
( බී.ජී. චතුරංග )
රටේ ආර්ථිකයේ ගොඩනගන ක්‍රමය පිළිබඳව කිසිදු දේශපාලන පක්ෂයක් විසින් ජනතාවට ප්‍රකාශ නොකිරීම හේතුවෙන් සියයට 44% ක් දෙනෙකු ඡන්දය ප්‍රකාශ කිරීම මෙතෙක් තීරණය කර නොමැති බවත් සියලු පක්ෂ නායකයින්ගේ අදහස් ක්‍රියාත්මක සිස්ටම් එකක් අනුව රට ගොඩනැගිය හැකි එකම පුද්ගලයා තමන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසිද්ධ ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා පවසයි.
ශ්‍රී ලංකාව දියුණු කිරීම සඳහා වර්තමානයේ පවතින මෙරට අධ්‍යාපන ක්‍රමය වෙනුවට ජාත්‍යන්තරයේ පවතින අධ්‍යාපනයට සමාන අධ්‍යාපන ක්‍රමයක් මෙරට නිර්මාණය කළ යුතු බව ද ඒ මහතා පැවසීය.
සමාජ මාධ්‍ය තුළ සිදු කරන වැරදි ක්‍රියාවන් සම්බන්ධයෙන් කිසිවිටෙක කලබල විය යුතු නැති බවත් ලෝකයේ අනෙකුත් රටවල දරුවන් සමග තරග කළ හැකි දරු පරපුරක් නිර්මාණය කිරීම සඳහා කටයුතු කළ යුතු බවද ඒ මහතා කීය.
ධම්මික පෙරේරා මහතා මේ බව කියා සිටියේ අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේදී අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටුවා ඇති ඩී පී එඩියුකේෂන් ආයතනයේ අයි.ටි.කැම්පස් හි අධ්‍යාපනය ලැබූ සාමණේර හිමිවරු සහ දරුවන් සඳහා සහතික පත්‍ර ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමිනි.
ලංකාවේ විශාලතම පක්ෂය වන පොහොට්ටුවේ මංත්‍රීවරයෙකු මෙන්ම අමාත්‍යවරයෙකු ලෙස තමන් ක්‍රියාවන් සිදු කර පෙන්වා ඇති බවත් ජනතාවගේ ප්‍රධානතම ඉලක්කය ආර්ථිකය හදන පුද්ගලයෙකු බලයට ගෙන ඒම බවත් ඒ සම්බන්ධයෙන් කිසිවෙකු වේදිකාවල අදහස් ප්‍රකාශ කර නැති බව ඒ මහතා මෙහිදී අවධාරණය කලේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරි අපි දැනුවත් උනා. දැන් ඔබතුමා ගිහින් ඔබතුමාගෙ වැඩක් කරගන්න
දූෂිත පවුල් පාලනේ එක්ක එකතුවෙලා වෙන්ඩැ.රතුපස්වල වතුර ඉල්ලපු අයට මොළහතා එක්ක එකතුවෙලා කරපු හරිය හොන්දටම ඇති .
එහම නම්, බ්‍රිතානයේ රෝහල්වලින් ඉවත් කරන කුණු ටික ලංකාවට ගේන්න ගන්න පුළුවන් එකම එක්කනා කොව්ද? මේවා කරන්නට කලින් රටේ භාන්ධාගාරයට ගෙවියයුතු බදු මුදල් ගෙවා ඉන්න ඕනේ, පානිය ජලය ඉල්ලපු රතුපස්වල අහිංසක ජනතාවට සාධාරණය ඉටුවියයුතුයි.
ඇත්ත ද ?
අනේ මේවා කියන්නේ නැතුව ඉන්න. මෙච්චර කල් පොල් ද ගෑවේ? සුදූ සල්ලිවලින් තියන හැම කම්පැණි එකම අරගෙන දැන් පම්පෝරි ගහනවා...
සජියා වගේම කෙනෙක්. මම, මට, මගේ...!
ඒ පාර ඉන්න පිස්සන් මදිවට තව පිස්සෙක් ඇවිත්...
මෙයත් හරියට සජිත් වගේ.. මම, මට විතරයි පුළුවන්...
අපේ අකුදී සහෝදරයා වැව් 1000ක් හරි හැරුවා. ආණ්ඩුවේ දිගටම හිටියා නම් තව හාරනවා. ඔයා මොනාවද ඒ වගේ වැඩ කරලා තියෙන්නේ ධ. පෙ. මහත්තයෝ. එම නිසා මේ පාර අපේ නායක සහෝදරයාව පරාද කරන්න ලැබෙන්නේ නැත. විරුද්ධවාදීන් කයියනායක කියා ඒ සහෝදරයාට එල්ල කරන අවලාද වලට මෙවර පිළිතුරු ලැබෙනු ඇත.
මෙරට කලාකරුවන් සිටින්නේ ජවිපෙ වේදිකාවේ පමණි. අනිකුත් සියලු දෙනා නලාකරුවන් පමණි.
ඒ කියන්නේ ඔයා නැතිවුනොත්, රටම අගාධයේ තමයි නේද? අනේ තිස්තුන්කෝටියක් දෙවියෝ රැකගනිත්වා!
