
(අංජුල මහික වීරරත්න)
රජයේ මුද්‍රණාලයාධිපති තනතුරට පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
රජයේ මුද්‍රණාලයාධිපති වශයෙන් සේවය කරනු ලැබූ ජී.කේ.ඩී. ලියනගේ මහත්මියගේ සේවා කාලය 2024-12-24 දින අවසන් වීම මත පුරප්පාඩුව පවතින එකී තනතුරට සුදුසු නිලධාරියෙකු පත් කළ යුතුව ඇත.
දැනට ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු වශයෙන් සේවය කරනු ලබන ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරි කේ.ජී.පී. පුෂ්ප කුමාර මහතා එම තනතුරට පත් කිරීම සඳහා සුදුසු බවට හඳුනාගනු ලැබ තිබේ.
ඒ අනුව ඔහු රජයේ මුද්‍රණාලයාධිපති තනතුරට පත් කිරීම පිණිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
2025 දෙසැම්බර් මස 18
583
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
287
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1088
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රජයේ මුද්‍රණාලයාධිපති පත් කිරීමට කැබිනට් අනුමැතිය