(රේඛා තරංගනී ෆොන්සේකා)
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලවරණය විධිමත් කාර්ය පටිපාටියක් සකස් නොකර පවත්වන්නට යෑමට එරෙහිව දින දාහතරකට බලපැවැත්වෙන ලෙස ඉකුත් ජුලි 16 වැනිදා මොරටු දිසා අධිකරණය නිකුත් කළ තාවකාලිකව අත්හිටුවීමේ වාරණ නියෝගය අගෝස්තු පස්වැනිදා දක්වා යළි දීර්ඝ කරන ලෙස මොරටුව දිසා විනිසුරු දමින්ද රාමනායක වැලිගොඩපිටිය මහතා අද නියෝග කළේය.
එදිනට විරෝධතා තිබේ නම් ලිඛිත විරෝධතා ගොනු කරන ලෙස ද මහේස්ත්‍රාත්වරයා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෙත නියෝග කරනු ලැබීය.
මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කරනු ලැබූවේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට සහ නිලතල දරන සාමාජිකයින් දහනවදෙනෙකුට එරෙහිව සෞඛ්‍යය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක(වතු හා නාගරික සෞඛ්‍ය) වෛද්‍ය ජී.ජී චමල් සංජීව මහතා විසින් අධිකරණයට ගොණුකළ පැමිණිල්ලකට අනුවය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට විශ්‍රාමලත් වෛද්‍ය නිලධාරීන්ගේ කණ්ඩායමක් වසර 2කෙන් දෙකට පත් කරන්න. එසේ නොවුනහොත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මාෆියා කල්ලිවල ග්‍රහණයට නටුවනු ඇත. විශ්‍රාමලත් වෛද්‍ය නිලධාරීන්ගේ කණ්ඩායමක් පත් උවහොත් ඔවුන් නොමිලයේ මෙම සේවාව කරනු ඇත. එවිට සෞඛ්‍ය සේවය වර්ජන පවා අඩුවීමක් සිදුවනු ඇත. වර්තමාන වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය සේවය පරිපාලනය හෝ ඔවුන්ගෙන් ඉටුවිය යුතු සේවය පසෙකලා රටපුරා තිබෙන්නා වූ වර්ජන / අර්බුධ සොයමින් ඒවා ඔවුන්ගේ කරගැනීමට උත්සාහ කරන මාෆියා කණඩායමක් බව ජනතවගේ හැගීම වේ.