
(රෝෂන් තුෂාර)
රිජ්වේ ආර්යා ළමා රෝහලේ වකුගඩු සැත්කමකින් මාස හයකට පසුව වකුගඩු දෙකම අහිමිව මියගිය දැරියගේ ශල්‍යකර්මය කළ විදෙස්ගත වෛද්‍යවරයාගෙන් වහාම ප්‍රකාශයක් ලබාගන්නා ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණුවල මහතා රහස් පොලිසියට අද (03) නියෝග කළේය.
වෛද්‍යවරයා විදෙස්ගතව ඇත්නම් ස්කයිප් තාක්ෂණය ඔස්සේ එම ප්‍රකාශය ලබා ගන්නා ලෙසට මහේස්ත්‍රාත්වරයා උපදෙස් ලබා දුන්නේය.
වකුගඩුවක් අසාත්මිකව රෝහලට ඇතුලත් කළ දැරිය වකුගඩු සැත්කමෙන් පසුව මිය ගොස් ඇති බවත්,දැරිය මිය මිය යාමට පෙර වෛද්‍ය පර්යේෂණ කළ වෛද්‍යවරයා හා සැත්කම කළ වෛද්‍යවරයා ඕස්ට්‍රේලියාවට ගොස් ඇති බවට රහස් පොලිසිය කළ කරුණු දැක්වීම් වලින් අනතුරුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.
2022දෙසැම්බර් 22 වන වම් වකුගඩුවේ සංකූලතාවයක් හේතුවෙන් දැරිය රෝහලට ඇතුලත් කර සැත්කමකර මාස හයකට පසුව වකුගඩු දෙකම අහිමිව මිය යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් මෙම විමර්ශනය සිදු කෙරේ.
2025 දෙසැම්බර් මස 18
555
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
277
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1077
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රිජ්වේ දොස්තරගෙන් ප්‍රකාශයක් ගන්න කියයි
Ruwan De Silva Wednesday, 03 July 2024 08:48 PM
රජයට පුළුවන් ඕස්ට්‍රේලියාවේ වෛද්‍ය සේවයේ ඉන්නවා නම් ඒ රජය දැනුවත් කරන්න... එතකොට ඒ රටෙන් මෙහෙට පිටුවහල් කරනවා. ඔසීවලත් මේ වගේ මරණ සිදුවෙයි කියලා බයට ඒ රජය ක්‍රියාකරයි. මීට අවුරුදු 15කට කලිනුත් ඔහොම වුණා ඒ රජයෙන් වෛද්‍ය සහතිකය තහනම් කළා... ඒ දොස්තර ලංකාවට ඇවිල්ලා සුපුරුදු රිද්මයට වෛද්‍ය වෘත්තිය කරනවා.. තාමත් ජාතික රෝහලක් විශේෂඥ වෛද්‍යවරයෙක්...
රටවැසියා Thursday, 04 July 2024 08:26 AM
ලංකාවේ දොස්තරලගෙ මෙවැනි වැරදීම් නිසා රෝගීන්ගේ ජීවිත විශාල ගණනක් නැතිවී තිබෙනවා . නමුත් GMOA නැමැති කල්ලිය සැමදාම තමන්ගේ මුණිවත රකින නිසා ඒ වැරදි පස් වලට යට වෙනවා . නීති ශිෂ්‍යාවකගෙ වැරදි අතක් කැපුවට ඒක කරපු දොස්තරට අද දක්වා දඬුවමක් නැ. බණ්ඩාරවෙල එක්තරා දොස්තර කෙනෙක්ගෙ හදවත් සැත්කම කලේ තමන්ගෙම batchmate කෙනෙක්. නහර වඩිපුර කැපිල ඒ දොස්තර මිය ගියා. සැත්කම කරපු දොස්තර තමන්ගෙ මිත්‍රයා අසාද්‍යව සිටිද්දිවත් රජයෙ රෝහලකට ගෙනියන්න දුන්නෙ නෑ තමන්ගෙ වරද අහු වෙයි කියල. ඔහොම තමා ලංකාවෙ කටයුතු සිද්ධ වෙන්නෙ. GMOA එක හැම එකේම ප්‍රමිතිය ගන කතා කලාට කවදාවත් පිටරටවල දොස්තරලගෙ වගෙ, ලංකාවෙ දොස්තරලගෙ සාර්තක ප්‍රමාණය (success rate) එක රෝගීන්ට බලා ගන්න පුලුවන් සිස්ටම් එකක් හදන්න කියල ඉල්ල්ලන්නෙ නැත්තෙ ඒකයි. හැබැයි ලෝකෙ හොඳම සෞඛ්‍ය සේවයලු.
Samanthi Fernando Thursday, 04 July 2024 10:37 AM
මරණ දඩුවම ලබා දෙනු .