
(අංජුල මහික වීරරත්න)
කටුනායක, ජාත්‍යන්තර බණ්ඩාරනායක ගුවන්තොටු පොළෙහි පැමිණීමේ ප්‍රදේශයේ රේගු කටයුතු සඳහා වෙන් කර ඇති පෙදෙසේ ව්‍යයවහාර මුදල් මාරු කිරීමේ කවුන්ටර ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
2024-01-08 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය අනුව කටුනායක ගුවන්තොටුපොළෙහි ජාත්‍යන්තර පැමිණීමේ ප්‍රදේශයේ රේගු කටයුතු සඳහා වෙන් කර ඇති පෙදෙසේ ව්‍යවහාර මුදල් මාරු කිරීමේ කවුන්ටර ක්‍රියාත්මක කිරීම සඳහා සීමාසහිත ගුවන්තොටුපොළ සහ ගුවන්සේවා (ශ්‍රී ලංකා) (පුද්ගලික) සමාගම විසින් සීමිත තරඟකාරී ලංසු කැඳවා ඇත.
ඒ සඳහා ලංසු 05ක් ඉදිරිපත්ව තිබේ. එකී ලංසු ඇගයීමෙන් අනතුරුව, තාක්ෂණික ඇගයීම් කමිටුවේ සහ අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මත වසර තුනක කාලසීමාවක් සඳහා කොන්ත්‍රාත්තු ප්‍රදානය කිරීම පිණිස වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කළේය.
කවුන්ටර අංක 01 සම්පත් බැංකුව, අංක 02 මහජන බැංකුවට, අංක 03 කොමර්ෂල් බැංකුව, අංක 04 තෝමස් කුක් ලංකා (ප්‍රයිවට්) ලිමිටඩ් අංක 05 ලංකා බැංකුව වෙත මේ අනුව ලබා දී තිබේ.
2025 දෙසැම්බර් මස 18
574
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
284
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1085
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රට ගිහින් එන විට සල්ලි මාරු කර ගන්න තැන් පහකට කොන්ත්‍රාත්තුව
Mangala Wednesday, 17 July 2024 12:19 PM
දැන් ඉන්නෙත් මේ අයම තමයි, ලොකේෂන් විතරයි චේන්ජ් වෙලා තියෙන්නේ..
Chandima Wednesday, 17 July 2024 02:16 PM
ඉන්දියන් සමාගම් ඉදිරිපත් වෙලා නැහැ වගේ? ටිරාන් මහත්තයාට වුණා වගේ ඇති නේද?