IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


රජයේ පඩි බිලෙන් බාගයක්ම හමුදාවේ ඇත්තන්ට

(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ )

රජයේ සේවකයන්ට වැටුප් ගෙවීම සඳහා වෙන් කෙරෙන මුළු මුදලින් අඩක්ම( සියයට 48.8) වැය කෙරෙන්නේ පොලිසිය සහ ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයන් වෙනුවෙන් බව පේරාදෙණිය සහ රුහුණ විශ්ව විද්‍යාලවල පර්යේෂකයන් තිදෙනකු කළ විමර්ශනයකදී තොරතුරු අනාවරණය වී ඇත.

රජයේ සේවකයන්ට වැටුප් ගෙවීම සඳහා වාර්ෂිකව වැය කෙරෙන මුදල රුපියල් කෝටි 69491කි.

මේ අනුව එම මුදලින් රුපියල් කෝටි 33940ක් ආරක්ෂක අංශ සාමාජිකයන්ට වැටුප් ගෙවීම සඳහා වැය කෙරෙනු ඇත.

මේ විමර්ශනය කරනු ලැබුවේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතාගේ මූලිකත්වයෙන් මහාචාර්ය ප්‍රසන්න පෙරේරා සහ රුහුණු විශ්ව විද්‍යාලයේ ආචාර්ය නන්දසිරි කිහිඹියහෙට්ටි යන මහත්වරුන් විසිනි.

රජයේ සේවකයන් ලක්ෂ දහසයකට ආසන්න පිරිසක් සිටින අතර ඉන් ලක්ෂ 4 කට වැඩි ප්‍රමාණයක්( හතරෙන් එකක්) පොලීසියේ සහ ත්‍රිවිධ හමුදාවල සාමාජිකයන් බවට තොරතුරු අනාවරණයවී යැයි මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පැවසීය.

මේ අතර වැටුප් ගෙවීම සඳහා මීළඟට වැඩිම මුදල වැය වන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය වෙනුවෙනි. එම ප්‍රමාණය රුපියල් කෝටි 11800 කි.

ඊට පසුව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහා කෝටි 5930ක්ද රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය සඳහා කෝටි 4274ක්ද වැයවන බවට තොරතුරු අනාවරණය වී ඇත.

 



අදහස් (0)

රජයේ පඩි බිලෙන් බාගයක්ම හමුදාවේ ඇත්තන්ට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 242 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site