කරන කල් අපි සල්ලි එවන්නේ නෑ.
රටේ තියෙන තත්වය එක්ක පිටරට ඉන්න අයගේ ගෙවල් වලින් ඥාති හිතමිත්‍රෙයා් උදව් ඉල්ලන එක වැඩිවෙලා තියෙන්නේ...
රටේ ජනාධිපති හොරපාරෙන් ආපු කෙනෙක්... මහ බැංකුව දෙපාරක් මංකොල්ල කාලා... වටේම ඉන්නේ හොරු සෙට් එකක්. ඩොලර් එවන්නම් ඡන්දයකින් පස්සේ. ඒකත් පත්වෙන කෙනා දිහා බලලා තමයි...
රට විරුවනි, ඔබට ජයම පතමු...
රු 1000 ක අද වටිනාකම රු 300ක් වත් නෑ. ඩොලර් එකට රු360ක් දුන්නාට ඒකෙ සැබෑ වටිනාකම රු 120ට වඩා නෑ. අපේ සැබෑ උද්ධමනය 116%. මිනිස්සු ඩොලර් එවන්නේ නැත්තේ ඒ නිසා. හරි වටිනාකම ලැබුණු දවසක ලංකාවට ඩොලර් උතුරනවා. හැබැයි උද්ධමනය තාවකාලිකව නගීවි, නමුත් ඩොලර් ගලා ඒමත් එක්ක ඒක සමතුලිත වෙනවා...
රට සල්ලි මෙහේ ආව ගමන් වැඩි හරියක් හිල් කුඩේට තමයි වැටෙන්නේ...!
රටම හොරා කාලා ජනතාව මහපාරට ඇදලා දාපු, ඩොලර් ගිලපු දූෂිත නායකයින් ඉන්නතුරු අපි ඩොලර් එවන්නේ නැහැ.
එවන සල්ලි වැඩිකරලා නෙවෙයි, රට දාල ගිය අය වැඩි වෙලා...
මේ හොර ආණ්ඩුව ඉන්නකල් අත්‍යාවශ්‍ය දේකට පමණක් මුදල් එවන්න. විදේශ සංචිත ඉහළ යනකොට මහ හොරුන්ට හොරාකාපු මුදල් රටින් එළියට යවන්න පහසුයි. මොකද කපුටත් ආයෙමත් කැරකෙන්නේ ජරාවම කන්නනේ...
ඔය සල්ලි එවන් නෑ කියන අය තමයි උන්ඩියල් හරහා සල්ලි එවලා රාජපක්ෂලාට හොරාකාපු රුපියල් ඩොලර් කරගෙන රටින් පිට කරන්න උදව් කරේ...
ඔය පට්ටපල් බොරු, හොරු රැල ඉන්නකන් ඩොලර් නැත.
"ෂිහ්!" පුවත දුටු සැනින් සජබ සහ ජවිපෙ වාදීන්ගේ සිතට එන ක්ෂණික සිතිවිල්ල.
කමෙන්ටු බැලුවාම පෙනෙන්නේ රටට නොව තම දේශපාලන නායකයාට බහුතරයක් ආදරය බවයි. රට බන්කොලොත් කර තමා ගේ දේශපාලන අරමුණු ගැන නොසිතන්න. හොරු ගැන කියවමින් දේශද්‍රෝහී කපටි හිවලුන් ට කඩේ නොයන්න. ඔවුන් දන්නා ආර්තිකයක් නැත.
පවුලේ උදවියට විතරක් සෑහෙන්න සල්ලි එවන්න. මෙහෙ ඉන්න අයගේ කටවල් වල තාම පන තියෙනවා.
රාජපක්ෂලාගේ වහල්ලුන්ට වඩා දැන් ආණ්ඩුවට කඩේ යන්නේ රනිල්ගේ අය.
මේ හොරු බලයෙන් පහකරලා අරගල කරුවන්ගේ ආණ්ඩුවක් පිහිටුවා, හොරු ඔක්කොම පවුල් පිටින්ම කුඩුවලට දමලා අවසන්වුන වහාම අපි පොලිත් එක්කම සල්ලි ලංකාවට එවනවා.
අපි කවදාවත් සල්ලි එවන එක නැවැත්තුවේ නැහැ, දේශපාලකයෝන්ගේ වැරදි වලට මුළු රටවැසියන්ගේන් පලිගන්න බැහැ
පාස්පෝට් ගාස්තු නොසෑහෙන්න වැඩි කරලා, පාස්පෝට් ගන්න දිනයක් ගන්න මාස පමණ පොරොත්තු ලේඛනයේ ඉන්න ඕන.
දැන් රට විරුවෝ...
