
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
දිවයින පුරා ජාතික සහ පළාත් පාසල්වල ගුරු පුරප්පාඩු 36,178ක් පවතින බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අැමැතිනී අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය පාර්ලිමේන්තුවේදී අද (21) පැවැසුවාය
ජාතික පාසල්වල පුරප්පාඩු 1,501ක් ඇති බවද අැය කීවාය
පළාත් පාසල් ලෙස බස්නාහිර ගුරු පුරප්පාඩු 4,630ක්ද , දකුණ 2,513ක්ද , මධ්‍යම 6,318ක්ද, වයඹ 2,990ත්ද , ඌව 2,780ක්ද , උතුරු මැද 1,568ක්ද, නැගෙනහිර 6,613ක්ද, සබරගමුව 3,994ක්ද සහ උතුරු පළාතේ ගුරු පුරප්පාඩු 3,271ක්ද වාර්තාවී ඇතැයි අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය.
ඉදිරියේ දී දිවයිනේ ජාතික පාසල්වල විද්‍යා, ගණිත, තාක්ෂණ විෂයන්, විදේශ භාෂා සහ 13 වසරක අඛණ්ඩ විෂයන් සඳහා මෙන්ම අපොස උසස් පෙළ සිංහල, ඉංග්‍රීසි සහ දෙමළ මාධ්‍ය පුරප්පාඩු සඳහා පසුගිය 2024.07.28 වන දින සිට බඳවා ගැනීම් කර ඇතැයි කී අැය ගුරු සේවයේ තුන්වන (ආ) 1 ශ්‍රේණීයට අයත් වැඩභාර නොගත් උපාධිධාරීන් 353ක් ඉදිරි මාස 2ක තුළ බඳවා ගැනීමට නියමිත බවද පැවසුවාය.
මීට අමතරව ගුරු සේවයේ පුරප්පාඩු සම්පූර්ණ කිරීමට අග්‍රාමාත්‍ය ලේකම්ගේ ප්‍රධානත්වයෙන් පිහිටුවා ඇති බඳවා ගැනීම් සමාලෝචන කමිටුවට ඉල්ලීම් ඉදිරිපත් කර එම පුරප්පාඩු සම්පූර්ණ කිරීමට අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග ඉක්මනින් ගන්නා බවද අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් කියා සිටියාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd