(සුජිත් හේවාජුලිගේ )
මාධ්‍යවේදීන් ඇතුළු කලාකරුවන් සඳහා වාහන මිලදී ගැනීමට ලබාදුන් පොලී රහිත ණය මුදල වෙනුවෙන් ලබාදෙන සහනාධාර මුදල ( subsidy) මහ භාණ්ඩාගාරය ප්‍රමාදකර බැංකුවලට යොමුකිරීම නිසා එම ණය ලබාගත් බොහෝ පිරිසක් දැඩි දුෂ්කරතාවයට පත්ව සිටිති.
එම ණය මුදල වෙනුවෙන් වාරික මුදල් ( installment) ගෙවීම මේ හේතුවෙන් දීර්ඝවීම නිසා තමන් අපහසුතාවයට පත්ව සිටින බව කලාකරුවෝ පිරිසක් පැවසූහ.
මේ සම්බන්ධයෙන් අප ලංකා බැංකු මූලස්ථානයේ පෞද්ගලික ශාඛාවේ නිලධාරියකුගෙන් කළ විමසුමකදී ඔහු පැවසූවේ එම ණය මුදල සඳහා රජයෙන් (මහ භාණ්ඩාගාරයෙන්) ලැබෙන සහනාධාර මුදල ප්‍රමාද වන බවයි.
එම සහනාධාර මුදල පසුගිය කාලයේ දී ලැබුණේ කොටසින් කොටස බවද ඒ නිලධාරියා ප්‍රකාශ කළේය.
පොලී රහිත ණය මුදල සඳහා රජයෙන් ලබාදෙන සහනාධාරය මෙනිසා කලට වේලාවට අදාල බැංකුවලට යොමු කිරීමට කටයුතු කරන්නැයි කලාකරුවෝ රජයෙන් ඉල්ලීමක් කරති.
මාධ්‍යවේදීන් ඇතුළු කලාකරුවන් සඳහා මෙම පොලී රහිත ණය මුදල ලබා දුන්නේ පසුගිය මහින්ද රාජපක්ෂ රජය සමයේදීය.
ණය යෝජනා ක්‍රමය යටතේ වාහන මිලදී ගැනීම සඳහා මාධ්‍යවේදීන් ඇතුළු කලාකරුවන්ට ලබාදුන් එම ණය මුදලේ වටිනාකම රුපියල් ලක්ෂ 12 කි. අදාළ ගිවිසුම අනුව , කලාකරුවන්ගෙන් ණය මුදල පමණක් වාරික වශයෙන් අය කර ගැනෙන අතර ණය මුදලේ පොලිය ( සහනාධාර) ගෙවනු ලබන්නේ රජය විසිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතින් ආණ්ඩුවට කඩේ යන එක අහන්නත් දෙයක්ද? මාධ්‍යවේදීන්, කලාකාරයෝ මහජන මුදල්වලින් බිලිබාගන්න එක සදාචාරාත්මකද?
වක්‍රාකාරව අල්ලස් දීමක් තමයි.. රාජපක්ෂ යනු අදක්ෂ දේශපාලුවෙක්... කිසිම දැක්මක් නෑ.!
මොලේ කළඳක් ඇති කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්. මොකක්ද මේකේ තේරුම කියලා... දුප්පත් මහජනතාවගේ මුදල්වලින් ඔය කියන පාර්ශ්ව දෙකේ ඔවුන්ගේ නහය විදලා එහෙයියන් සහ සට්ටැඹියන් කරන්න රාජපක්ෂලා ඔවුන්ට අල්ලස් දුන්නා කියන එක මිසක් වෙන මොන බම්බුවක්ද.. ?
It's a burning question !
රටට ඩොලර් උපයන්නේ පිටරටට වැඩකරන අපි. වාහන ගෙන්න ගන්නේ කොහෙවත් ඉන්න කලාකාරයින්, දේශපාලුවන්. රටට ඩොලර්...! සතයක් එවන්නේ නැහැ.
දෙකයි පනහේ ලාබෙට රටේම දරුවන්ගේ අනාගතය අඳුරු කිරීමට දායක වූ, මෝඩ නලාකරුවන්ට සහ මාධ්‍යවේදීන්ට රාජපක්ෂ දුන්නු අල්ලසත් ගෙවන්න වෙලා තියෙන්නේ මේ රටේ අසරණ ජනතාවටද? මේ රටේ වයසක අය ඔය අයට කලාකරුවන් කීවාට, ලංකාවේ නව පරපුර නම් ඔය කියල මහලොකු කලාකරුවන්ව දන්නේවත් නැහැ. හොලිවුඩයේ සහ බොලිවුඩයේ කලාකරුවන්ට අපි ආදරෙයි. "රථ ගාය" ලංකාවේ ජානගත රෝගයක්ද...?
යකෝ පොන්සේකා හමුදාවට ආවේ මහින්දත් එක්කද? පොන්සේකා මහින්ද ජනාධිපති වෙන්න කලින් හමුදාවේ හිටියානේ මොකෝ යුද්දේ දිනන්න බැරි උනේ? රනිල් කිව්වේ පොන්සේකව සැල්වේෂන් ආමි එකට හොඳයි කියලා නේද? මිනිහෝ මහින්ද තමයි පොන්සේකාව හමුදාපතිකලේ. නායකයෙක්, ලීඩර් කෙනෙක් කියන්නේ වැඩේට සුදුසු මිනිහෙක් තෝරන්න පුළුවන් කෙනාටයි. පොන්සේකාව හමුදාපති කලේ රාජපක්ෂලා. යුද්දේ දිනන්න අවශ්‍යය දේශපාලන පසුබිම සකස් කලේ රටේ නායකයා. පොන්සේකා හමුදාව මෙහෙයවූවා එක වේම කතාවක්. යුද්දයට අවශ්ය දේශපාලන පසුබිම සකස් කරන්නේ රටේ නාකයෝ මිසක් හමුදාපති නොවෙයි. ලෝක නායකයෝ යුද්දයට ආදාර දෙන්නේ හමුදාපති නිසා නොවෙයි. රටේ නායකයා නිසා. මිනිහෝ යුක්රේන් යුද්දයේ රුසියාව පැත්තෙන් පුටින්ගේ නමයි යුක්රේනය පැත්තෙන් සෙලෙන්ස්කී ගේ නමට වඩා දෙයක් ඔබ දන්නා වාද? මෝඩයා නොදන්නා මගුල් කතා නොකට හිටින්. ඩොලර් හෙවිල්ලට පසුව උත්තර දෙන්නම්.