දැන් රට විරුවෝ කොරෝනා කාලේ කොරෝනා බෝම්බ... අපිට තියෙන මූලික ප්‍රශ්නය ඉලෙක්ට්‍රික් කාර් නොවේ.. මුලින් නම් කරුණාකරලා සාධාරණ මුදලකට රස්තියාදු නොවී පාස්පෝට් එක හදාගන්න කටයුතු සලස්වලා දෙන්න. වෙනත් රටවල්වල මේවා සාමාන්‍ය දේවල්... තමන් පදිංචි ප්‍රෙද්ශයෙන්ම මේවා අයදුම් කරලා දවස් කීපයක් තුළ ලබාගන්න පුළුවන්... ඒකවත් කරලා දෙන්න බැරි නම් අපි කොහොම හරි දුක් විඳලා හරි, පගාව දීලා හරි ඒක කරගන්නම්... අපෙන් යමක් බලාපොරොත්තු වෙනවා නම් අපේ මූලික අවශ්‍යතා ටික හරි ලබාදෙන්න.
ලංකාවේ ආගමන විගමන පාලකයෝ හොර දේශපාලකයන් ගැන මගේ නම් කිසිම විශ්වාසයක් නැහැ... 90 දශකයේ සාමාන්‍ය සේවය යටතේ රුපියල් 2000-3000 වියදම් කරලා සති 2-3 ගන්න ගමන් බලපත්‍රය ගන්න එදා වගේ 10 ගුණයක් ගමණ ගෙවලා මාස ගාණකට පෙර දිනයක් වෙන් කරගෙන, දවසේම රස්තියාදු වෙලත් කරගන්න බැහැ. සල්ලි නෙවෙයි මේ අයට එවන්න තියෙන්නේ..! ඔබලා මුලින්ම මුලින්ම ඔබලාගේ වැරැදි ටික පිළිඅරන් ඒවා හදාගන්න.
අපි කාගෙවත් විරුවෝ නොවේ. නිකන් බටර් ගාන්නේ නැතිව ඉන්න...
දේශපාලකයින්ට බුරියානි කන්නට, පිටරටවල වහල් සේවය කරන උදවිය කරුණාකර ඩොලර් එවනු මැනවි...!
ඩොලර් අගය අනිත් සෑම මුදල් ඒකකයකට ම වඩා වැඩිවෙනවා. ඒත් රුපියලට එරෙහිව ඩොලරය අඩුවෙනවා. අද ඩොලර් ඒ නියම වටිනාකම රුපියල් හයසිය පනහක් වත් වෙනවා. ඩොලර් ට නියමිත අගය ලබාදෙන්න. එතකොට ඩොලර් ලැබේවි...!
රට ඉන්න අය සල්ලි එව්වම එයාලට රුපියල් ලැබෙනවා ඒ නිසා එයාලා ඒක ගැන ඕනවට වඩා හිතන්න ඕන නැහැ.
සල්ලි කීයක් හරි හොයලා එවනකල් රටවිරුවා ඒ වෙනුවෙන් රජයෙන් මොනවද කරන්නේ? ජාතියම ණයයි විශේෂයෙන් මැද පෙරදිග යන කාන්තාවන්ට.
අතේ තියන විදේශ මුදල් පරිස්සම් කොට තබාගන්න. අනික, පිස්සුද, ඩොලර් හෝ වෙනත් විදේශ මුදලක් දීලා මේ කිසිම වටිනාකමක් නැති රුපියල් කොළවලට මාරු කර ගන්න. අදටත් විදේශ මුදල් වලට නිසි වටිනාකමක් නොදී, අසරණ ජනතාවගේ මුදල් මේ රටේ පාලකයින් ගසා කනවා. නිකමට හිතන්න, ඔබ ළඟ ඩොලර් ටිකක් ඉතුරු කරගෙන හිටියා නම් අද වෙද්දී, වටිනාකම දෙගුණයක් වෙලා. ඉදිරියේදී ඒ වටිනාකම, තව කිහිප ගුණයකින් වැඩිවේවි... ද්විත්ව පුරවැසිභාවය ලබා ගැනීමට ඩොලර් දෙසීයක් කර තිබෙන්නේත්,රට විරුවන්ට තියන ආදරයටනේ නේද? පිටරටක පුරවැසිභාවය ලබා ගන්නවත් ඔතරම් මුදලක් ඒ අය අය කරන්නේ නැහැ... පේනවනේ ලංකාවේ අමන තක්කඩි පාලකයින්ගේ කෙරුවාව? කොහෙද ඉතින් ගවයින්ට කොහෙද ඕවා තේරෙන්නේ? ඔවුන් මඩට ආදරෙයි කොහොමත්...
ලොකු වෛරයක් තියෙනවා මටත්, මගේ රටේ දේශපාලන ක්‍රමයට විරුද්ධව... නමුත් මේ වෙලාවේ නැති සහයෝගය මගේ රටට දෙන්නේ නැත්නම්..., තමුන් උපද්දවපු අම්මාට නොසලකා හැරියා වගේ...
රට විරුවෝ සෑහෙන්න සල්ලි එවලනේ...! අරුන්ට වැඩි වැඩියෙන් බුරියානි කකා තෙලේ බහින්න මේස ලාම්පු, මයික් පුටු බංකු, කඩ කඩා ඔලුබක්කෝ නටන්න පුළුවනි...!