
(ටී.කේ.ජී.කපිල)
ඩුබායි බලා පිටත්ව යාමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ඩෑන් ප්‍රියසාද්, කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ඊයේ (20) රාත්‍රීයේ ආපසු හරවා යවා තිබේ .
ඔහුට එරෙහිව අධිකරණය මගින් පනවා තිබූ විදෙස් ගුවන් ගමන් තහනමක් පැවතීම නිසා , ඔහු කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ඔහු ආපසු හරවා යවා තිබේ .
ලියනගේ අබේරත්න සුරේෂ් ප්‍රියසාද් නැමැති මොහු ඩුබායි බලා පිටත්ව යාමට නියමිත එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.-653 දරන ගුවන් යානයට පිවිසීම සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත ඊයේ රාත්‍රී 08.35ට පැමිණ තිබුණි .
ඩෑන් ප්‍රියසාද් 2022 මැයි 09 දින කොළඹ ගාලු මුවදොර සාමකාමී විරෝධතාවයට පහරදීමේ නඩුවේ 06 වැනි විත්තිකරු ලෙස නම් කර තිබේ .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නැව ගිලෙන්න යන කොට මුලින්ම එලියට පනින්නේ මීයෝ.....
මේ වගේ අපරාද කාරයන්ට ඇයි මෙහෙම පසිද්ධියක් දෙන්නේ
අනේ එයාටත් ජපන් වල හදිසි සංදර්ශනයක් තිබ්බා වෙන්න ඇති මයිහිතේ...
නාමල් බේබිට ජන්දේ දාලානේ පනින්න තිබුනේ
අධිකරණ නියෝග උල්ලංගනය කිරීමට උත්සාහ කිරීම හේතුවෙන් වහාම අත් අඩන්ගුවට ගතයුතුයි.
මේ මොන හොරෙක්ද ?