උපුල් වික්‍රමසිංහ
පළාත් පාලන ආයතන මගින් පවත්වාගෙන යන විවෘත කසල බැහැර කිරීමේ ස්ථාන (කුණු කඳු) 339 ක් ශ්‍රී ලංකාව තුළ තිබෙන බව අනාවරණය වී තිබේ. විශේෂත්වය වන්නේ ඒවා අතරින් 60 කට වැඩි ප්‍රමාණයක් වනාන්තර සහ තෙත් බිම් ආශ්‍රිතව පිහිටා තිබීමය.
විවෘත කසළ බැහැර කිරීමේ මධ්‍යස්ථාන වැඩිම ප්‍රමාණයක් ඇත්තෙ දකුණු පළාතේ වන අතර එය 60 කි. බස්නාහිර පළාතේ 51 කි. වැඩිම කසල ප්‍රමාණයක් රැස්වන විවෘත කසළ බැහැර කිරීමේ මධ්‍යස්ථානය වන කරදියාන මධ්‍යස්ථානයේ මෙට්‍රික් ටොන් 3,000,000 ක කසල ප්‍රමාණයක් ඇති බවත් අනාවරණය වෙයි.
ලංකාවේ දිනකට කසළ මෙට්‍රික් ටොන් 7500 ත් 8000ත් අතර ප්‍රමාණයක් ජනනය වන බවත් පළාත් පාලන ආයතන මගින් එකතු කරන්නේ මෙ.ටො. 3500 ත් 4000 ත් අතර ප්‍රමාණයක් බවද අප කළ විමසීමකදී මධ්‍යම පරිසර අධිකාරියේ ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ සරෝජනී ජයසේකර මහත්මිය පැවසුවාය. මෙහි විශේෂත්වය වන්නේ ලංකාවේ දිනකට එකතුවන කසල අතරින් සියයට 50 ක් දිරායන කසළ වීමයි.
ශ්‍රී ලංකාවේ කසළ කඳු භාවිතා කර කොම්පෝස්ට පොහොර නිෂ්පාදනය පළිබඳව මේවනවිට යම් අදහස් පැන නැගුනද මෙම කසළ කඳු බොහොමයක නොදිරන කසළ සහ ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍යද ඇති බැවින් ඒවායින් කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය කිරීම අන්තරාදායක විය හැකි බව විශේෂඥ මතය වී තිබේ.
නාගරික ඝන අපද්‍රව්‍ය කළමනාකරණය සම්බන්ධ පර්යේෂණ සිදු කර ඇති පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පරිසර ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාදාර්ය අනුරුද්ධ කරුණාරත්න මහතා , මෙවැනි කසළ වලින් හදන කොම්පෝස්ට්වල ප්‍රමිතිය අඩුයි. මේ කුණු කඳුවල විෂ බීජ බොහොමයක් තිබෙනවා. මේ නිසා මේවායින් හදන පොහොර ලෝකයේ කිසිම රටක කෘෂිකර්මාන්තයට පාවිච්චි කරන්නෙ නෑ. මේ ගැන කරලා තියන පර්යේෂණ වලින් පවා ඒක ඔප්පු වෙලා තිබෙනවා. යැයි පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ තියෙන්නේ කාබනික පොහොර ගොවියන්ට නොමිලයේ වහාම නිකුත් කරන්න. එහෙම නොකරන පළාත් පාලන ආයතන විසුරුවා හරිනු..
"පරිසර ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය" මේ බමුණු තනතුරු වලට කවදාවත් රටේ ප්‍රශ්නවලට විසඳුම් නැහැ. සියලු කරුණු කියන්නේ තවදුරටත් කසල කඳු ගොඩගහගන්න පමණයි..
පරිසරය, ජනතාව විනාශ වෙනවා මේ අය නිසා... ඇවිදින කුණු කඳු තමයි...
කුණු කසල ගෙනැල්ලා වෙන් කරලා ගන්න ඕනෑ පොහොර හදන්න. කුණුවලින් ජලය අරන් වතුර බෝතල් හදනවා මම දැකලා තියෙනවා.
කයිවාරු ගහන හැම පක්ෂයක්ම පාර්ලිමේන්තුව් නියෝජනය කරා.., ප්‍රාදේශීය සභා නියෝජනය කරා.., පළාත් සභා නියෝජනය කරා... මේ අය මොනවද අප්පා මේ කුණු කඳු ගැන කරලා තියෙන්නේ. හැබැයි හැම එකාම කෝටිපති සල්ලි කාරයින් වෙලා V8 වල යන " ප්‍රභූවරුන් " වෙලා...