(යොහාන් භාසුර)

වැටුප් ඉහළ දැමීම ඇතුළු ඉල්ලීම් කීපයක් මුල්කරගනිමින් රාජ්‍ය සේවකයන් අද (8) ආරම්භ කළ අසනීප නිවාඩු දැමීමේ වෘත්තිය ක්‍රියාමාර්ගය හේතුවෙන් රාජ්‍ය ආයතන රැසකම වැඩකටයුතු සම්පූර්ණයෙන් අඩාල විය.

මෙම වර්ජනයට සමගාමීව රාජ්‍ය සේවකයන් පිරිසක් කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට අද දහවල් විරෝධතාවක් පැවැත්වූහ.

‘රජයේ විධායක නොවන සියලුම සේවකයන්ට රුපියල් 25,000 ක දීමනාවක් ලබාදෙනු සහ කළමනාකරණ සේවා නිලධාරීන්ගේ වැටුප් විෂමතා ඉවත් කරනු’ ආදි පාඨ ඇතුළත් පුවරු රැගෙන එහිදී ඔවුහු විරෝධය දැක්වූහ.

(ඡායාරූප: ශාන්ත රත්නායක)