
(විනීතා එම් ගමගේ)
රාජ්‍ය සේවයට බඳවා ගත් උපාධිධාරින් 53,177 ක ගේ පත්වීම් ජනවාරි 3 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ස්ථිර කිරීමට කටයුතු කර ඇතැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු හා පලාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසීය.
රුපියල් 31490 ක මූලික වැටුපක් ද දීමනා සහිතව රුපියල් 41490 ක වැටුපක් ද ඔවුන් වෙත හිමිවනු ඇතැයි ද අමාත්‍යවරයා කීය.
මෙම පිරිස අතරින් 7000 කට ආසන්න පිරිසක ගේ පත්වීම් ස්ථිර කිරිමේ ලිපි ලබා දීමට හැකි වන්නේ ලබන අපේ්්‍රල් මාසයෙන් පසුව යැයි ද ඊට හේතු වී ඇත්තේ ඔවුන්ගේ වසරක පුහුණුව අවසන් වන්නේ ලබන මාර්තු මාසයට වීම යැයි ද තෙන්නකෝන් මහතා පැවැසීය.
රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ එම අමාත්‍යංශයේ අද (5) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
තවදුරටත් මාධ්‍ය හමුව ඇමතූ තෙන්නකෝන් මහතා මෙම පිරිස පළාත් සභා, අමාත්‍යංශ, දෙපාර්තමේන්තු හා දිස්ත්‍රික් ලේකම් කාර්යාල ද, ප්‍රාදේශීය ලේකම් කාර්යාල ද යටතේ පුහුණුව ලැබූ බව කීය.
දේශීය විශ්ව විද්‍යාලයක උපාධි හිමිකරගත්, වයස අවුරුදු 45 ට අඩු, උපාධිධාරින් පිරිසට මෙම පත්විම් ලබා දුන් අතර එහිදී අභියාචනා පමණක් 16000ක් ෂලකා බලා සහන ලබාදීමට ද කටයුතු කළ බව අමාත්‍යවරයා පැවැසීය.
ස්ථිර පත්වීම් ලැබු පිරිස අතරින් 21000 දෙනා ගුරුවරුන් ලෙස බඳවා ගැනීමට කටයුතු කරමින් සිටින බවත්, ඔවුන් තෝරාගැනීම සඳහා ලඟදීම සම්මුඛ පරික්ෂණ ඇරඹෙනු ඇති බවත් පැවසූ තෙන්නකෝන් මහතා එම කටයුත්ත අධ්‍යාපන අමාත්‍යංශය විසින් සිදුකර ඉගැන්වීමේ නිපුණතා ඇති අය තෝරා ගනු ඇතැයි ද ඔවුන්ට සංවර්ධන නිලධාරි තනතුරෙන් ගුරු පත්වීම් ලබාදීමට කටයුතු කරනු ඇතැයි ද ප්‍රකාශ කළේය.
මෙම මාධ්‍ය හමුවට අමාත්‍යංශ ලේකම් ජේ ජේ රත්නසිරි සහ අමාත්‍යංශ උපදේශක මහින්ද මඩිහෙහේවා යන මහත්වරුද සහභාගි වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මධ්‍යම ආණ්ඩුව යටතේ සේවය කිරීමට මනාපය පල කළ අභ්‍යාසලාභීන්ගෙන් යම් පිරිසකට පළාත් සභා යටතේ පත්වීම් ලබාදීමට අදාළ ලේඛනවල නම් ඇතුළත් කිරීම අසාධාරණයි. අප මනාපය ඇත්තේ මධ්‍යම ආණ්ඩුව යටතේ සේවය කිරීම සඳහායි. එය සිදුකරනු ලැබුවේ කුමන පදනමකින්ද?
මේක තමයි ගැටලුව. අපි දැනටමත් රජයේ අංශයේ සේවකයින්ගෙන් පිරී ඉතිරී ගොස් ඇති අතර තවත් එකතු කිරීම් සියදිවි නසාගැනීම් වේ. මේවා ඔක්කොම කරන්නේ දේශපාලන වාසි තකා, එතන පඩි ගෙවන්නවත් බැරුව තව මාස කීපයකින් ලිප්ටන් චතුරශ්‍රයේ උද්ඝෝෂණ කරන උන්ට හම්බවෙයි කවදද මෝඩයෝ ඉගෙන ගන්න යන්නේ.