(අංජුල මහික වීරරත්න)
රටේ පවතින වත්මන් අර්බුද වලට එකමුතුව මුහුණ දෙන ආකාරය ගැන දේශපාලන පක්ෂ වලට අමතරව වෘත්තිය සමිති,වෘත්තීයවේදී සංවිධාන සහ බහුජන සංවිධාන රැසක් සමඟ සාකච්ඡා ඇරඹීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ.
එක්සත් ජාතික පක්ෂය මෙම තීරණය ගත්තේ හිටපු ආණ්ඩුකාර ජනාධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්න, හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන්, හිටපු ආණ්ඩුකාර අසාද් සාලි, නීතීඥ ශිරාල් ලක්තිලක සහ නීතීඥ ගුණරත්න වන්නිනායක යන මහත්වරුන්ගෙන් සමන්විත කණ්ඩායමක් සමග එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ප්රමුඛ එජාප නායකයන් සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැත් වූ සාකච්ඡාවෙන් පසුවයි.
හිටපු ආණ්ඩුකාරවරුන්සමඟ පැවැත්වූ සාකච්ඡාව වල ප්‍රගතිය පිළිබඳව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා විසින් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා දැනුම්වත් කිරීමෙන් පසුව වෘත්තීය සමිති ඇතුළු සංවිධාන සමඟ සාකච්ඡා කරන ලෙස රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබේ.
රජයට එරෙහි සියලූ බලවේග ඒකරාශී කරගනිමින් සාකච්ඡා අරඹන ලෙස පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා දුන් උපදෙස් අනුව මෙම සාකච්ඡා ඇරඹීමට නියමිතය.
එය සමගම අනෙකුත් දේශපාලන පක්ෂ සමග කරන සාකච්ඡා ද අඛණ්ඩව ඉදිරියට ගෙනයන බව පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කට්ටියම එකතු වෙලා මේ අස්සේ වැඩ වර්ජන රැල්ලක් පටන් ගන්න වගේ සූදානම. අසාද් සාලිත් කරලියට නැවත ගෙන්න ගන්නයි හදන්නේ . තම පක්ෂය සහ තම ලේවල පැහැයත් කොළ කියලා හිතන් ඉන්න සියලු ලාංකීය පුරවැසියන් තම මව්බිම ගැනත් සිතිය යුතුයි .
එජාපය නොවෙයි මේව කරන්න ඕන ආණ්ඩු පක්ෂය. ඒත් ඒක කවදාවත් නොවෙන දෙයක්. අපේම අවාසනාව.
එජාපෙ මේ වගේම නාඩගමක් 2015 ට කලිනුත් නැටුවා. 2015 බලයට පත් උනාට පස්සේ මෙලෝ දෙයක් කලේ නැහැ. දේශපාලන පළිගැනීම් වලට අවු 20 කට වඩා ලක් වෙච්ච එජාපෙ පාක්ෂිකයින්ට සාධාරණයක් කරගන්න බැරි උනා අවුරුදු 5 ක් බලයේ ඉදලත්. තවත් මුන්ට රැවටෙන්න එපා. වසලයොන්ට වෙන උදාහරණ ඕන නැහැ.
ආයෙත් දිය යටින් ගිනි ගෙනියන්න හදන්නේ
එජාපය විසඳුම් හොයන්නේ එයාලාද ආණ්ඩුවේ දැන්...?
1980 ජූලි වර්ජකයන්ටත් ඔය විදිහට සැළකුවා නම් හරිනේ. ඒ වෙලාවේ වර්ජනය කරපු හැම දෙනාවම එක දවසින් අස්කරලා දැම්මා. ඒ අය ගැන මොකද කියන්නේ. මේ ආණ්ඩුව හරියි කියලා කියන්නේ නෑ නමුත් මේ යූ එන් පී සහ සමගි ජන බලවේගයේ කට්ටිය හැසිරෙන්නේ හරියට එයාලගේ ආණ්ඩු තිබුණු කාලේ වෘත්තිය සමිති සාමාජිකයන්ට රතු පලස් එළලා සැළකුවා වගේ.
රටේ අර්බුදවලට මුල ඩොලර් නැතිකම .වෘර්තිය සමීති වලට පුලුවන්ද ඩොලර් හොයන්න? කොරෝනා නිසා කඩා වැටුන විදේශීය විනීමය ගෙනෙන මාර්ග නැවත ස්ථාපිත උනාම අර්බුධ හරියාවි
මේ සේරම එදා රනිල්ගේ නායකත්වය විවේචනය කරමින් සහ රනිල් එපා කියමින් එක්සත් ජාතික පක්ෂය දාල ගිය අය. දැන් එකතු වෙලා. එදා මාතරදී මංගලගේ කුරුඳු පොලු හමුදාවෙන් ගුටි කාපු සෙට් එක මේක... මෙයාලාට කන්න ලැබුණොත් කබරගොයාත් තලගොයාය... වගේ කතාව මේක...