
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
ජනතාව ජීවත්වන්නේ අමාරුවෙන් බවත් නියමාකාර වැටුප් ව්‍යුහයක් සකස් කරන තුරු අතුරු දීමනාවක් ලබාදීමට සලකා බලන්නැයි තමා ඉල්ලීමක් කරන බවත් ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී අද (24) පැවැසීය.
ඔහු මෙසේ පැවසුවේ බුද්ධ ශාසන අමාත්‍යාංශය ඇතුළු ආයතන කිහිපයක වැය ශීර්ෂ පිළිබඳ කාරක සභා අවස්ථාවේ විවාදයේදීය.
ආදායම් තත්වය සලකා එසේ කටයුතු කරන්නැයි ද ඔහු ඉල්ලීමක් කළේය.
කොරෝනා නිසා අද සාමාන්‍ය පරිදි වැඩ කටයුතු කළ නොහැකි බවත් මේ රජය බලයට පත්වූදා සිටම ක්‍රියාත්මක වූයේ කොරෝනා බවත් නානායක්කාර මහතා පැවසුවේය.
මෙවර අයවැයෙන් ලොකු වැටුප් විෂමතාවක් විසඳූ බවත් ඒ සඳහා රුපියල් මිලියන තිස් දහසක් වැය කළ බවත් ඔහු සඳහන් කළේය.
කොරෝනා තියෙද්දි ගෙනා අයවැයෙන් කළ දේ ප්‍රශංසනීය බව වාසුදේව නානායක්කාර මහතා වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට පෞද්ගලික තැන්වල රැකියාව කරන අය කන්නේ බොන්නේ නැද්ද දන්නේ නෑ...?
වාසු සහෝදරයා නම් අපි ගැන හිතලා තියෙනවා. ඉතිං රුපියල් 10000ක වත් අතුරු දීමනාවක් දෙන්න. අගමැතිතුමා යනවා දැක්කා වාහන 15කට මැදි කරගෙන. පොලිස් වාහන තුනක් වෙනම ගියා... ඉතිං අපි ද රට ණය කළේ? අන්න ෆේස් බුක් එකේ තියෙනවා ඒ පෝස්ට් එක. ඒ් එකම වාහනයක්වත් කිලෝමීටර් තුනකට වඩා දුවන්න බැහැ ලීටරයකින්. අැත්තටම මේ රටේ දේශපාලකයින්ට මොකටද මෙහෙම වාහන යන්නේ..? මේවා පව් සල්ලි නේද? ඒවට බදු ගෙවන්නේ අපි නොවැ...
බරක් කිය කියා ඡන්දෙ ගැන හිත හිතා දීමනා දෙනවා...!
වාසිදේවගේ කතා ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ... කයිවාරුව විතරයි.
කාගේ සල්ලිවලින්ද හලෝ...? ඉතිරි කරගත්ත සල්ලි තිබෙනවා නම් දෙන්න. ඊට වඩා හොඳයි කාක්කන්ට ආප්ප අරන් දුන්නොත්...!
මමද රජයේ සේවකයෙක්මි. තවත් දීමනා අවශ්‍ය නෑ. දුෂ්කර කාලයක වුනත් සියලු වැටුප් ලැබුණා.ඒ අැති.
බමුණුඅාරච්චි නම් බමුෙණක්ම තමයි.
කිසිදු කාල සීමාවකින් තොරව රැකියා සඳහා හෝ අධ්‍යාපනය සඳහා රජයේ කාර්යාලය පුළුල් වන්නේ නම් කරුණාකර වැටුප් සහිත නිවාඩු ලබා නොදෙන්න. උසස් අධ්‍යාපනයට පවා වැටුප් සහිත නිවාඩු දෙන්න එපා. ඕනෑම රාජ්‍ය සේවකයෙකුට වහාම විශ්‍රාම යාමට ඉඩ දී ඔවුන්ට වයස අවුරුදු 55 දී විශ්‍රාම වැටුප ගෙවන්න. සතියේ දින 4 නිවසේ සිට වැඩ කිරීමට 50% ක වැටුපක් ලබා දෙන්න.
වට්ටක්කා ගෙඩිය ගෙඩිය දුන්නනම් හුගක් හොදයි .
පුද්ගලික අංශයට පින්සිදු වෙන්න රට දුවනවා. ඒ අයට මොකුත්ම දෙන්න කවුද කථා කරන්නේ. පින්පඩි කන කිසිම දෙයක් නොකර ගෙදර හිටිය රජයේ සේවකයන්ට දීමනා මොනව කරනවටද.?