
(අංජුල මහික වීරරත්න)
රාජ්‍ය සේවයේ "මැද ලේයර් එක" හිස් යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහනුවරදී පැවසීය.
රාජ්‍ය සේවයේ පහළ තනතුරු විශාල වශයෙන් පුරවා තිබුණත් ඉංජිනේරුවන් කළමනාකරුවන් ආදී තනතුරු වල දැඩි හිඟයක් ඇති බව කී ජනාධිපතිවරයා මේ නිසා රාජ්‍ය සේවය විශාල ප්‍රශ්නයකට මුහුණ දී තිබෙන්නේ යැයි කීය.
ගොඩ නගන ලද හැම රටකම රාජ්‍ය සේවයට විශාල කාර්යභාරයක් පැවරී තිබෙන බව කී ජනාධිපතිවරයා දේශපාලන අධිකාරියෙන් වෙන් කරන මුදල් ගමට ගෙන යා යුත්තේ රාජ්‍ය සේවකයන් විසින් බව සඳහන් කළේය.
රාජ්‍ය සේවයේ මැද ලේයර් එක පිරවීම සඳහා පුරප්පාඩු තිස්දහසක් බඳවා ගැනීමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා කීය.
රාජ්‍ය සේවයේ නියැලෙන අය රටත් ජනතාවක් වෙනුවෙන් කාර්යභාරයක් කළ යුතුව තිබෙන්නේ යැයිද ජනාධිපතිවරයා පැවසීය. මහනුවර පැවැති ජනරැළියක් අමතමින් ජනාධිපති අනුර දිසානායක මහතා මේ බව කීය.
COMMENTS
ඔයගොල්ලන්ගේ තකතීරු වැඩ නිසා මැද ලේයර් එක රට හැර ගිහින්. පහුගිය අවුරුදු 50 ඇතුලත ජේවීපිය රටට හා විශේෂයෙන්ම අධ්‍යාපනයට කරපු හානිය මතක් කරගන්න.
රජයේ සේවයට ඉංජිනේරුවන් එන්නේ නැත්තේ වැටුප් මදි නිසා. එක්කෝ රට යනවා එහෙම නැත්නම් පුද්ගලික අංශයට යනවා. ඉංජිනේරුවන්ට විශේෂ ගෙවීමක් කරන්න.
ඔය ලේයර් එකේ මිනිස්සු ඔය හිඟන වැටුපට එන්නේ නැහැ. තමන් උසස් යැයි සිතා සිටින පරිපාලන සේවයක් තියෙනකම් ඔය ප්‍රශ්නය විසඳන්නත් බැහැ..!
රටේ උඩම ලේයර් එකේ ඔළුගෙඩි ඇතුළ හිස්...
අද ශ්‍රී ලංකාව ඕස්ට්‍රේලියා වට ඉංජිනේරුවන් නිපදවන ෆැක්ටරියක් බවට පත් වෙලා. එයාලාගෙ පඩි මහ බැංකුවේ උන්දැලාගෙ වගේ වැඩි කරන්න, වාහන පර්මිට් දෙන්න, පිටරටවලට නොයා ඉදී.