IMG-LOGO

රජයේ ලොක්කන්ට රට ගමන්වලදී සුපිරි සැප කපයි

(අංජුල මහික වීරරත්න)

ජනාධිපති ලේකම් ,අග්‍රාමාත්‍ය ලේකම් ඇතුළු ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් නිල විදේශ සංචාර වල නිරත වීමේදී ව්‍යාපාරික පන්තියේ ගමන් කිරීම තහනම් කරමින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කිරීමට රජය තීරණය කර තිබේ.

අදාල චක්‍රලේඛය මේ සතියේ දී ම නිකුත් කිරීමට නියමිත බව ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා පැවසීය.

රජයේ නිල විදෙස් සංචාරවලදී ව්‍යාපාරික පන්තියේ පහසුකම හිමි වූ ඉහල රාජ්‍ය නිලධාරීන් අතර ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්, අමාත්‍යාංශ ලේකම්වරුන්, කැබිනට් ලේකම්වරයා, මහ බැංකු අධිපතිවරයා සහ නීතිපතිවරයා ද විය.

රටේ පවතින අයහපත් මූල්‍ය තත්ත්වය හමුවේ ජනතාව දුක් විඳිද්දී රාජ්‍ය නිලධාරීන්ගේ ද කැපවීම අවශ්‍ය බවත් වියදම් කපා හැරීමේ රජයේ ප්‍රතිපත්තියට අනුකූලව අදාල චක්‍රලේඛය නිකුත් කරන බවත් ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා සඳහන් කළේය. රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විදේශ සංචාර වලදී නවාතැන් ගන්නා හෝටල් සම්බන්ධයෙන් ද මෙම චක්‍රලේඛය මගින් සීමාවන් පැනවීමට නියමිත බව වාර්තා වෙි.

 



අදහස් (3)

රජයේ ලොක්කන්ට රට ගමන්වලදී සුපිරි සැප කපයි

දාස Sunday, 19 February 2023 07:36 PM

ඕවා පට්ට බොරු තමයි.. කැපිල්ල විතරයි.

:       0       1

de silva Monday, 20 February 2023 12:29 AM

මහජන නියෝජිතයෝ වී8 වලින් යනඑක නවත්වන්න බැරිද? ප්‍රාඩෝ එකක ගියාම මදිද?

:       0       1

Sisira Monday, 20 February 2023 08:00 AM

ඇමතිවරැන්ටත් එහෙමද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 493 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 662 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 271 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site