
(රංජන් කස්තුරි)
රජයේ සහ රජයේ අනුමත පාසල් හි 6,7,8, සහ 9 ශ්‍රේණිවල අධ්‍යාපන කටයුතු ලබන සඳුදා ආරම්භ කරන බව අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසයි.
එම ශ්‍රේණි ආරම්භ කිරීමත් සමඟ පාසල්වල සියලුම ශ්‍රේණිවල අධ්‍යාපන කටයුතු සාමාන්‍ය පරිදි සිදු කරන බව ද අධ්‍යාපන ලේකම්වරයා කියයි.
දුරස්ථභාවය සහ සෞඛ්‍ය නිර්දේශ අනුව එක් පන්තියකට එක් දිනකදී කැඳවිය යුතු සිසුන් සංඛ්‍යාව තීරණය කිරීමේ වගකීම විදුහල්පතිවරුන් වෙත පවරා තිබෙන බව ද ලේකම්වරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වසර 2කට අසන්න කාලයක් විශාල වශයෙන් මගහැරුණු විෂය කරුණු ඉදිරි දින 100ක් පාසල් පවත්වා ආවරණය කිරීමට අදහස් කරයි. නමුත් පාසල් කැඳවන සිසුන් ගණන සීමාවීම නිසා සත්‍ය වශයෙන් සිසුවෙකුට දින 100ක පාසල් අධ්‍යාපනයක් නොලැබෙනු ඇත. පසුගිය වසර 2 පුරා පාසල් අධ්‍යාපනය සඳහා නිසි වැඩපිළිවෙලක් සකස් කිරීමට මෙම බලධාරීන්ට නොහැකි විය. දැන්වත් ප්‍රායෝගික සෑම දරුවෙකුටම සාධාරනව මගහැරුණු විෂය කරුණු ආවරණය කරගැනීමට වැඩ පිළිවෙළක් නැති සේය. බොහෝ පාසල්වල සිසුන් ගණන අනුව දින 100න්, දින 50ක් වත් දරුවන්ට පාසල් අධ්‍යාපනය ලැබීමට හැකිවේ දැයි සැක සහිතයි...
සිසු දරුවන් වසර 2ක් තුල දැනට වාර විභාග 5 කට මුහුණදී නැත. දැන් ඇති වැදගත්ම කාරණයක් වන්නේ සියලු දරුවන්ගේ වර්තමාන විෂය දැනුම පිළිබඳ සංඛාත්මක තක්සේරුවක් හැකි ඉක්මණින් ලබාගැනීමයි. මෙම දරුවන් මතු දිනක දීප ව්‍යාප්ත විභාගවලට මුහුණ දියයුතු බැවින් ඔවුන්ගේ වර්තමාන විෂය දැනුම පිළිබඳ සැබෑ ස්වරුපය අධ්‍යාපන අමාත්‍යංශ දැනගැනීම ඉතා වැදගත්... අධ්‍යාපන අමාත්‍යාංශ මට්ටමෙන් සැකසුණු (පළමු හෝ දෙවන) වාර විභාගයක් දීප ව්‍යාප්තව පවත්වා සියලු ලකුණු එක් රැස්කර විශ්ලේෂණය කර ගැටළු හඳුනාගෙන පිළියම් යොදන්න. අධ්‍යාපන අමාත්‍යංශ මට්ටමෙන් සැකසුණු වාර විභාග ඉදිරි වසර සඳහාද පවත්වා ලකුණු වල ප්‍රගතිය නියාමනය කරන්න. මෙම ක්‍රියාවලිය තව වසර 10ක් පමණ ලංකාව මුහුණ දිය හැකි භයානක අධ්‍යාපන අර්බුදය යම්තාක් දුරකට සමනය කරගැනීමට පිටිවහලක් වනු ඇත.
රජයේ අනුමැතිය නැති පාසල් ලංකාවේ තියෙනවද? එහෙම තියෙනවා නම් එක රටක්... එක නීතියක් කියන එක බොරුවක් වෙනවා.
දරුවන්ට බෙහෙත් විදලා නෑ.කොරෝ්නා හැදෙයිද දන්නෙත් නෑ.දරුවන් අධ්‍යාපන මට්ටම අතින් නම් පහළටම වැටිලා.මානසික පීඩනයත් වැඩිවෙලා.දවස් කීයක් පාසල් පවත්වන්න වෙයිද දන්නෑ. හිතේ දෙගිඩියාවෙන් පාසල් යවන්න සිදුවන්නේ.