(යොහාන් භාසුර)
රට තුළ පවතින තත්වය අනුව රජයේ සේවකයන්ට අද සහ හෙට (30 සහ 31) නිවසේ සිට රාජකාරි කිරීමේ අවස්ථාව ලබාදෙන ලෙස යෝජනා කළ බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය.
ජනතාවට ඉදිරි දින කිහිපයේ අසීරු තත්වයෙන් ජීවත්වීමට සිදුවන බව කී ජනක රත්නායක මහතා විදුලි අර්බුදයට හේතුව ආර්ථික අර්බුදය බව ද සඳහන් කළේය.
විදුලි අර්බුදය කළමනාකරණය කිරීමට අවශ්‍යව තිබූ පියවර කිසිඳු ආයතනයකින් ගෙන නොමැති වීම තත්වය උග්‍රවීමට හේතු වී ඇති බව ද ඒ මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විදුලි අර්බුදයක් සබරගමුව පළාත් සභාවට නම් නැතුව ඇති... මොකද එම ගොඩනැගිල්ලේ සම්පූර්ණ වහලයට සූර්ය බල ශක්තිය ලබාගෙන තිබුණා. රටේ අනෙක් ඒවාත් එහෙම කරන්න කියලා උපදෙස් දෙන්න ඔය කොමිසමට බැරිද උන්නැහේ?
නිවසේ සිට වැඩ කොහොම වුණත්, නිවසේ නිකන් ඉන්න නම් හොඳ අවස්ථාවක් ඔය කම්මැලියන්ට... කන්තෝරුව හරියට වැඩකරන්නේ නැති එකේ ගෙදර ඉඳන් හොඳටම කරයි...
ෆයිල් ගොන්න ගෙදර අරන් ගිහිල්ලා අත්සන් කරන්න පුළුවන්නේ... කන්තෝරුවේ වැඩ කරන විදිහටම...?
කොහොමත් ඉතින් රජයේ සේවකයෝ රාජකාරි ස්ථානයේ හරියට වැඩක් කරන්නේ නෑනේ.. ඒක නිසා එහෙම කළොත් ස්ථානයේ විදුලිබිල හරි ඉතිරි කරගන්න පුළුවන්... පඩියත් ටිකක් අඩු කළොත් තමයි හොඳ...!
ගෙදර ඉඳන් ජාතිය ගොඩනගන්න ජනගහනය වර්ධනය විතරක් කරයි. විදුලිය නෑ. ඩේටා නෑ. වෙන මොනවද කරන්න පුළුවන්? වවන්න පොහොරවත් පායන නිසා වතුරත් නෑ...
මෙයා කියන්නේ මේ විදුලි අර්බුදය කළමනාකරණය කිරීමට මේ දක්වා කිසිඳු ආයතනයකින් අවශ්‍ය පියවර ගෙන නොමැති කියල. අනිත් පෙත්තෙන් ජනාධිපති, අගමැති සහ ඇමති ගාමිණි ලොකුගේ කියන්න අහවල් දිනයකින් මේ අර්බුදය අවසන් වෙනවා කියල. නමුත් අර්බුදය විසඳන ලකුණු නම් පෙන්න නැහැ. ඇත්තටම මෙම මහජන උපයෝගික කොමිසම පවත්වා ගැන යන එක විහුළුවක්. මහජන උපයෝගික කොමිසමෙන් මහජනයාට කිසිම ප්‍රයෝජනයක්වත් නැහැ.
මේ අය වැඩට ගියා කියලා මොනවද කරන්නේ? පඩි වැඩිකරගන්න උද්ඝෝෂණ හරියට කළා. රට බංකොළොත් වෙන්න හේතුව රජයේ සේවකයෝ හොරා කාපු එක.. ඔවුන්ව සදහටම ගෙදර යවන්න ඕනෑ...
මෙයාගේ කොමිසම පාලක උපයෝගිතා කොමිසම කියලා නම වෙනස් කරන්න යෝජනා කරමුද ?
විදුලිය නැතුව නිවසේ සිට වැඩ කරන්නේ කොහොමද? ඛණිජ තෙල් සංස්ථාව මේක කිව්වා නම් යම්කිසි හරයක් තියෙනවා. කොහොමත් හිස් ටින්වලින් එන්නේ සද්දය විතරයි.
ඉතින් ලංකාව බංකොළොත් වෙන්නැති වෙයිද?
ඕටී.. /පඩියත් අඩු කළොත් තමයි හොඳම...!
මේ කියන්නේ වත්තේ පිටියේ වැඩ ගැන වෙන්න ඇති
රජය නෙවෙයි..., කාටවත් ගෙදර ඉඳලා වැඩ කරගන්න බැහැ මෙහෙම එක දිගට පැය 6ක් කරන්ට් කැපුවාම... බැරිද මේ කපන එක පැය 2න් 2කට කපන්න. ඒකටත් ඉතින් කම්මැලි කමනේ... දවසේ පැය 24න් 2ක් හැර 2ක් වගේ කපන්න පුළුවන්නේ...