(අංජුල මහික වීරරත්න)

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය මෙන්ම ආපදාවට ලක් වූ රට යළි ගොඩනැඟීම  සඳහා අරඹන ලද  ‘Rebuilding Sri Lanka’ අරමුදලට  රේඛාස් ශ්‍රී ජුවලරිස්   රුපියල් මිලියන 5ක ආධාරයක් කළේය.

Rekhas Sri Jewellery වෙනුවෙන් එහි අධ්‍යක්ෂ රෙන්ගසාමි සසිහරන් සහ කේ.කේ. කේදීෂ්වරන් මහත්වරුන් විසින් මෙම මූල්‍ය පරිත්‍යාගය චෙක් පතක් මගින්  ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙත ජනාධිපති ලේකම් කාර්යාලයේදී පිළිගන්වනු ලැබීය.