(අජන්ත කුමාර අගලකඩ)
රට පත්ව ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩ ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගන්නැයි ඇමතිවරුන් ඊයේ(14) රාත්‍රී පැවැති කැබිනට් රැස්වීමේදී යළිත් වරක් ඉල්ලීමක් කර ඇත .
ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග අවස්ථා 16 කදී ගනුදෙනු කර ඇති බැවින් ,මේ අවස්ථාවේ ඔවුන්ගේ සහාය ගැනීම ගැටලුවක් නොවන බවද එම ඇමතිවරුන් පෙන්වා දී ඇත.
ඒ අනුව විදේශ විනිමය අර්බුදය විසඳා ගැනීම සදහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තාක්ෂණික සහ උපදේශන සහය ලබා ගැනීමටත්, මූල්‍යමය සහාය ලබා ගැනීම සම්බන්ධයෙන් අද (15)පැවැත්වෙන ආර්ථික සභා රැස්වීමේදී තීරණයක් ගැනීමටත් කැබිනට් මණ්ඩලය තීන්දු කර ඇත .
කැබිනට් මණ්ඩලය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී ඊයේ රැස්වූ අවස්ථාවේ මෙම තීරණය කර තිබේ .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd