(සුජිත් හේවාජුලිගේ)
ඉදිරි මාසයේදී අත්‍යවශ්‍යම කටයුත්තකට හැරෙන්නට විදේශගත වීමෙන් වළකින්නැයි ආණ්ඩුව සහ විපක්ෂයේ නායකයන් සිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දැනුම්දී ඇත.
මන්ත්‍රීවරුන් මැතිවරණ ප්‍රචාරක වැඩපිළිවෙළට උපරිම වශයෙන් දායක කර ගැනීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇතැයි පක්ෂ ආරංචි මාර්ගවලින්
පැවසේ.
එම තීරණයත් සමග මන්ත්‍රීවරුන් පිරිසක් සිය විදේශ ගමන් අවලංගු කරගෙන ඇතැයි දැනගන්නට ඇත.
මේ අතර ලබන සතියේ පාර්ලිමේන්තු රැස්වීම්ද දිනකට සීමා කර ඇත. මේ අනුව පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වෙන්නේ ලබන 21 වැනිදා පමණි. මන්ත්‍රීවරුන්ට මැතිවරණ කටයුතු වලට යෙදීමට අවස්ථාව සැලසීමේ අරමුණින් එම පියවර ගෙන ඇත.
සිය ගම්බිම්වල රැඳෙමින් මැතිවරණ ප්‍රචාරක වැඩපිළිවෙළට උපරිම වශයෙන් දායක වන්නැයිද පක්ෂ නායකයන් මන්ත්‍රීවරුන්ට උපදෙස් දී ඇත.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ,විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක යන මහත්වරුන්ගේ ජය තහවුරු කෙරෙන මංගල ප්‍රචාරක රැස්වීම් මේ සති අන්තයේදී පැවැත්වීමට නියමිතය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.