(අංජුල මහික වීරරත්න)
ජනාධිපති ලේකම් ,අග්‍රාමාත්‍ය ලේකම් ඇතුළු ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් නිල විදේශ සංචාර වල නිරත වීමේදී ව්‍යාපාරික පන්තියේ ගමන් කිරීම තහනම් කරමින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කිරීමට රජය තීරණය කර තිබේ.
අදාල චක්‍රලේඛය මේ සතියේ දී ම නිකුත් කිරීමට නියමිත බව ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා පැවසීය.
රජයේ නිල විදෙස් සංචාරවලදී ව්‍යාපාරික පන්තියේ පහසුකම හිමි වූ ඉහල රාජ්‍ය නිලධාරීන් අතර ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්, අමාත්‍යාංශ ලේකම්වරුන්, කැබිනට් ලේකම්වරයා, මහ බැංකු අධිපතිවරයා සහ නීතිපතිවරයා ද විය.
රටේ පවතින අයහපත් මූල්‍ය තත්ත්වය හමුවේ ජනතාව දුක් විඳිද්දී රාජ්‍ය නිලධාරීන්ගේ ද කැපවීම අවශ්‍ය බවත් වියදම් කපා හැරීමේ රජයේ ප්‍රතිපත්තියට අනුකූලව අදාල චක්‍රලේඛය නිකුත් කරන බවත් ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා සඳහන් කළේය. රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විදේශ සංචාර වලදී නවාතැන් ගන්නා හෝටල් සම්බන්ධයෙන් ද මෙම චක්‍රලේඛය මගින් සීමාවන් පැනවීමට නියමිත බව වාර්තා වෙි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕවා පට්ට බොරු තමයි.. කැපිල්ල විතරයි.
මහජන නියෝජිතයෝ වී8 වලින් යනඑක නවත්වන්න බැරිද? ප්‍රාඩෝ එකක ගියාම මදිද?
ඇමතිවරැන්ටත් එහෙමද?