
(සුජිත් හේවාජුලිගේ )
නව වසර වෙනුවෙන් ජනතාවට සහන ලබාදීම සඳහා නව අයවැයක් ගෙන ඒමට රජය බලාපොරොත්තුවෙන් සිටින බව වාර්තා වේ.
රජයේ වියදම් හැකි උපරිමයෙන් අඩුකර මෙම ජනතා සහන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට සැලසුම්කර ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
රජයේ වියදම් කෝටි 5300 කින් පමණ අඩු කරගෙන ඇති අතර එසේ අඩු කරගෙන ඇති වියදම් අතර ජනාධිපතිවරයාගේ වියදම්ද වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අමාත්‍ය මණ්ඩලයේ ප්‍රමාණය, අමාත්‍යවරුන්ගේ වියදම්, මන්ත්‍රී වරුන්ගේ වියදම්, මහබැංකු අධිපති වැනි අයගේ වියදම් වගේම ක්ෂණික ප්‍රතිඵල නොලැබෙන සංවර්ධන, සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් අසාමාන්‍ය ලෙස ඉහළ මට්ටමින් ගෙවීම් සිදුකිරීම සියල්ලම අඩුකළහොත් තවගොඩක් වියදම් අඩුකළ හැකියි.
ඔව්... තවත් කිව්වොත්, මැති ඇමැති කාර්ය මණ්ඩලය අඩු කිරිම, ආරක්ෂක නිලධාරින් සහ පරිවාර රථ අඩුකිරීම, ඉන්ධන දීමනා 50% කින් අඩු කිරීම (දුන්නත් කරපු ජනතා සේවයක් නැහැනේ) නිල නිවාස වල සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී/ඇමතිවරුන් සඳහා ප්‍රවාහන සේවයක් ආරම්භ කිරිම (තනිතනිව පාර්ලිමේන්තු පැමිණීම සීමා කළයුතුයි), තව ඕනෑතරම් කියන්න පුළුවන්. අඩුම ගානේ මේ ටිකවත් සලකා බලන්න.
අශ්වයා ගවු ගාණක් දුර ගිහිල්ලා ඉවරයි. ස්ථාලයේ දොර වහලා වැඩක් නෑ. හොරකම් කළ අශ්වයො ටික නැවතත් කොටුකරලම තමයි දොර වහන්න ඕනේ...
ඇමැති මණ්ඩලය අඩු කරන්න.. රාජ්‍ය ඇමතිධුර කියන බහුබූත තනතුර අහෝසි කරන්න. දේශපාලුවන්ගේ සුඛ විහරණය සඳහා කරන සියලුම සහන සහ අනවශ්‍ය වියදම් කපා හරින්න. දැන් ඉතින් යුද්ධ කලබල කිසිත් නැති නිසා දේශපාලුවන්ට ආරක්ෂාව සඳහා කරන ආරක්ෂක වියදම් සීයට සීයක්ම කපා හරින්න...
මේ ආයතන සියල්ල ප්‍රතිව්‍යුහගත කරන්න ඕනේ... වැටුප් නැතිව මාස 3 ක් වැඩ කරන්න කියමු. එතකොට බලාගන්න පුළුවන් කවුද රටට ආදරේ කියලා...?
ඒ කිව්වේ රාජපක්ෂලා දාඩිය මහන්සියෙන් හම්බ කරලා මිනිස්සුන්ට කන්න දෙනවා කියලද?
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැගීමට කෙනෙක් ඇත්තේම නැත්ද..?
Swene, කියාපු දේ ඇත්ත, ඒත් ඕක පටන් ගන්නේ වැටුප්, අතිකාල දීමනා, ඉන්ධන බෙහෙත් වගේ දේ වලට ෂොට් එක දීලා...
මැති ඇමැතිවරුන්ගේ පාර්ලිමේන්තු සියලු වරප්‍රසාද අඩුකර මාස හයක වැටුප් රටේ අර්බුදයට යොදවන්න..