රටේ පවත්නා අර්බුදය සම්බන්ධයෙන් තරුණ ප්‍රජාව සමග සාකච්ඡා කිරිමට රජය සූදානම් යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ලංකාදිපයට පැවැසිය.
රටේ පවත්නා දැඩි අර්බුදයට එරෙහිව තරුණ ප්‍රජාව පෙළ ගැසී සිටින මොහොතක අග්‍රාමාත්‍යවරයා තරුණයන්ට මෙම ඇරයුම කෙළේය.
අර්බුදයට කඩිනම් විසැඳුමක් ඉල්ලා මේ වන විට තරුණයෝ දැඩි විරෝධතාවක ද නිතර සිටිති.
මෙ අර්බුදය සම්බන්ධයෙක් කඩිනම් විසැඳුමකට ඒම සඳහා ඔවුන් සමග සාකච්චාවක සූදානම් බව අග්‍රාමාත්‍යවරයා පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන සාකච්චාද වන්චාකාර හොර රාජපක්ශලා එක්ක. හොරා කාපු සියල්ල ආපසු රටට භාර දී, ඉල්ලා අස්වනු.
සමන්ත මෙවැනි වයස්ගත මහල්ලෙක් සමග තරුණයන්ට කතාවක් ඇතැයි මා නොසිතමි. ඔවුන් හදන්නේ කුමන ක්‍රමයකින් හෝ බලයේ රැඳී සිටීමටය. එහෙත් තරුණ පිරිස ඉල්ලන්නේ ඔවුන් බල ඇත හැර ගෙදර යැවීමය. එකකට එකක් නොපැහෙන දීගයකින් වැඩක් නැත. වහාම ඉල්ලා අස්වී නව පරපුරට ඉඩ දී ඉවත් වනු. හොරකමට ඉඩක් නැති රටක් අවශ්‍ය ය.
අනේ මේ මුත්තෙ ඔයා වල පයයි ගොඩ පයයි තියාගෙන කරන විකාර' දැන්වත් නවතා අපත් අප වෙනුවෙන් උපදින්න සිටින පරපුරත් උගසට තබා අරගෙන පිටරටවල තැන්පත් කරල තියෙන මුදලුත් දීලා යන අතක යන්න පේනවා නේද ඔබත් පවුලත් ඉස්සරහට ගේන්න වළිකෑ දොස්තරලා නීති වේදීන් සංගීත වේදීන් (නන්දා මාලනී වැනි ප්‍රභූන් ) දැන් ඔබලාට කියන්නෙ රාජපක්ෂලාට යන්න කියලා ඉතින් යන්නකෝ යනකොට මතක ඇතිව ඉරාජ් කියන එකයි ඩෑන් කියන එකයි ඔයැයිල තොලොංචිවෙලා යන තැනකට ගෙනියන්න හැමදාම බණ අහන්න ඕනි නිසා ඊයේ පොකුණ ළගින් ඔයැයිලාගේ පස්ස හෝදන්න ගිය ඉත්තෑකන්දා හා මහගල කන්දාත් එක්ක යන්න සුබ ගමන් ,උපන්දාසිට සිට ඔබේ පස්සෙ ගිය වාසුත් මග හරින්නේ ඔබේ කෙරුවාව දන්න නිසානේ උනුත් නොඑන එකේ අපිනම් කොහොමත් එන්නෙ නැහැ මුත්තේ
තරුණ, තරුණියනි, කිසිම සාකච්ච්චවකට යන්න එපා, මේ හොර නඩයත් එක්ක. මේ අය සම්පුර්ණයෙන්ම ගෙදර යවලා, හොරාකාපු සල්ලි හොයාගෙන ඊට පස්සේ නීතියෙන් දඩුවම් කරන්න ඕනේ.
හොරු සමග මොන සාකච්ඡාද බං
මේතරම් හොරා කාලාත් තාම එ සල්ලි වලින් බැරි උනානේ මිනිසුන්ගේ මේ පෝලිම නැති කරන්න හොරා සමග මොන සාකච්ඡාද
සාකච්ඡා කොරන්ඩ දෙයක් නෑ.උඹලට යන්ඩ කියල තමයි කියන්නෙ
අනේ ,මේ.අපිත් එක්ක කතා කරන්න දෙයක් නෑ ,රාජපක්ෂලා ඔක්කොම හොරු.පලයල්ලා මකබැවිල
මම පොඩි කාලේ මට ගහන්න කොල්ලො සෙට් එකක් අවා මම හැංගිලා ඉන්න කොට. අපෙ අයියා ඇවිත් කොල්ලො ටික ෂෙප්කරලා මාව බේරගත්තා.
