(අංජුල මහික වීරරත්න)
පාර්ලිමේන්තුව වර්ජනය කිරීමෙන් හෝ රට අක්‍රීය කිරීමට ගන්නා ක්‍රියාමාර්ග වලින් රටෙි පැවතන බැරෑරුම් ප්‍රශ්න වලට කිසිදු විසඳුමක් ලබා ගත නොහැකි වන බව තම ඒකායන විශ්වාසය යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති කරූ ජයසූරිය මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
පාර්ලිමේන්තුවඇතුළේත් ඉන් පිටතත් ඇතිවී තිබෙන අසමගිය නිසා ජීවිත විශාල ගණනක් සහ ජාතික සම්පත් විනාශ වී ඇති බව කියන ජයසූරිය මහතා පසුගියදා කොළඹදී පැවති පැවති විරෝධතාවයකට සහභාගී වෙමින් සිටියදී මුහුණ දීමට සිදු වූ අවාසනාවන්ත තත්ත්වයක් නිසා රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටිය දී මරුමුවට පත් වූ ජාතික ජන බලවේගයේ නිවිතිගල ප්‍රාදේශීය සභා අපේක්ෂක නිමල් අමරසිරි මහතාගේ හදිසි අභාවය පිළිබඳව බලවත් ලෙස සංවේගයට පත් වන බව ද ජයසූරිය මහතා සඳහන් කරයි.
එවැනි සිද්ධීන් නැවත ඇති නොවීමට වගබලා ගැනීම රජයේත් විපක්ෂයේත් පොදුවෙි සියලු ජනතාවගේත් ජාතික යුතුකමක් බව කරූ ජයසූරිය මහතා කියයි.
සමස්ත ජාතිය ම අපේක්ෂා කරන අරමුණ ඉටුකර ගැනීමට නම් අන් සියල්ලටම පෙර එක්සත් විය යුතු බව කියන කරූ ජයසූරිය මහතා නිශ්චිත කෙටි කාලසීමාවකට හෝ දේශපාලන හෝ වෙනත් බල අරමුණු වලින් බැහැර වී සාමූහිකව කටයුතු කළ යුතු බවද එහිදී රට අරාජික කිරීමට යම් හෝ බලපෑමක් විය හැකි කිසිදු කටයුත්තකට දායක නොවීම පරම වගකීමක් ලෙස සැලකිය යුතු යුතුව තිබෙන්නේ යැයි ද ඒ අනුව කෙටි කාල සීමාවකට හෝ සටන් විරාමයක් රටට අවශ්‍ය බව බවද කරූ ජයසූරිය මහතා සිය නිවේදනය තවදුරටත් සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තක්කඩියා
රටේ ඇතිවෙලා තියෙන තත්වෙට සම්පූර්ණයෙන්ම වගකියන්ඩ ඕනේ දේසපාලුවෝ .ආසියාවේ ආශ්චර්යය ,සවුබාග්‍යයේ දැක්ම පෙන්වනවා කියලා කරපු දෙයක් නැහැ.. ජනතාවගේ චන්දෙන් බලයට ඇවිත් අන්තිමට ජනතාව මහපාරට වැටෙන තැනට වැඩ සිද්ද කෙරුවේ දූෂිත දේසපාලුවෝ .අද ජනතාව නොවිදිනා දුක් වින්දින්නේ දූෂිත දේසපාලුවෝ කරපු වන්චනික වැඩ නිසා..
ජනාධිපති එක පට්ටමයි දුන්නෙ දැන් කොහොමද මෙයා තනුව වෙනස් කරලා ගායනා කරන හැටි! අපි නොදන්න කරැ ජේ!
රට කාලා සුදනෝ වෙන්න හදනවා
අරූගෙන් ලැබුනු සමාන කටුව වෙනුවෙන් බුරන නාකි බල්ලා, මුන් තමයි මේ රට විනාශ කෙරුවේ.
මෙහෙම ගියොත් බඩගින්නේ දුප්පත් මිනිස්සු අක්‍රීය වේවි...!
