
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)
රට වෙනුවෙන් හොඳම ගිවිසුම ලබා ගන්නට විපක්ෂය සහයෝගය දෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
රටේ අපනයන වලින් 26.4%ක ගමනාන්තයක් ලෙස ඇමෙරිකා එක්සත් ජනපදය හැඳින්විය හැකි බව කී විපක්ෂ නායකවරයා ඇගලුම් ක්ෂේත්‍රයේ ද 60%ක ගමනාන්තය ඇමෙරිකාව බව කීය.
"මෙම බදු පැනවීම 44% සිට 30% දක්වා අඩු වීම හොඳ වුවත් අප සමග අපනයන තරඟකාරීත්වය ඇති රටවල් සමඟ සාපේක්ෂාව ලැබූ බදු සහන ගැනත් සිතිය යුතුයි.
ජපානය 25%ක්, මෝල්ඩෝව 25%ක් බෘනයි 25%ක් ද.කොරියාව සහ කසකස්ථාන් ද 25%ක්, ඉන්දියාව 26%ක් දක්වා බදු අඩු කර ගෙන ඇති බවද විපක්ෂ නායකවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතුමා දීපු සහාය නිසා තමයි රටට හොඳම මහබැංකු අධිපති, අර්ජුනව සිංගප්පූරුවෙන් ආනයනය කරන්න පුළුවන් වුණේ...
අන්න එහේම වැලක් බලලා එල්ලෙන්න. නැතිනම් ගහගෙන යනවා.
ඊට වඩා හොඳ නැද්ද අසමගි ජන බලවේගයේ ඇතුලේ තියෙන ප්‍රශ්න ගැන හොයලා විසඳුම් දෙනවා නම්... නැත්නම් පක්ෂේ හෝදාපාලුවට යන්න ඉඩ තියෙනවා.
ඔයාට දෙන්න පුළුවන් ලොකුම සහයෝගය තමයි ආණ්ඩුවට වැඩේ කරගෙන යන්න ඉඩ දීලා කට වහගෙන පැත්තකට වෙලා ඉන්න එක...!
එල්ලෙන්න වැලක් නෑ...
මෙයා ජනපති වුණා නම් ඇමරිකාවේ බදු 44% ඉඳන් 144%ට යනවා... මොකද පණ්ඩිතකමට.
ඡන්දවලින් පැරැදි පැරැදී ඉන්නවාට වඩා විපක්ෂ නායකකම හරි හමන් කෙනෙකුට දෙනවා නම් ලොකු දෙයක්...!