IMG-LOGO

2025 නොවැම්බර් මස 02 වන ඉරිදා


රට පුරාම පෝලිම් තව දිග්ගැස්සෙයි

(සුජිත් හේවාජුලිගේ )

රටපුරා ඉන්ධන සහ ගෑස් පෝලිම් පසුගිය දිනවල තරමක් අඩුවී තිබුණත් අද (28) දිනයේ  වාහන  පෝලිම් යළිත් වැඩිවී තිබෙනු දැකගත හැකිවූ අතර ඉන්ධන ලබා ගැනීමට  පැමිණි දහස් සංඛ්‍යාත පිරිසක් මේ  පෝලිම් හේතුවෙන් දැඩි දුෂ්කරතාවයට පත්වූහ.

ඉන්ධන පිරවුම්හල්වල   පෝලිම්  හේතුවෙන් ඒ ආශ්‍රිත ප්‍රධාන මාර්ගවලද අධික රථවාහන තදබදයක් ඇතිවිය.

බොහෝ ඉන්ධන පිරවුම්හල් අසල අද වැඩිපුරම දක්නට ලැබුණේ  ඩීසල්  සඳහාවූ පෝලිම්ය.

පැට්‍රල් සඳහාවූ පෝලිම්ද  සමහර ස්ථානවල  දැකගත හැකිවිය.

සමහර ඉන්ධන පිරවුම්හල් අසල ඩීසල් සඳහාවූ වාහන   පෝලිම් මීටර් සියය දෙසීය  දක්වා  දිගුවී  තිබූ අතර  පොදු ප්‍රවාහන බස් රථ, කන්ටේනර් රථ  සහ පාසල් ළමයින් ප්‍රවාහනය කරන බස් රථද ඒවායේ  සුලභව දක්නට ලැබුණු බව අප වාර්තාකරුවෝ පැවසූහ.

කොළඹ සහ ඒ අවට ප්‍රදේශවල ඉන්ධන පිරවුම්හල් රැසක් අද වසා තිබෙනුද  දැකගත හැකිවිය.

ඉන්ධන ප්‍රශ්නය නිසා කොළඹ සහ ඒ අවට ඇතැම් ඉන්ධන පිරවුම්හල් අසල  යම් යම් නොසන්සුන්කාරි සිද්ධීන්ද ඇතිවූ බව වාර්තාවිය.

මේ අතර කොළඹ මීගමුව ප්‍රධාන මාර්ගයේ  ජාඇල කපුවත්ත හන්දිය ප්‍රදේශය හරස් කරමින් පිරිසක් අද විරෝධතාවක නිරත වූහ.

සිපෙට්කෝ ඉන්ධන පිරවුම් හලකට රැගෙන ආ ඉන්ධන  එහි සේවකයන් ලබා නොදෙන බවට චෝදනා කරමින් ඔවුහු මෙසේ   විරෝධතාවයේ   නියැළුණහ.

මේ හේතුවෙන් කොළඹ මීගමුව  ප්‍රධාන මාර්ගයේ දැඩි රථ වාහන තදබදයක්ද  අද  පෙරවරුවේ ඇතිවිය.

බොහෝ ඉන්ධන පිරවුම් හල් වසා තිබීම, ප්‍රමාණවත් ඉන්ධන තොග ඉන්ධන පිරවුම්හල් වලට නොපැමිණීම සහ  බැරල් වලට ඉන්ධන නිකුත් නොකිරීම   යනාදී හේතූ ඉන්ධන පෝලිම් වැඩිවීමට  බලපා තිබූ බව  අප කළ සොයා බැලීම්වලදී  තොරතුරු අනාවරණය විය.

රටපුරා බොහෝ ස්ථානවල ගෑස් පෝලිම්  දක්නට ලැබුණු අතර  ගෑස් ලබාගැනීමට පැමිණි දහස් සංඛ්‍යාත පිරිසක් මේ නිසා දැඩි දුෂ්කරතාවයට  පත්වූහ.

ගෑස් පෝලිම්  වැඩි වශයෙන් දක්නට ලැබුණේ   කොළඹ සහ ඒ අවට තදාසන්න ප්‍රදේශවලය.

මේ සම්බන්ධයෙන් අප ඛනිජ තෙල් සංස්ථාවේ උසස් නිලධාරියකුගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ වෙළෙඳපොළට ප්‍රමාණවත් පරිදි  ඉන්ධන තොග නිකුත් කර ඇති බවයි.

රටේ ඉන්ධන අර්බුදය එළඹෙන සිංහල අලුත් අවුරුදු සමයෙන් පසු පහව යනු ඇතැයි බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පැවසීය.

පිරිපහදුවට තෙල් ඇනවුම් කරගෙන යන බවත් පිරිපහදුවේ ඉන්ධන  මෙට්‍රික් ටොන් දෙලක්ෂ පහළොස්  දහසක්  ගබඩා කළ හැකි බවත්  ඔහු සඳහන් කළේය.

එවිට තාප බලාගාරවලට  ඉන්ධන සැපයීමටද  ගැටලුවක් ඇති නොවනු ඇතැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

(ඡායාරූප: ළහිරු හර්ෂණ)


(ඡායාරූප: ශාන්ත රත්නායක)



අදහස් (1)

රට පුරාම පෝලිම් තව දිග්ගැස්සෙයි

බද්රානි Tuesday, 29 March 2022 08:18 PM

පහුගිය කාලේ උඩ පැනපු අයගේ හුළං බැහැලා වගෙයි දැන්... ඇයි ඔබලාට දරවලින් උයාගන්න බැරිද? ලාම්පු කුප්පියක් දල්වාගෙන රාත්‍රිය ගත කරන්න බැරිද? පිටරට කිරිපිටි වෙනුවට දියර ටින්කිරි ටිකක් බීලා දේශීය සංස්කෘතිය තුළ ලෙස ජීවත් වෙන්න බැරිද? ඉතින් එහෙම වුණාම ඩොලර් පිටරටට ගලා යන්නෙත් නැහැ. ලංකාවේ ඉඳගෙන සුද්දන්ට බනින්න ඕනත් නැහැ. එතකොට ජාත්‍යන්තර කුමන්ත්‍රණ කරලා සුද්දෝ. ලංකාව අල්ලගන්න එන එකකුත් නැහැ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1875 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1509 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 529 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site