
(නිමල් ජයරත්න සහ බී.ජී.චතුරංග)
මෙවර යළ කන්නයේ අනුරාධපුර සහ පොලොන්නරු දිස්ත්‍රික්කවල වී රජය මිලදී ගැනීමට සූදානම් වන විට සියයට 90 පමණ පෞද්ගලික වෙළෙඳුන් මිලදී ගෙන ඇතැයි පොලොන්නරුව සහ අනුරාධපුර ගොවීහු පවසති.
ඇතැම් ප්‍රදේශවල මේ වන විට අස්වැන් නෙළීමට ඉතිරිව ඇත්තේ සියයට 10කටත් වඩා අඩු ප්‍රමාණයක් බව ද ගොවීහු කියති.
වී කිලෝවක් සඳහා රජය මගින් සහතික මිලක් නියම කළ ද පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වී අලෙවි මණ්ඩලය මගින් වී ගබඩා මෙතෙක් විවෘත නොමැති බව ද ගොවීහු චෝදනා කරති.
රජයේ වී මිලදී ගැනීමේ වැඩපිළිවෙළ ආරම්භ කරන විට ගොවියාගේ වී පොළොන්නරුවේ මහා පරිමාණ වීමෝල් හිමිකරුවන් වී අස්වනු තුට්ටු දෙකට මිලදීගෙන අවසන් බව පොළොන්නරුව ඇතුළු මහවැලි බි හා සි කලාපවල ගොවි සංවිධාන නියෝජිතයින් සහ ගොවී ජනතාව චෝදනා කරති.
අප මේ සම්බන්ධයෙන් වී අලෙවි මණ්ඩලයේ පොළොන්නරු දිස්ත්‍රික් කාර්යාලයෙන් දුරකථනයෙන් කළ විමසීමකදී එහි නිලධාරීයෙක් සඳහන් කළේ රජය මගින් මෙතෙක් තමන්ට මුදල් ලැබි නැති බවත්, මුදල් ලැබුණු සැනින් වී මිලදි ගැනීමේ වැඩපිළිවෙළ ආරම්භ කරන බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක පේටන්ට් ගන්න කොටම හේතුව මේ බොරුව... ඔක්කොම ඡන්ද ප්‍රෝඩා තමයි.
එහෙනම් ඉතින් සහල් මිලත් එයාලාම තීරණය කරයි...
ආණ්ඩුව එදා ඉඳන් ම කලේ ඔය ටික.. තනිකරම බොරු .. මුදලාලිලා අඩු මිලට අරගෙන ඉවර වෙනකොටම බොරුවක් දාලා ඔන්න වැඩි මිලට අපිට දෙන්න කියනවා. තව දුරටත් මේ ප්‍රෝඩාවට රැවටෙමු ද?
ගොයම් කපලා ගොඩක් කල් දැන්ද රජයේ බලධාරීන් ඇහැරලා තියෙන්නේ... තුට්ටු දෙකට දෙන්න මිනිස්සු වී ටික ගෙවල් අස්සේ දාගෙන ඉන්නේ ණය වෙච්ච මුදල් ගෙවන්න රත්තරන් බඩු ටික උකස් බේරගන්න ඕන නිසා අස්වැන්න නෙළපු ගමන් ගොවියෝ වී විකුණනා.