(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

රට පුරා දිනපතා සිදුවන වෙඩි තැබීම් පාලනයට රජයට හැකියාවක් නැතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද චෝදනා කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙසේද පැවසීය.

අද රටේ නීතිය හා සාමය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. දිනපතා රට පුරා වෙඩි තැබීම සිද්ධ වෙනවා. දිනපතා ජීවිත නැති වෙනවා. ජීවිත අනාරක්ෂිතයි.  මේක පාලනය කරගන්න ආණ්ඩුවට බැහැ.

කථානායක

විපක්ෂ නායකතුමා ඕක පොයින්ඔප් ඕඩර් එකක් නෙවෙයි. කරුණාකරලා වාඩිවෙන්න.

මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා

මෙතන සම්ප්‍රදායක් තියෙනවා. සාමාන්‍යයෙන් විපක්ෂ නායකවරයෙක් නැගිට්ටම එතුමට ඉඩ දෙනවා. ඔබතුමා මොනවද මේ කරන්නේ?.