(රංජන් කස්තුරි)

රාජ්‍ය ව්‍යාපාරයන්හි සේවකයිින්ගේ අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 62තෙක් දීර්ඝ කර ඇතැයි මුදල් අමාත්‍යාංශය නිවේදනය කළේය.

එහෙත් කිසියම් සේවකයකුට වයස 57න් පසුව අභීමතය පරිදි විශ්‍රාම යා හැකි අතර ඒ පිළිබඳව මාස 3කට පෙර දැනුම් දිය යුතු බවද මුදල් අමාත්‍යාංශ නිවේදනයේ සඳහන් වේ.

කාර්යක්ෂමතාවය හා කාර්යසාධනය සතුටුදායක නොවන නිලධාරියකුට වයස අවුරුදු 57න් ඔබ්බට සේවාදීර්ඝ කිරීමක් ලබානොදීමට පත්වීම් බලධාරියා තීරණය කරන්නේ නම් ඒ පිළීබඳව මාස 6කට පෙර සේවකයාට දැනුම්දිය යුතු බවද එහි සඳහන්වේ.

එවැනි අවස්ථාවක නිලධාරියාට පත්වීම් බලධාරියා වෙත අභියාචනයක් ඉදිරිපත් කළ හැකිය.