(සුජිත් හේවාජුලිගේ)
කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබන දරුවන්ගේ සංඛ්‍යාව 95ක් දක්වා පහත බැස ඇතැයි කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා පැවැසීය.
කොවිඩ් ආසාදිතව රෝහල් ගත කෙරුණු දරුවන්ගේ සංඛ්‍යාව මෙයට සති දෙකකට පමණ පෙර දෙසියේ සීමාවට ළඟාවී තිබූ බවද හෙතෙම සඳහන් කළේය.
කොවිඩ් ආසාදිත දරුවන්ගේ මෙම අඩුවීම සතුටුදායක ආරංචියක් බව පැවසූ රෝහල් අධ්‍යක්ෂවරයා රට වසා තැබීම සහ එන්නත්කරණ වැඩපිළිවෙළ නිසා මෙම ප්‍රතිඵල ලැබෙන්නට ඇතැයි විශ්වාස කරන බවද කීවේය.
මුලදී කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට කොවිඩ් ආසාදිත දරුවන් 30ත් 40ත් අතර සංඛ්‍යාවක් දිනපතා ඇතුළු කෙරුණු බවත් එම සංඛ්‍යාව 10ත් 15ත් අතර සංඛ්‍යාවක් දක්වා දැනට පහත බැස ඇති බවත් විජේසූරිය මහතා පැවසුවේය.
දරුවකුට කොවිඩ් ආසාදිත වුවහොත් නිවෙස්වල තබා ගෙන නොසිට නොපමාව රෝහල්ගත කිරීමට පියවර ගන්නැයි තමා මවුපියන්ගෙන් ඉල්ලීමක් කරන බව පැවසූ වෛද්‍යවරයා රෝහලට ගෙන එන කිසිම දරුවකු හරවා නොයවන බවද ප්‍රකාශ කළේය.
රිජ්වේ ආර්යා ළමා රෝහලේ ඖෂධ හෝ ඔක්සිජන් කිසිදු හිඟයක් නැතැයි හෙතෙම වැඩිදුරටත් පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක මේ අර සුමනේ ලොක්කා ඉස්පිරිතාලේ බලන්න ගියාම ලෙඩ්ඩු නැහැ වගේ සිද්ධියක් නෙමෙයි නේද?
එකදවසක් එක බොරුවක් කියනවා. අනිත් දවසේ ඇවිල්ලා තව බොරුවක් කියනවා. මේ ගොල්ලෝ දැන් මාධ්‍යවල ඉත්තෝ වෙලා. බොරුවට මාධ්‍ය සංදර්ශන දාගෙන බොරදියේ මාළු බාන්න එපා...
මෙතුවක් කාලෙකට ළමා රෝහලේ උන්න නිවටම අධ්‍යක්ෂවරයා මොහුයි.දේශපාලන අධිකාරියේ උවමනාවට අනුව හැසිරෙනවා ඇරෙන්න පරිපාලනමය කටයුතු ඉතා දුර්වල සිය කාර්ය මණ්ඩලවල හඬට ඇහුම්කන් නොදෙන රූකඩයක් පමණි.මාධ්‍ය ඉදිරියේ ප්‍රකාශ නිකුත් කිරීමට පමණක් සමතෙකි.
වයස අවුරුදු 2ට වැඩි දරුවන් දැන් රෝහල් ගත කරන්නේ නැහැ
මේක හොඳ පුවතක්...
දළදා සමිඳු පිහිටෙන් අනික් දරුවන් සුවපත් වේවා...!!!
එහෙම වෙනවා නම් කොච්චර හොඳද? මෙයා සැරෙන් සැරේ කියන දේවල් කාටද විශ්වාස කරන්න පුළුවන්..?