අනේ.. කරුවලයෝ.. තෝ බත් බැලයෙක් උනාට මේකේ කොන්දක් තියෙන උන් තවම ඉන්නවා. රට පාවල දුන්නු තිරිසනා
මේ මිනිහ සාදරන සමාජයක් කියල අටමගලක් අටවගෙන පහුගිය කාලෙ , ප්‍රජාතන්නර වාදය වෙනුවෙන් කියපු කතා දකින කොට , මෙහෙමත් මිනිස්සුන්ට පාට වෙනස් කරන්න පුලුවන්ද කියල හිතෙනව.මේක කොහොමත් තක්කඩිය , අර යකාගෙ දැත් ශක්තිමත් කරන්න ගිහිල්ල එක සැරයක් මුලු සර්වාංගෙම අසුචි ගාගත්ත, ඒගද මේ යකා ලග තාමත් තියෙනව.
පෙබරවාරි 4 වැනිදා RW එකෙන් පදක්කමක් ගත්තට පස්සේ අපි දැනගත්තා ඔහු රනිල්ගේ පැත්තේ කියලා. තව දුරටත් ඔහුගේ බෑනා රනිල් සමගය. කීර්තිමත් දේශපාලනඥයාගේ විශ්වාසනීයත්වය දැන් ප්‍රශ්නාර්ථයකි.
මේ අර යහපාලන කාලේදී තොරතුරු දැනගැනීමේ පනතක් සම්මත කරා කියල ලෝකෙට පම්පෝරි ගහල ඊට පස්සේ ඒ පනතට අනුව මනුස්සයෙක් පාර්ලිමේන්තු මන්ත්‍රී ල ගේ වත්කම් ප්‍රකාශයක් ඉල්ලුවහම ඒක දෙන්න බැහැ කියපු තවත් තක්කඩියෙක්
අපෙ රට දියුනු වෙන්නෙ මහින්ද, රනිල් , කරු , වාසු වනි නාකි සෙට් එක තොලොන්චි වෙලා ගිය දවසට, අවුරුදු 20-30 පමන සිට මොවුන් එක එක ඩිල් දමමින් රට විනශ කරනව
මෙයා කතානායක කාලේ විපක්ෂෙට සක්කිලි විදිහට සැලකුවේ දැන් සර්ව සාධාරනකම් දොඩවනවා අවස්ථාවාදියා
තාත්තා එක පැත්තක පුතාලා දෙන්නා පක්ෂ දෙකක .ප්‍රතිපතති දේශපාලනයක් මෙයාලාගේ නැහැ .ජනතාව ගොනාට අන්දන්න බැහැ ඉස්සර වගේ
අරගලය කාලේ මෙයාව බාරකාර රජයේ නායකයා කරලා දැම්ම නම් කොහොමට තියෙය්ද? ඒ වෙන්නෙත් බැංකු කඩපු කෙනා නායකයා වුන එකමය්.ඇත්තටම මේ රටේ අවන්කවම රට බේරගන්න ඕනේ කියන මිනිස්සු කොහෙද යකෝ ඉන්නේ??? පට්ට කම්බා හොරු ඔක්කොම!!!!!!
මහජනතාවගේ සහ සේවකයන්ගේ අයිතිවාසිකම් නිර්දය ලෙස යටපත් කරන විට ඔවුන් එයට විරුද්ධව නැගී සිටීම යුක්ති සහගතයි
සියළු ස්ථාවර නියෝග අත්හිටුවා පාර්ලිමේන්තුව අක්‍රීය කලාට කමක් නැත්ද...? තව ශබ්දයෙන් ඡන්දය ගණන් කරා කමක් නැත්ද...? ඔබ විසින් එහෙම කරපු කාලයක් තිබුනු බව අමතක නැහැ. කබරගොයි තලගොයි නයාය නේ...
මේ නාකි මහල්ලාට තේරෙන්නේ නැද්ද මිනිස්සු පාරට බැහැලා ඉන්නේ ඇයි කියලා?රනිල් වික්‍රමසිංහ මූලික මිනිස් අයිතිවාසිකම් කඩ කරමින්,ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝනය කරමින් සිටින බව මේ ලොන්ත නාකියාට තේරෙන්නේ නැද්ද?
පඩියත් කපලා බඩු මිලත් වැඩියි...කන්ඩ බොන්ඩත් නැතුව බෙහෙතුත් නැතිව ඉන්න අපිට උද්ගෝෂණවත් කරන්නේ නැතුව මොකද්ද යකෝ කරන්න කියන්නේ....තොපිලට තවත් හොරාකන්න කට පිටන් ඉන්ඩ කියලද කියන්නේ....