IMG-LOGO

2025 ජුලි මස 31 වන බ්‍රහස්පතින්දා


රජයේ ප්‍රමාදයෙන් කලාකරුවෝ අමාරුවේ

(සුජිත් හේවාජුලිගේ )

මාධ්‍යවේදීන් ඇතුළු කලාකරුවන් සඳහා  වාහන මිලදී ගැනීමට  ලබාදුන් පොලී රහිත ණය මුදල වෙනුවෙන් ලබාදෙන සහනාධාර  මුදල ( subsidy)  මහ භාණ්ඩාගාරය ප්‍රමාදකර බැංකුවලට යොමුකිරීම නිසා එම ණය ලබාගත් බොහෝ පිරිසක් දැඩි දුෂ්කරතාවයට පත්ව සිටිති.

එම ණය මුදල වෙනුවෙන් වාරික මුදල් ( installment) ගෙවීම මේ හේතුවෙන්  දීර්ඝවීම නිසා  තමන් අපහසුතාවයට පත්ව සිටින බව  කලාකරුවෝ පිරිසක් පැවසූහ.

මේ සම්බන්ධයෙන්  අප ලංකා බැංකු මූලස්ථානයේ  පෞද්ගලික ශාඛාවේ නිලධාරියකුගෙන් කළ විමසුමකදී ඔහු පැවසූවේ   එම ණය මුදල සඳහා රජයෙන් (මහ භාණ්ඩාගාරයෙන්) ලැබෙන සහනාධාර මුදල  ප්‍රමාද වන බවයි.

එම සහනාධාර මුදල පසුගිය කාලයේ දී ලැබුණේ කොටසින් කොටස බවද ඒ නිලධාරියා ප්‍රකාශ කළේය.

පොලී රහිත ණය මුදල සඳහා රජයෙන් ලබාදෙන සහනාධාරය  මෙනිසා කලට වේලාවට අදාල බැංකුවලට යොමු කිරීමට  කටයුතු කරන්නැයි  කලාකරුවෝ රජයෙන් ඉල්ලීමක් කරති.

මාධ්‍යවේදීන් ඇතුළු කලාකරුවන් සඳහා මෙම පොලී රහිත ණය මුදල ලබා දුන්නේ පසුගිය මහින්ද  රාජපක්ෂ රජය සමයේදීය.

ණය යෝජනා ක්‍රමය යටතේ වාහන මිලදී ගැනීම සඳහා මාධ්‍යවේදීන් ඇතුළු කලාකරුවන්ට  ලබාදුන් එම  ණය මුදලේ වටිනාකම  රුපියල් ලක්ෂ 12 කි. අදාළ ගිවිසුම අනුව , කලාකරුවන්ගෙන්  ණය මුදල පමණක්  වාරික වශයෙන් අය කර ගැනෙන අතර ණය මුදලේ පොලිය ( සහනාධාර) ගෙවනු ලබන්නේ රජය විසිනි.



අදහස් (11)

රජයේ ප්‍රමාදයෙන් කලාකරුවෝ අමාරුවේ

sena Sunday, 06 November 2022 01:00 PM

ඉතින් ආණ්ඩුවට කඩේ යන එක අහන්නත් දෙයක්ද? මාධ්‍යවේදීන්, කලාකාරයෝ මහජන මුදල්වලින් බිලිබාගන්න එක සදාචාරාත්මකද?

:       0       24

sadu Sunday, 06 November 2022 02:08 PM

වක්‍රාකාරව අල්ලස් දීමක් තමයි.. රාජපක්ෂ යනු අදක්ෂ දේශපාලුවෙක්... කිසිම දැක්මක් නෑ.!

:       1       27

BamunuarachchiSunday, 06 November 2022 04:03 PM

රාජපක්ෂලා නොසිටින්න මේ වනවිට ඔබලාව ප්‍රභාකරන් ගොන්නු වෙනුවට කරත්තවල බන්දලා... කතාවේ හැටියට දැනටත් හොඳ ඒ වැඩේට...

:       20       5

චමින්ද Sunday, 06 November 2022 07:08 PM

යකෝ ඔලුව අතගාල බලන්න අං දෙකක් නැත්නම් එකක්වත් එන ලකුණක් තියෙනවාද කියලා... ෆොන්සේකා මැතිතුමා නොහිටින්න මහින්ද ඔය යුද්ධය දිනනවා බොරු මහින්ද හරියට වැඩක් කළානම් 2009 න් පස්සෙ කරපු ආර්ථික සංවර්ධනය වෙනුවෙන් කළ කර්මාන්ත ශාලා, විදේශ විනිමය ලැබෙනක්‍රම මොනවාද? ඔවුන් කළේ ඔවුන්ගේ නම සටහන් කරන්න පුවරු ගැසීමට හැකි දේවල් විතරයි. උදාහරණය හම්බන්තොට වරාය නොහදා කොළඹ වරායේ නැගෙනහිර හා බටහිර පර්‍යන්ත හැදුවා නම් ඒවා ඉන්දියාවට දෙන්න අවශ්‍ය නැහැ හම්බන්තොට චීනයට දෙන්න වෙන්නේ නැහැ. අපිට කෙලින්ම ඩොලර් ලැබෙනවා නමුත් මහින්ද නම කොටන්න බැහැ.. මොකද කොළඹ වරාය, මහින්ද රාජපක්ෂ වරාය කියන්න බැහැනේ... ඇත්තටම ඔහු කලේ 1970 දී දුටු දේවල්... එනම් හැමදෙයක්ම බණ්ඩාරනායක නමින් නම් කළා වගේ ඔහුටත් හැමදෙයක්ම මහින්ද රාජපක්ෂ නමින් නම් කරන්න ඕනෑ වුණා...

