(අංජුල මහික වීරරත්න)
රට ඉඳි සඳහා පනවා තිබූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද කිලෝ ග්‍රෑමයකට රුපියල් 200 සිට රුපියලක් දක්වා අඩු කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නියෝගයක් නිකුත් කර තිබේ.
එළැඹෙන රාමසාන් උත්සවය වෙනුවෙන් මෙි තීරණය ගෙන අැත.
මෙම බදු නිදහස් කිරීම අදාල වන්නේ විදෙස් රටවල්, සංවිධාන, ව්‍යාපාරික ආයතන, ස්වේච්ඡා සංගම්, සුභ පතන්නන් වෙතින් කිසිදු විදේශ විනිමය සම්බන්ධයකින් තොරව ත්‍යාගයක් හෝ පරිත්‍යාගයක් ලෙස ලැබුණු රටඉඳි සඳහා පමණක් බව ජනාධිපති කාර්යාලය පවසයි .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොච්චර අඩු කරත් උඹලට චන්ද දෙන්නේ නැහැ
ආ ඔය බද්ද අඩු කරන්න ඇත්තේ මුස්ලිම් අයට වඩිපුර සලකනවා කියලා සිංහල මිනිස්සුන්ගේ හිත්වල ඇතිකරලා ආයෙත් ජාතිවාදය අවුස්සන්න පුලුවන් වෙයිද කියලා බලන්න. ඡන්දයක් කිට්ටු වෙද්දී ඔය වගේ වැඩ සාමාන්‍යයි. මිනිස්සු ඉස්සර ඕවාට අහු උනාට දැන් අහු වෙන්නේ නැහැ.
මුස්ලීම් ප්‍රජාවගෙන් චන්ද ගන්න සීනි බෝල දෙන්න පටන්ගත්තා. එදා දිගනේදී මුස්ලීම් ප්‍රජාවගේ දෙපළ ගිනි තියන කොට මේ රනිල් තමයි රටේ නීතිය හා සාමය පිලිබඳ ඇමති. දින පහක් ගත වනතුරු ඔහු එම ප්‍රචණ්ඩය පාලනය කලේ නැහැ. ඒ මොහොතේ අඩු තරමින් මුස්ලීම් මැති ඇමතිලාට සාකච්චාවක් හරි දුන්න නැහැ. දැන් මුස්ලීම් ප්‍රජාව ගැන අමුතු අනුගම්පාවක් එවිල්ල තියන්නේ.
මෙහෙම හැම අවුරුද්දෙන්ම නිකන් හම්බවෙන රට ඉඳි... නන්දසේන විතරයි බදු අඩුකළේනැත්තේ!