(අංජුල මහික වීරරත්න)
මැල්සිරිපුර රඹේ ගොවීන් 3000කට අධික පිරිසකට රජය ලබා දුන් සහනාධාර අහිමි කළ සංවර්ධන නිලධාරියාගේ වැඩ තහනම් කළ බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.
මැල්සිරිපුර රඹේ ගොවිජන සේවා මධ්‍යස්ථානයේ සේවය කළ අදාල සංවර්ධන නිලධාරියාගේ වැඩ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් තහනම් කර තිබේ.
රජය මගින් ගොවි ජනතාවට නොමිලයේ ලබා දෙන සහනාධාර කිසිවක් ගොවීන් 3000කට අධික පිරිසකට ලබා දීම සඳහා අවශ්‍ය තොරතුරු ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට ලබා දී නැති බව ගොවි නියෝජිතයින් පිරිසක් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට කළ පැමිණිල්ලකට අනුව මෙම නිලධාරියාගේ වැඩ තහනම් කර තිබේ.
මෙම පැමිණිලි පිළිබදව විමර්ශනය කර එකී සංවර්ධන නිලධාරියාට එරෙහිව විනය පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා ගොවිජන කොමසාරිස් ජනරාල්වරයාට නියෝග කර තිබිණි.
මෙම සංවර්ධන නිලධාරියා විසින් සිදු කරන ලද අක්‍රමිකතාවයෙන් ගොවීන් 3000කට අධික පිරිසකට රජය විසින් ලබා දුන් රුපියල් 10,000 හා 20,000 දීමනාව අහිමි වී ඇතැයි ද දැනට නොමිලයේ නිකුත් කරන මඩ පොහොර හා චීන රජය විසින් ලබා දුන් ඉන්ධන සහනාධාරය ද ඇතුලු සහනාධාර රැසක් අහිමි කර තිබූ බවද අමාත්‍යාංශය පවසයි.
2025 දෙසැම්බර් මස 18
440
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
245
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1034
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රටේ ගොවීන් 3000කගේ සහන අහිමි කළ නිලධාරියාගේ වැඩ තහනම්
Lalla Friday, 31 March 2023 07:40 AM
ෂුවර් එකට ජවිපෙට කඩේගිය කෙනෙක්. වක්‍ර මාර්ගයෙන් ජවිපෙට උපකාර කිරීම.
Lal Friday, 31 March 2023 08:46 AM
ජෙප්පියෙක්...!