(බිමල් ශයාමන් ජයසිංහ සහ බුද්ධික කුමාරසිරි)

අතුරුගිරිය පරණ හන්දිය, ප්‍රදේශයේ හෝටලයක සේවකයකුට අද රාත්‍රී වෙඩි තබා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි නීතිවේදී එෆ් යු වුට්ලර් මහතා පැවසීය.

තුවාල ලද සේවකයා ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහල වෙත ඇතුලත් කර ඇත.

තුවාල ලද එම හෝටල් සේවකයා එහි කොත්තුබාස් බව පොලිසිය කියයි.

සුදු පාටට හුරු යතුරුපැදියකින් පැමිණ තිබූ නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු මෙම වෙඩිතැබීම සිදුකර ඇති බව පොලිසිය සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණයය වී ඇත.

ඉකුත් මස 17 වෙනිදින හෝමාගම මුල්ලේගම මලවියා කන්ද ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිටදී වෙඩි ප්‍රහාරයට ලක් වූයේ මෙම හෝටලේ හිමිකරුගේ 26 හැවිරිදි පුත්‍රයා බවත් ඔහු එදින තුවාල ලැබූ බවත් පොලිසිය සඳහන් කරයි.

තුවාල ලද එම පුද්ගලයා ඩුබායි රාජ්‍යයේ සැඟව සිට මෙරට මත්ද්‍රව‍ය ජාවාරමේ නිරත ඩඩ්ලිව් ඩි කසුන් නොහොත් හබරකඩ කසුන් නැමැත්තාගේ මස්සිනා බව පොලිසියකියයි.