
(අංජුල මහික වීරරත්න)
රාජ්‍ය සේවය ඵලදායී සහ කාර්යක්ෂම සේවයක් බවට පරිවර්තනය කිරීම වෙනුවෙන් කෘත්‍රිම බුද්ධිය භාවිතය පිළිබඳව රජයේ විධායක නිලධාරීන් උදෙසා සංවිධානය කළ විශේෂ වැඩමුළුවක් රුහුණු විශ්වවිද්‍යාලයීය රවීන්ද්‍රනාත් තාගෝර් අනුස්මරණ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
‘AI for Transforming Public Service’ යන මැයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ සහාය ඇතිව දකුණු පළාත් සභාව විසින් සංවිධානය කරන ලද මෙම වැඩමුළුවට ගාල්ල, මාතර සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවල විධායක ශ්‍රේණියේ රාජ්‍ය නිලධාරීහු එක්ව සිටියහ.
රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කිරීමේ රජයේ වැඩපිළිවෙළෙහි ආරම්භක ප්‍රවේශයක් ලෙස රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීම සහ සුදානම් කිරීම, කෘත්‍රිම බුද්ධිය පිළිබඳව රාජ්‍ය සේවය තුළ ධනාත්මක ආකල්පයක් ඇති කිරීම යන අරමුණු ඇතිව මෙම වැඩමුළුව සංවිධානය කර ඇත.
දකුණු පළාත් ප්‍රධාන ලේකම් නීතිඥ සුමිත් අලහකෝන්, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ මහත්වරු දිස්ත්‍රික් ලේකම්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යාවාත්කාලීන වෙන්න ඕන තමයි. හැබැයි මේ විදිහට උඩින් පැනගෙන ගිහින් කලබලෙන් නෙවෙයි. යටිතල පහසකම් ඇතිව ක්රමානකූලව කලයතු දෙයක්. නැත්නම් මේවා නිකම්ම පුස්ස බින්ඳා වගේ වෙනවා. බලයේ ඉන්න කම් කරන දැඟලිලි ව්තරය් එතකොට
රාජ්‍ය සේවයේ System update කරලා ඉන්න ඕන මුලින්ම Windows 10 නවත්වපු එකේ Generation 8 වලින් එහා මැෂින් දෙන්න එවා තමයි AI වලට යන්නේ එවා නොකර වැඩක් නැහැනෙ ඕවා කරලා