ඡායාරූප - ළහිරු හර්ෂණ
මෙවර ජාතික වෙසක් උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් හික්කඩුව තෙල්වත්ත රත්පත් රජමහා විහාරස්ථානයේ දී අද (17) ආරම්භ කෙරිණි.
එම අවස්ථාවට ගයන්ත කරුණාතිලක, වජිර අබේවර්ධන, ගාමිණී ජයවික්‍රම යන ඇමැතිවරු ඇතුළු රාජ්‍ය නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ.
ජාතික වෙසක් උත්සවය 17 සහ 18 යන දෙදින තුළ තෙල්වත්ත රත්පත් විහාරස්ථානයේ දී පැවැත්වේ.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුදෝ සුදට හිටියත් පෙනුමෙන් අපි පිරිසිදුව... අසුචි පිරිසිදු වැඩිය අපේ ඇතුලටත් වඩා ... දොහොත් මුදුන් තියා වැන්දත් බුදු හිමිට.. හිතයට කැකෑරෙන්නේ රජ පුටුව ගැන..
කවුරු වුනත් සංවරවම ඉන්නවනේ...// මොනදේ කරත් බැහැ හංගන්නට අනිකාට ..// මුනේ ලිය වෙලා තියෙන්නේ ජඩකමනේ..// කවදා රට ගොඩ ඒද නොම දන්නේ...//
හාමුදුරුවන්ගෙන් අවසරයි කිව්වා. ඇති රටට නායකයෙක් හැටියට තීරණ අරන් වැඩ කරන්න. හිතට බයක් තියෙනවා නම් හාමුදුරුවන්ට කියලා යන්ත්‍රයක් හරි දමාගන්න... කලින් රජ්ජුරුවෝ මොනවද නොකෙරුවේ? දේවාල ඉවර කෙරුවා මිනීඔලු පැළඳගෙන, අපේ රටේ ජනතාව නායකයෝ හිතන තරම් දරුණු නැහැ අහිංසකයි... නමුත් නායකයින්ට වැඩිය බුද්ධිමත්..., නායකයින්ට තීරණ ගන්න බැරි තරම් කොන්ද පණ නැති තත්වයක් තියෙන්නේ... අල්ලසට, පගාවට, වැඩ කරනකොට ඔහොම වෙනවා... කතාව දෝලාවෙන් නැතිව, වැඩ පෙන්වන්න දෝලාවෙන්, රට කරන්න බැරිනම් දීලා යන්න දුක් දෙන්නේ නැතිව කලින් ආපු පාප් වහන්සේත් ඉල්ලා අස් වුණා. දෙවියන්වහන්සේගේ දුන් වගකීම දරන්න. අමාරු ඇති ඒ. නිසා කෑදරකම නැතිව අයින් වුණා. නමට ඉඳලා වැඩක් නැහැ... තනි තීරණ ගන්න ශක්තියක් නැතිනම්, එ්කනේ.... පොහොට්ටුවේ අය කියන්නේ.. බල්ලා පිදුරු කන්නෙත් නැහැ කන ගොනාට දෙන්නෙත් නැහැ කියලා...
අවසාන ඡායාරූපය දැකීමේදී අපගේ මතකය දිව යනවා මොහිදීන් බෙග් මහත්මයාගේ සුන්දර මෙන්ම අර්ථවත් ගීතයකට. එය පාඨක ඔබ සැමගේ රසවින්දනයට මෙසේ දක්වන්නෙමු. " සිනහවෙන් හෝ කතාවෙන් " බැහැ මනින්නට මිනිසා...// හිතේ ඇතිදේ කව්ද දන්නේ කියන්නට විමසා..// " එකට එක්වී එකට කා බී " එකට සැතපිලා ..// උගුල අටවයි විපත පටලයි මුරුග ගති පාලා..//
බුදු වදන... " කම්මනා වසලෝ හෝති... කම්මනා හෝති බ්‍රාහ්මනෝ..." . ගෞතම බුදුන්... අපේ ගරු ජනාධිපති ගැන කරන ලද ප්‍රකාශය... උපුටා ගැනීම " වසල සුත්‍රය"
අර මියගිය ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් වෙසක් දවසේ පින් පැමිණවීම් කලොත් නරකද?
සමහර අදහස් බැලුවාම, ලංකාවේ රාජ්‍ය නායකයා වෙන පුද්ගලයාට හොඳට බැනුම් අහලා පුරුද්දක් තියෙන පුද්ගලයෙක් නොවුනොත් ඔහුට එම තත්වය දරා ගැනීමට අපහසුයි කියා මට හිතෙන්නේ... කවුරු හරි නායකත්වය නොදැරුවොත් එ්කත් ප්‍රශ්නයක්... මිනිසුන්ගෙන් බැනුම් අහන්නත් ඕනේ. හාමුදුරුවන්ගේ බණත් අහන්න ඕනේ. අන්තර්ජාතික සංගම්වල කතාත් අහන්න ඕනේ. රටේ නායකයාට මනස හොඳින් තබාගෙන කටයුතු කිරීමේ වාතාවරණයක් ලංකාව තුළ තිබේද? රටේ නායකයාගේ මනස හොඳින් තබාගෙන වැඩ කළ හැකි ක්‍රමයක් තිබුණොත් රටට හොඳක් වෙයි කියලා හිතනවා. රටේ නායකයා ජනතාව නියෝජනය කරන බැවින් බනින පුද්ගලයින්ට රට ගැන අප්‍රසාදයක් ඇතිවෙනවා මෙන්ම තවත් වචනයකින් කිව්වොත් ඔහුට ඔහු ගැනම අප්‍රසාදයක් ඇතිවී තියෙන්නේ. ඒ කියන්නේ ලංකවේ සතුටින් ජීවත් වෙන එක ලේසි වැඩක් නොවේ.