IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


රට මත්පැන් විස වී අයියා-මලෝ මරුට

(පුෂ්පකුමාර මල්ලවආරච්චි)

විදෙස් රටකින් ගෙනා බව කියන මත්පැන් වර්ගයක් පානය කිරීම හේතුවෙන් අසාත්මිකතාවයකට පත්ව රෝගාතුරවූ පුද්ගලයින් සිව්දෙනෙකු රෝහලට ඇතුලත් කිරීමෙන් පසු එයින් දෙදෙනෙකු මරණයට පත්ව ඇතැයි මීරිගම පොලිසිය කියයි.

මියගොස් ඇත්තේ ගල්නෑව වෙරුම්කුලම, නෑගම්පහ  පදිංචිකරුවෙකු වන කේ.ජී. අනුර කොඩිතුවක්කු (54)  හා  දියපැලියගම  නෑගම්පහ ලිපිනයේ පදිංචි කේ.ජි චිත්‍රානන්ද කොඩිතුවක්කු (47) යන දෙසොහොයුරන් ය.

අඹේපුස්ස මොට්ටෑවවත්ත ප්‍රදේශයේ පැවති සිය මවගේ අවමංගල උත්සවය බාල පුතුගේ නිවසේ තිබී ඇති අතර, ඉන් පසු සත්දින දානයට සහභාගිවීමට පැමිණ සිටියදි මෙය සිදුව ඇත. මත්පැන් වර්ගයක් පානය කිරීම හේතුවෙන් අසාත්මිකතාවයකට පත්ව එම සිව්දෙනාගේ පපුව ප්‍රදේශයේ ඇති වු අසනීප තත්වයක් හේතුවෙන් මිරිගම රෝහලට ඇතුලත් කර තිබිණි. එසේ ප්‍රතිකාර ලබමින් සිටියදි,එක් අයකු ඊයේ (14) රාත්‍රියේදී මීරිගම මූලික රෝහලේදී හා ඔහුගේ සහෝදරයා අද(15) අලුයම වරකාපොල මුලික රෝහලේදී මරණයට පත්ව ඇත.

මත්පැන් සාදයට එක්ව සිටි අනෙක් පුද්ගලයා වන හමුදා සෙබළා ඊයේ (14) නෙරියකුලම 213 බල සේනා මූලසථානයේ රාජකාරි වාර්තා කිරීමට පිටව ගොස් ඇති බවටද පොලිසිය කරුණු අනාවරණය කරගෙන ඇත. ඔහුගේ තත්ත්වය සොයා බැලීමේදී එම සෙබලා හදිසියේ අසනීපව අනුරාධපුර මහ රෝහලට ඇතුලත් කර  ඇතැයි හෙළි වී ඇත. මියගිය අයවලුනගේ මස්සිනා මීරිගම රෝහලේ  තවදුරටත් ප්‍රතිකාර ලබමින් පසුවන බව පොලිසිය කියයි.

මත් පැන් බිව් සිව්දෙනාගෙන් තිදෙනෙකු මස්සිනාවරු බව හෙළි වී ඇත.

අවමගුල් නිවසට යාබද නිවසේ පදිංචි කොළඹ වරායේ සේවය කරන පුද්ගලයකු මෙම මත්පැන් බෝතලය ලබාදී ඇති බවද පොලිස් පරීක්ෂණවලදී හෙලිවී ඇත. එහි වර්ගයක් හෝ නාමයක් දැනගන්නට නැතැයිද පොලිසිය කියයි. එම පුද්ගලයා අද උදෑසන නීතිඥයකු මාර්ගයෙන් මීරිගම පොලිසියට බාරවී ඇත.

මිය ගිය පුද්ගලයන් දෙදෙනාගේ පශ්චාත්  මරණ පරික්ෂණය හා හදිසි මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතය.



අදහස් (7)

රට මත්පැන් විස වී අයියා-මලෝ මරුට

රොශාන් Tuesday, 15 December 2020 04:28 AM

තමන්ගෙ අම්මගෙ හත් දවසෙ දානෙ දවසෙ බීපු අයට සොබාදහම දුන් දඩුවමක්.

:       4       15

Bamunuarachchi Tuesday, 15 December 2020 07:21 AM

බොනවා නම් බ්‍රැන්ඩි එකක් ගන්න.

:       9       4

sandun Tuesday, 15 December 2020 07:30 AM

සිය මවගේ අවමංගල උත්සවයටත්, ගැහැණු ළමයෙක් ලොකු වුනාම බොන මිනිස්සු ඉන්නා රටක්

:       3       20

chandimal Tuesday, 15 December 2020 08:04 AM

මත්පැන් බොන්නේ බූරුවන්ය.

:       5       16

AbaTuesday, 15 December 2020 11:15 AM

අද තමයි මත්පැන් බොන බූරුවො ගැන ඇහුවෙ. කොහෙද දන්නෑ ඉන්නෙ?

:       5       0

RaveendraWednesday, 16 December 2020 01:26 AM

මිනිස් ආත්ම ලැබූ තිරිසනුන් පිලිබදව ඔබ අසා නොමැතිවීම කනගාටුවකි. එවන් තිරිසනුන් ඉන්නෙත් ඔබ අප අවට බවවත් නොදැනීමත් අභාග්‍යයකි. තමන්ගේ හිතට එකගව අවංකව හොදින් නෙත් විවර කර බලන්න අවට පරිසරය දෙස ඔබට බුරුවන් තොගපිටින් දැකිය හැක. විශේෂයෙන් ආගමික උත්සවයකදී,පිංකම් අවස්ථාවකදී අවමංගල්‍ය අවස්ථාවකදී එවන් බුරුවන් පට්ටි පිටින්ම නොදැකීමට නම් ඔහු හෝ ඇය ආබාධ ඇති කෙනෙකු විය යුතුමය.

:       2       5

sunil Tuesday, 15 December 2020 11:08 AM

අනිවාර්යයෙන්ම වරායේ සේවය කල පුද්ගලයාට මෙය ලැබී ඇත්තේ වරායෙන්මයි. අද රටේ ඉන්න අය මත් පැන් යයි කියා දුන්නොත් ගොම වුණත් බොයි. රටේ මිනිසුන් ඒ තරම් පිරිහිලා.

:       0       16

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 510 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2246 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1680 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site