රාජ්‍ය දෘශ්‍ය කලා උපදේශක සභාව, ශ්‍රී ලංකා කලා මණ්ඩලය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය විසින් සංවිධානය කළ 2019 රාජ්‍ය ළමා චිත්‍ර උළෙල අද (1) කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී පැවැත්විණි.
මෙහිදී ප්‍රාථමික අංශයේ ප්‍රථම ස්ථානය ජී. චෙනුති මෙත්මලී සහ පශ්චාත් ප්‍රාථමික අංශයේ ප්‍රථම ස්ථානය ඒ. අරෝෂා චරුලෝචනී අමරතුංග යන සිසුවියන්ට හිමිවිය.
කනිෂ්ඨ අංශයේ ප්‍රථම ස්ථානය ඊ. කවීෂ ප්‍රමෝද් සිල්වා සහ ජ්‍යෙෂ්ඨ අංශයේ ප්‍රථම ස්ථානය එච්.ඩී. සසංක සිතුරුවන් යන සිසුන්ට හිමිවිය.
ජ්‍යෙෂ්ඨ ද්විතීක ප්‍රථම ස්ථානය ටී. ප්‍රභාත් පිටවලගේ හිමිකර ගත්තේය.
නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් බර්නාඩ් වසන්ත, සංකෘතික කටයුතු අධ්‍යක්ෂිකා අනූෂා ගෝකුල ප්‍රනාන්දු , ප්‍රවීණ කලා ශිල්පී සතිස්චන්ද්‍ර එදිරිසිංහ යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
ඡායාරූප - චතුර එස් .කොඩිකාර






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුන්දර දරු පැටවුන් දුටුවිට හිත සසල උනා.තරග වලින් ජය ලැබුවත් නොලැබුනත් පුතේ ඉදිරිපත්වීම ජයක් බව අමතක නොකරන්න පුතේ.