පුතේ, ජනාධිපති වරයා ඉල්ලා අස්වීම පූර්ව කොන්දේසිය කරගන්න. ඊට පසු සාකච්චා අාරම්භ කිරීම තමා වඩාත් සුදුසු.
පුළුවන්නම් ඊට කලින් තමන්, තමන්ගේ සහෝදරී ඇතුළු අනෙකුත් ඥාතීන් සහ සියළුම දේශපාලකයින් හොරා ගත්ත රටේ මුදල් ටික නැවත අයකර ගන්න. ඊට පස්සේ තරුණයින් ඔබව විශ්වාස කිරීම පිළිබඳව සිතා බලාවි. ඔබගේ සුන්දර වචන වලට පමණක් නැවතනම් ජනතාව නොරැවටේවි. නමුත් ඔබට උත්සාහ කරලා බලන්න පුළුවන්. යන්න ගෝටාගෝ හෝම් ගමට, මුන ගැහෙන්න එතන ඉන්න පිරිස්. පටන් ගන්න සාකච්ඡා.
අන්ඩුව කවරදාවත්ම ඇත්තක් කීවෙ නැහැ.හැම තරනම කලේ පාවාදීමයි.ජනවරම සහමුලින්ම තමංගේ පරවැත්මට නතුකරගත්ත. කිසාම විශ්වාසයක් කලනොහැකිවුන් සමඟ කුමන කතාබහක්ද. එකම ඉල්ලීම පාලනයෙන් ඉවතිවන්න කියන එක පමණි.මෙම ඉල්ලීමට එකඟවන්නේ පාලක පක්ෂයේ හිතවතුන් පමණි.
බල තන්හාව
ඔයායි ඔයගෙ හත්මුතු පරම්පරාවමයි යන්න . සාකච්ඡා ඕනෙ නෑ
මාත් අරගලයේ නායකයෙක්.සාකච්ඡාවට එන්නනම් මේ මගේ කොන්දේසි.... 1.ගෝඨාභය රාජපක්ෂ මහින්ද රාජපක්ෂ මුලින්ම තනතුරු වලින් ඉවත් විය යුතුයි. 2.20 අහෝසි කොට 19 වැනි ව්‍යවස්ථා සoශෝධනය නැවත සoශෝධන සහිතව ස්ථාපනය කල යුතුයි. 3.අන්තර් පාලනයක් රටතුල ස්ථාපිත කර රටේ ජනතාවගෙන් කොල්ල කෑ මුදල් නැවත ජනතාවට ලබා දි යුතුයි. 4.පූර්ණ ව්‍යවස්ථා සoශෝධනයක් සිදුකර දේශපාලනය කිරීම උදෙසා සුදුසු අධ්‍යාපන සුදුසුකම් හා වයස් සීමාවක් ඇති කල යුතුයි.
මේ පාලකයන් සමග කරන මොනම සාකච්ඡාවකින්වත් අබමල් රේණුවක තරම් ප්‍රතිපලයක් ලැබෙන්නේ නැත
මොන සාකච්ඡාද. ඔන්න ඔය ඉලව් අගමැතිකම දාල ගෙදර යන්න. තරුණයන්ට අවස්ථාව දෙන්න.
ලොක්කෝ ඔහෙට අමු කැවිලද? ඔතන තරුණයෝ කියන්නේ ජෙප්පෝ. ඔවුන් සමග මොන කතාද?
