(රන්ජන් කස්තුරි)
රටේ පවතින තත්ත්වයට විසදුම් යෝජනා ඉදිරිපත් කිරිමට වෘත්තිකයන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් සකස්කරන අතර ඊට එක්වන්නැයි රාජ්‍ය සේවයේ වෘත්තීය සංගම්වලට ආරාධනාකරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
නිවැරැදි තීරණ නිවැරැදි වේලාවට නොගැනීම මූල්‍ය විනය බිඳවැටීම හා නුසුදුස්සන් තනතුරුවලට පත්වීම යන කරුණු හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථික දේශපාලනික බිඳවැටීමට සිදුව තිබෙන බවද එම සංගමය සඳහන් කරයි.
රාජ්‍ය නිලධාරීන්ට හා වෘත්තීයවේදීන්ට රටේ ගැටලු විසඳීමට සහාය ලබාදීම අත්හල නොහැකි වගකීමක් යැයිද එම සංගමය කියයි.
ඉතා ඉක්මනින් මැදිහත්වීම කොටිකාලීන මධ්‍ය කාලීන හා දිගු කාලීන විසඳුම් යෝජනා ඉදිරිපත් කිරීමටත් එම යෝජනා යථාර්ථයක් බවට පත්කර ගැනීමටත් ඉදිරිපත් වන්නැයි වෘත්තීයවේදීන්ගේ සංගය ඉල්ලා සිටින බව ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියා සිටියි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අසමත් ආණ්ඩුවට නැවත කඩේ යන්න වගෙයි.
ඉස්සෙල්ල පාදෙණිය මහත්තයාව ඇමරිකාවට යවලා ඉන්නකොට නාථ දෙවියන් ගෙන් වීසා එකක් ඉල්ලගෙන
GMOA සභාපති දොස්තර පාදෙණිය දීපු ලනු කෑමත් අද තත්ත්වයට හේතු වී ඇති බව සිහිපත් කරන්න.
පුලුවන්නම් ඕක අස්සට ඇවිල්ලත් වැටුප් සංශෝධන වලට ස්ට්‍රයික් කරන්න.
වෘත්තීකයන්ගේ මැදිහත්වීම නැතිනම් රට නැතිවෙනවා. දේශපාලුවන් යනු තේ කඩයක්වත් පාලනය කළ නොහැකි උත්සවවලට මිලියන ගණන් වියදම් කර රට බංකොත්කිරීම පමණක් දන්නා වාචාලයන් බව ඔප්පු කොට ඇත. මේ තරම් ගසා කෑ යුගයක් නැති තරම් වූවත් අඩු වැඩි වශයෙන් සෑම රජයකම මෙය සිදුවිණි. අපට ආදරයට නොඑනා වර්තමානයේ සුර සැප විදීමට පුරුදුවූ මෙවුන් හට ප්‍රබුද්ධ ජනයා මැදිවී නීති සාදා නොදුනහොත් පරණ පම්පෝරි ගැසීම සමග හොරාකෑම පටන් ගනු නියතයි. රටේ දේශපාලනය පිළිබද උගතුන් ව්‍යවස්ථානුකූලව ගැටළුව නිරාකරණයට මග පෙන්විය යුතු අතර ආර්ථික විශේෂඥයින් නීති විශාරදයින් යන අය විදේශ රටවල විශ්‍රාම සුවෙන් සිටී නම් පිහිටවන්න. මන්ද යත් අපේ ඉංජිනේරුවන් පවා උගත් නමුත් විදුලියෙන් ගසා කන දීන තත්වයට පත්ව ඇත. කොටින්ම කිවහොත් හොරා නොකන්නේ මානසික ආබාධ සහිත එවුන්යැයි හිතන තරමට දූෂිතවූ සෙට් එකක් වැජඹෙමින් සිටිති. අපට එකතුවුවහොත් තරුණ පරපුරට ආදර්ශයක් සපයා රට බේරා ගත හැක.
මෙච්චර කල් හැන්ගිලා ඉදලා ඔන්න ආයිත් ආවා රාජපක්ශලාට කඩේ යන්න. යකෝ ඔය මෝඩ ලොක්කා ගෙදර යවන එක තමයි රටේ අර්බුදයට තියෙන පලවෙනි විසදුම. ඒක නොකර වෙන මොන එකක්වත් හරි යන්නේ නෑ.
මෙම ගැටලුව සඳහා ඔබ වගකිව යුතුය. රට වසා දමන ලෙස ඔබ රජයට බලපෑම් කළා
හොඳ ආරාධනයකි. එසේම දේශපාලන සබඳතා මත රාජ්‍ය ආයතනයන්හි ප්‍රධානීන් ලෙස පත්කොට සිටින නුසුදුස්සන් වහාම ඉවත් කොට ප්‍රවීනයන් පත් කළ යුතු වන අතර විශේෂයෙන් තානාපති සේවයට පත්කොට සිටින පරාජිත දේශපාලනඥයින් සහ පවුල්වල සාමාජිකයින් ඉවත් කොට විදේශ සේවාවෙහි පළපුරුදු ප්‍රවීනයින් පත් කිරීමද විය යුත්තකි.
මොකද සැර අඩු.
නිදහස ගත්ත දවසෙ සිට මේ රට දියුණුවට කිසිම ප්‍රතිපත්තියක් නැතුව කිසිම සැලසුමක් නැතුව ජාතික ප්‍රතිපත්තියක් නැතිව මැතිවරණය අවස්ථාල ඉදිරිපත් කරන චින්තන සව්භාග්‍ය දැක්ම පස් අවුරුදු සැලැස්ම වැනි එදාවේල ක්‍රමය ක්‍රියාත්මක කල නිසා තමා මෙහෙම වුනේ දැන්වත් මැණික් ගලක් උඩට වෙලා මුහුදට දත නියවමින් පිටරට දේ සිරිසැපදේ කීමෙන් වැලකී ජාතික ප්‍රතිපත්තියක් සකසා මොන ආණ්ඩුව ආවත් එම ප්‍රතිපත්තියෙන් බැහැර නොවී කටයුතු කරන ක්‍රමයක් ක්‍රියාත්මක කලයුතුය
අනේ බුදු මහත්තයෝ ස්ට්‍රයික් කරන්න නම් එපා .අනිත් එක ඔහේලා කාබනික පොහොර වලට දීපු ලනුවකාල නේ ආණ්ඩුව කෙලවා ගැනීම පටන් ගත්තෙ.
මෙක වියත් මග අංක 2.. රැවටිල්ල ද... මෙකේ කටිටිය අමුතු ගේමි
මේ ආණ්ඩුවේ වැරදි බොහොමයකට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ විශේෂයෙන් එහි සභාපතිවරයා වග කිව යුතුයි. පොහොර අර්බුදය ඒ අතර ප්‍රධාන එකක්. රජ පවුල බලයට ගේන්න මේ සංගමය රෙදි නැතුවම කඩේ ගිය හැටි ජනතාවට අමතක නෑ. දැන් එනව විසඳුම් හොයන්න. රෙද්ද!
පාදෙණියව ඔය කණ්ඩායමේ සභාපති කරපන්