(නිමල කොඩිතුවක්කු)

රටේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට පැමිණි රාජපක්ෂ ආණ්ඩුව යටතේ රටේ ආරක්ෂාවත්, ජාතික ආරක්ෂාවත්, සමාජ ආරක්ෂාවත් උල්ලංඝනය වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

තම අනාගතය සම්බන්ධයෙන් කිසිදු අපේක්ෂාවක් නොමැති කමින් රටේ තරුණ පරපුර පෝලිමේ රට අතැර යන බවත්  විපක්ෂ නායකවරයා කීවේය.

සෞභාග්‍යමත් දේශයක් රටට බිහි කිරීමට පැමිණි ආණ්ඩුව  රටට උරුමකොට ඇත්තේ පෝලිම් යුගයක් පමණක් බවත් කින්නියා අලිගාර් මහා විදුහලේ පැවැති "සක්වල"වැඩසටහනේ තෙවැනි අදියරට එක් වෙමින් ඔහු මේ බව පැවසීය.

රටක් ගොඩනගන්නටනම් අනාගතවාදී සැලසුම් අවශ්‍ය බවත් එම සැලසුම් ක්‍රියාත්මක කිරීමේදී අතිශයින්ම සංවේදී අවශ්‍යතා පිළිබඳව ද අවධානය යොමු කළ යුතු බවත්  විපක්ෂ නායකවරයා පැවසීය.