මහින්ද රාජපක්ෂ ගරු අගමැති තුමණි සාකච්ඡා කරනවාට වඩා දැනට සුදුසුම දේ තමයි මේ රට ණය අර්බුදයෙන් නිදහස් කර ගැනීම ඒ සදහා දැනට පාර්ලිමේන්තුව නියෝජගය කරන 225 දෙනා ප්‍රධාන කොටගෙන මෙතෙක් පාර්ලිමේන්තුව නියෝජගය කල සියළුම දෙනාගෙන්ද ගම් මට්ටමින් දේශපාලනය කල සියළුම දෙනාද දේශපාලන වරප්‍රසාදයෙන් බොහෝ වත්කම් රැස් කරගෙන ඇති සියළුම දෙනාද අරමුදලක් හදාගෙන එකතුකරගන්නා මුදලින් පලමුව මේ රට ණයෙන් නිදහස් කරගෙන රටත් ජනතාවත් බේරාගෙන තරුණ පරම්පරාව සහ රටේ අනාගතය සුරක්ෂිත කර රට කෑලි කඩා විකුණා දමන එක නවතා දේශීය කර්මාන්ත දියුණු කරමින් කෘෂිකාර්මාන්තයට අත හිත දෙමින් රට පෙර අතීතයේ තිබුණු තත්වයට පත් කර රටටත් ජාතියටත්
ගෙදර පල කියන්නෙ ආයිත් වෙන විසඳුම් නැහැ .. තරුණයෝ විතරක් නොවේ මුළු ජනතාව ගෙන් 90% ක් කියන්නෙ පල තොපි කියලා . අතර මැද විසඳුම් කොහෙන්ද කන්න නැහැ ඉන්දන නැහැ විදුලිය නැහැ රෝහල් වල බෙහෙත් නැහැ කිසිම දෙයක් නැති රටක් යකෝ
සාකච්ඡාවක් කරන්නේ කාත් eඑක්කද? ඔතන එහෙම කෙනෙක් කියල නැහැ ඔක්කෝම නායකයෝ තමයි . ඔක්කෝමලා කියන්නේ GOHOMEGOTA කියල . 225 මත් එපා කියල . අන්තර්වාර පාලනයක් තමයි හැමෝගේම බලාපොරොත්තුව .
වසර 50 ක් දේසපාලනේ කරපු තමුන් එක්ක ආයේ මොන සාකච්ඡා ද. සදහටම බලයේ ඉන්ඩ ගේම් ගැහැව්වා.බල තන්හාවට වැඩිය දෙයක් නැහැ.බලය රැකගන්ඩ ..ආයෙත් ජනතාව අන්දවන එක ලෙහෙසි වෙන එකක් නැහැ. දුශිත බලලෝබි බඩගොස්තරවාදි පවුල් පාලනේ උන් රටට කරපු විනාසේ හොන්දටම ඇති .
ගෙදර යන්න
තරුණයින් සමග මුළු රටේ බහුතරයක් ඉල්ලා සිටින්නේ රාජපක්ෂ හොර පවුලම රජයෙන් සහ ජනාධිපතිකමෙන් ඉල්ලා අස්වීමයි. ඉන්පසු උගත් ,බුද්ධිමත් , " අවංක " තරුණ කණ්ඩායමකට රටේ පාලනය බාරදීමයි. අවුරුදු 70 රට පාලනය කරනවායි කියමින් මේ සුන්දර රට නැත්තටමනතිකළ , ජාති ,ආගම් ,කුල මල , බේදයන් අවුස්සමින් රට පාලනයකළ රාජපක්ෂලාට තිබෙන සියලුම චෝදනාවලට ඔවුන් නිතිය ඉදිරියට පැමිණවිය යුතුයි. මහින්දනම් නාකි - මයිනාගේ බොරු චාටු කතාවලට මේ තරුණයින් කොහෙත්ම රැවටෙන්නේ නැහැ. " අල්ලලා කුඩුවේ දමන්න කලින් ඉල්ලා අස්වෙයව් ...!!! "
සාකච්චා ඕනෑ නෑ ඔයාලට යන්න කියලයි කියන්නේ.
දැන් දවස් 5ක් තිස්සේ ඔය කියන තරුණයෝ ඉල්ලන්නේ " දැන් ඇති සේරම දෙනා යන්න. ගත්ත සල්ලි සේරම ආපහු දෙන්න " කියලනේ. ඉතාම සරලයි. තව මොනවද කේවල් කරන්න තියෙන්නේ.
අනේ යන්ඩ සර්, ගොල්ෆේස් එකේ වගේ ඔහේ කුඩ්ඩන්ට කුඩු,ගොට්ටන්ට උස්මුරුත්තෙ එනකම් කෑම , බියර්, බයිට්, ඩේටා කාඩ් දෙනවැයි පිනට . .
නෑ