රට ගොඩනැගිය හැකි එකම පුද්ගලයා මම අර්ටේ ආර්ථිකය නොවේ ප්‍රශ්නය රටේ නීතිය වල වැඩේ තියන එකයි හදන්න ඕන එවිට අර්තිය්කය ඉබේ හැදේවි ඔබ තුමත් කොටි ගණන් පොලුතියලානේ තිබ්බේ මන්ත්‍රී කට්ට නිසා එක ගෙවා දැම්ම එපමනක් නොවෙඉ වගුරු බිම් ගොඩකරලා මහා පරිසර විනාස කරන්නත කටුතු කලානේ රටේ ආර්ථිකයේ ගොඩනගන ක්‍රමය පිළිබඳව කිසිදු දේශපාලන පක්ෂයක් විසින් ජනතාවට ප්‍රකාශ නොකරන්නේ තමන්ගේ තුරුම්පු අනුන් ගහන නිසා. පොහොට්ටුවේ මංත්‍රීවරයෙකු මෙන්ම අමාත්‍යවරයෙකු හිටියට සුදු කාරයෙකුට ආරථික ඇමති කම දුන්නේ නෙහනේ කරලා පෙන්නාන්න
ජනා වුනාම කුණු කන්ටේනර් නෙවෙයි, නැව් ගණන් ගේන්න පුලුවන් නේද? ජනාධිපති වෙන්න කලින් ඒකාධිකාරියක් පවත්වා ගෙන අසාධාරණ මිලට විකුණන ටයිල්, සනීපාරක්ෂක මෙවලම් වල මිල අඩු කරමුද ?
ඔව් විකිඑණ අපද්‍රව්‍ය ටිකක් ගැනත් සිංහරාජ මගේ වලදාලා ජැක්පොට් ගැලැම්බින් දියුණු කලා නම් හරි
සුද්දන්ගෙ කුණු, කන්ටේනර් පිටින් ගෙනාවාම රට දියුනු වෙනවා
කුණු කන්ටේනර් ගෙන්නලා කැසිනෝ ක්ලබ් දාලා තමයි මෙයා රට ගොඩදාන්න හැදුවේ.
එහෙම නම්, බ්‍රිතාන්‍යෙය් රෝහල්වලින් ඉවත් කරන කුණු ටික ලංකාවට ගෙන්න ගන්න පුළුවන් එකම එක්කනා කව්ද? මේවා කරන්නට කලින් රටේ භාණ්ඩාගාරයට ගෙවියයුතු බදු මුදල් ගෙවා ඉන්න ඕනේ, පානීය ජලය ඉල්ලපු රතුපස්වල අහිංසක ජනතාවට සාධාරණය ඉටුවිය යුතුයි.
මේ කියන විදිහේ අධ්‍යාපනයක් අරන්, හේලීස් සමාගමේ නැතිනම් සී.අයි.සී. සමාගමේ රැකියා කරලා මුළු ලංකාවම සී.අයි.සී. සමාගමෙන් පොහොර අරන්, තෙල් අරන්, බිත්තර වී අරන්... පාරට යන යුගයක් නේද මේ කියන්නේ...? ඒ විදිහට රට හැදිලා හැදිලා එද්දී ලස්සන හිතාගන්නවත් බෑ...
රටේ ආරක්ෂාව කියලා එකෙක් ගෙනත් වෙච්චි හරිය මදෑ... අටේ ආර්ථිකය හදන්න ඇවිත් මෙයා මොන... දේ කරයිද කවුද දන්නේ...?
අනේ අම්මපා මරු බඩුව රටේ ආර්ථිකේ හදන්න. කැසිනෝ වලින් තමුන්ගේ ආර්ථිකේ හදා ගත්ත විදිහට රටේ ආර්ථිකේ හදන එකත් simple කියලා හිතෙනවා ඇති. රටේ ආර්ථිකේ නෙමෙයි මුලින් හදන්න ඕනා මේවගේ ජාවාරම් කාර සල්ලිකාරයෝ බිහිකරපු පාදඩ දේශපාලන සංස්කෘතිය සහ වල් වැදුණු නීතිය. හොරුන්ගෙන් ඉපදුන හොරුන් ගෙ පුර්ණ ආශීර්වාදය ඇතුව බලය ගන්න ඉව අල්ලන් ඉන්න මෙයා කොහෙද ඒවාට පාදඩ දෙපාලනය හදන්නේ. මු චන්දෙ ඉල්ලන්නේ ජොලියට රටවල් හදන්න නෙමෙයි.පුකට පයින් ගහලා එලවන්න තියෙන්නේ
වහල්ලුන්ගෙන් පිරුණු රටක්.කමෙන්ට්ස් බලපුවාම තෙරුනේ ඒකයි
පිට රට වල කුණු කන්ටේනර් ලංකාවට ගෙනැල්ලා ඩොලර් උපයන්න ඕනේ කෙනෙක්ට පුළුවන්
මේවානේ දෙයියෝ සාක්කි වලට දාන්න ඕනැ
කැසිනෝ දාලාද රට හදන්නේ...?
අප්පේ ඔව්... ඔව්..... කොහෙද මෙච්චර කල් හිටියේ.
හැමෝම ආවේ ඔහොම කියලා... හැබැයි ගියේ රටත් විකුණලා......අපිත් ණය කොරලා කාලකන්නි