(ඩයනා උදයංගනී)
සියලු රාජ්‍ය සේවකයන් ලබන සඳුදා සිට සාමාන්‍ය පරිදි රාජකාරි කටයුතු සඳහා කැඳවීමට පියවර ගන්නා ලෙස ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතාට දැනුම් දී ඇත.
කොවිඩ් රෝගය පාලනය පහසු කිරීම සඳහා සීමිත කාර්ය මණ්ඩල චක්‍රීය පදනම මත කැඳවමින් සහ නිවසේ සිට රාජකාරී සිදුකිරීමට අදාළව නිකුත් කර ඇති සියලුම චක්‍රලේඛ අවලංගු කරන ලෙස ද ජනාධිපති ලේකම්වරයා රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයාට දැනුම් දී ඇත.
ඒ අනුව කොවිඩ් සෞඛ්‍යාරක්‍ෂිත මාර්ගෝපදේශයන්ට යටත්ව ලබන සඳුදා සිට සියලුම රාජ්‍ය සේවකයන් සාමාන්යෝ පරිදි සේවයට කැඳවිය යුතු බවට ද ජනාධිපති ලේකම්වරයා දැනුම් දී ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ.
ශ්‍රී ලංකාවේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි එන්නත්කරණයට ලක්විය යුතු ජනගහණයෙන් ඉහළ ප්‍රතිශතයකට මේ වන විට එන්නත්කරණය සිදුකර ඇති අතර රාජ්‍ය සේවකයන් බහුතරයක් ද එන්නත්කරණයට ලක්කර ඇති නිසා රාජ්‍ය සේවා සාමාන්‍ය පරිදි පවත්වා ගෙන යාමට ප්‍රමුඛත්වය දිය යුතුයැයි එහි දැක්වේ.
කොවිඩ් වසංගතය ආරම්භ වූ පසු රාජ්‍ය සේවකයන් සීමිත කාර්ය මණ්ඩල වශයෙන් කැඳවීමට හා නිවෙස්වල සිට රාජකාරී කිරීමේ අවස්ථාව ලබාදීමට රජය පියවර ගෙන තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට ලංකාවේ කොරෝනා අඩුවෙලාද දැන්. අනේ වාසනාවන් .මම හැබැයි හීනයක්ද කොහෙද දැක්ක ඊයෙ කොරෝනා රෝගීන් 2300ක් හම්බවෙලා කියල.
පෞද්ගලික ආයතනවල සේවකයින් හැමදාම වැඩ .රජයේ සේවකයින් පින් බත් කකා ගෙදර සැප ගන්නවා .අනේ මෙහෙමත් රටක් .දැන්වත් ඇස් ඇරිච්ච එක හොදයි .සියලු රාජ්‍ය ආයතන කොතලාවල විශ්ව විද්‍යාලය වගේ හදන්න ජනපති තුමනි .
වැඩට ඇවිල්ලා කොරෝනා හදාගෙන ගෙදර යන්න ලැස්තිවෙන්න ළමයිනේ... බයවෙන්න එපා නන්දසේන මහත්තයා ගෙදර වියදම බලාගනියි... දියවන්නාවේ සුදු ඇඳගෙන, මාලිගා වගේ වාහන වල නැගලා එන හොර හැත්ත ඔයගොල්ලන්ගේ දුක සැප බලයි.
හොඳ වැඩේ.., හැමදාම පින් පඩි ගන්න හිතන් ඉන්න ඇත්තේ...
වැඩට නොඑන සියලු දෙනාට පඩි රහිත නිවාඩු සේ සැලකිය යුතුයි. තදින් නීතිරීති ක්‍රියාත්මක විය යුතුයි. N.G.O. කාරයින්ගේ රට වට්ටන සෙල්ලමට පිළිතුරු දිය යුත්තේ තේරෙන බසකිනි..
ගර්භනි කාන්තාවනුත් වැඩට ගෙන්වනවාද?
හැමදාම කලේ ඔය විදිහටමයි.. කොරෝනා ව්‍යාප්තිය වැඩි වෙනකොටම ඔක්කොම සාමාන්‍යකරණය කරනවා. මේක හිඟන්නාගේ තුවාලය වගේ දිගටම පවත්වාගෙන යන්න හදනවාද කියලත් හිතෙනවා..