:       3       13

BamunuarachchiTuesday, 08 November 2022 06:28 AM

චමින්ද මම පිළිතුරු දීලා තිබෙනවා කියවපන්.

:       1       0

C.K.Lankaputhra Sunday, 06 November 2022 02:12 PM

මොලේ කළඳක් ඇති කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්. මොකක්ද මේකේ තේරුම කියලා... දුප්පත් මහජනතාවගේ මුදල්වලින් ඔය කියන පාර්ශ්ව දෙකේ ඔවුන්ගේ නහය විදලා එහෙයියන් සහ සට්ටැඹියන් කරන්න රාජපක්ෂලා ඔවුන්ට අල්ලස් දුන්නා කියන එක මිසක් වෙන මොන බම්බුවක්ද.. ?

:       1       16

Demuni Uduwara Sunday, 06 November 2022 02:53 PM

It's a burning question !

:       0       1

Bamunuarachchi Sunday, 06 November 2022 04:00 PM

රටට ඩොලර් උපයන්නේ පිටරටට වැඩකරන අපි. වාහන ගෙන්න ගන්නේ කොහෙවත් ඉන්න කලාකාරයින්, දේශපාලුවන්. රටට ඩොලර්...! සතයක් එවන්නේ නැහැ.

:       2       10

බද්රානි Sunday, 06 November 2022 05:20 PM

දෙකයි පනහේ ලාබෙට රටේම දරුවන්ගේ අනාගතය අඳුරු කිරීමට දායක වූ, මෝඩ නලාකරුවන්ට සහ මාධ්‍යවේදීන්ට රාජපක්ෂ දුන්නු අල්ලසත් ගෙවන්න වෙලා තියෙන්නේ මේ රටේ අසරණ ජනතාවටද? මේ රටේ වයසක අය ඔය අයට කලාකරුවන් කීවාට, ලංකාවේ නව පරපුර නම් ඔය කියල මහලොකු කලාකරුවන්ව දන්නේවත් නැහැ. හොලිවුඩයේ සහ බොලිවුඩයේ කලාකරුවන්ට අපි ආදරෙයි. "රථ ගාය" ලංකාවේ ජානගත රෝගයක්ද...?

:       1       12

arschfikaaMonday, 07 November 2022 03:02 AM

බද්රානි, පුළුවන් නම් ඔය බමුණුආරච්චි කියන නරියව ඒ රටේදීම මරලා දාන්නකො. ඹය කමෙන්ට්ස් දකිනකොට මට හරියට වහ කනව වගෙයි. ඕකට විරුද්ධව ලියන කමෙන්ට් පළ කරන්නෙත් නැහැ.

:       0       1

Bamunuarachchi Monday, 07 November 2022 07:46 AM

යකෝ පොන්සේකා හමුදාවට ආවේ මහින්දත් එක්කද? පොන්සේකා මහින්ද ජනාධිපති වෙන්න කලින් හමුදාවේ හිටියානේ මොකෝ යුද්දේ දිනන්න බැරි උනේ? රනිල් කිව්වේ පොන්සේකව සැල්වේෂන් ආමි එකට හොඳයි කියලා නේද? මිනිහෝ මහින්ද තමයි පොන්සේකාව හමුදාපතිකලේ. නායකයෙක්, ලීඩර් කෙනෙක් කියන්නේ වැඩේට සුදුසු මිනිහෙක් තෝරන්න පුළුවන් කෙනාටයි. පොන්සේකාව හමුදාපති කලේ රාජපක්ෂලා. යුද්දේ දිනන්න අවශ්‍යය දේශපාලන පසුබිම සකස් කලේ රටේ නායකයා. පොන්සේකා හමුදාව මෙහෙයවූවා එක වේම කතාවක්. යුද්දයට අවශ්ය දේශපාලන පසුබිම සකස් කරන්නේ රටේ නාකයෝ මිසක් හමුදාපති නොවෙයි. ලෝක නායකයෝ යුද්දයට ආදාර දෙන්නේ හමුදාපති නිසා නොවෙයි. රටේ නායකයා නිසා. මිනිහෝ යුක්රේන් යුද්දයේ රුසියාව පැත්තෙන් පුටින්ගේ නමයි යුක්රේනය පැත්තෙන් සෙලෙන්ස්කී ගේ නමට වඩා දෙයක් ඔබ දන්නා වාද? මෝඩයා නොදන්නා මගුල් කතා නොකට හිටින්. ඩොලර් හෙවිල්ලට පසුව උත්තර දෙන්නම්.

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 91 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 236 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 585 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site