
(අංජුල මහික වීරරත්න)
කටුනායක, ජාත්‍යන්තර බණ්ඩාරනායක ගුවන්තොටු පොළෙහි පැමිණීමේ ප්‍රදේශයේ රේගු කටයුතු සඳහා වෙන් කර ඇති පෙදෙසේ ව්‍යයවහාර මුදල් මාරු කිරීමේ කවුන්ටර ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
2024-01-08 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය අනුව කටුනායක ගුවන්තොටුපොළෙහි ජාත්‍යන්තර පැමිණීමේ ප්‍රදේශයේ රේගු කටයුතු සඳහා වෙන් කර ඇති පෙදෙසේ ව්‍යවහාර මුදල් මාරු කිරීමේ කවුන්ටර ක්‍රියාත්මක කිරීම සඳහා සීමාසහිත ගුවන්තොටුපොළ සහ ගුවන්සේවා (ශ්‍රී ලංකා) (පුද්ගලික) සමාගම විසින් සීමිත තරඟකාරී ලංසු කැඳවා ඇත.
ඒ සඳහා ලංසු 05ක් ඉදිරිපත්ව තිබේ. එකී ලංසු ඇගයීමෙන් අනතුරුව, තාක්ෂණික ඇගයීම් කමිටුවේ සහ අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මත වසර තුනක කාලසීමාවක් සඳහා කොන්ත්‍රාත්තු ප්‍රදානය කිරීම පිණිස වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කළේය.
කවුන්ටර අංක 01 සම්පත් බැංකුව, අංක 02 මහජන බැංකුවට, අංක 03 කොමර්ෂල් බැංකුව, අංක 04 තෝමස් කුක් ලංකා (ප්‍රයිවට්) ලිමිටඩ් අංක 05 ලංකා බැංකුව වෙත මේ අනුව ලබා දී තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඉන්නෙත් මේ අයම තමයි, ලොකේෂන් විතරයි චේන්ජ් වෙලා තියෙන්නේ..
ඉන්දියන් සමාගම් ඉදිරිපත් වෙලා නැහැ වගේ? ටිරාන් මහත්තයාට වුණා වගේ ඇති නේද?