IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


රට පුරා විදුලි බිඳවැටීම් 29000ක්

(යොහාන් භාසුර)

රටතුළ පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් රට පුරා විදුලි බිඳවැටීම් 29015ක් වාර්තා වී ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශයකල ඉංජිනේරු ධම්මික විමලරත්න මහතා අද (30) පැවසීය.

සමස්ත රටම ආවරණය වන පරිදි මෙම විදුලිය බිඳවැටීම වාර්තා වී ඇති බවත් විදුලිය බිඳවැටීමේ අවස්ථාවන් සංඛ්‍යාව මීට වඩා වැඩිවිය හැකි බවත් විමලරත්න මහතා කීය.

මෙම විදුලි බිඳවැටීම්වලින් වැඩි ප්‍රමාණයක් යථාතත්වයට පත්කර ඇති බව කී විමලරත්න මහතා  සීමිත කාර්ය මණ්ඩලය සහ සීමිත සම්පත් හේතුවෙන් ඇති වන අභියෝග නොතකා බිඳවැටීම් යථාතත්වයට පත්කිරීමට විදුලිබල මණ්ඩලයේ කණ්ඩායම් කටයුතු කරමින් සිටින බව ද සඳහන් කළේය.

අයහපත් කාලගුණයත් සමඟ කිසියම් ප්‍රදේශයක විදුලිය බිද වැටීම් තිබේ නම් 1987 කෙටි දුරකථන අංකය ඔස්සේ හෝ CEBCare හරහා දැනුම් දෙන ලෙස ඉල්ලා සිටින බව ද ඒ මහතා පැවසීය.

විදුලිය සැපයුම බිඳවැටී ඇති ප්‍රදේශවල සැපයුම යථා තත්ත්වයට පත්කිරීමට අමතර කණ්ඩායම් අනුයුක්ත කර ඇති බවද ධම්මික විමලරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේය.



අදහස් (0)

රට පුරා විදුලි බිඳවැටීම් 29000ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 203 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 166 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site