(*** ඩයනා උදයංගනී)
ඉදිරියේදී රාජ්‍ය අංශයේ කාර්යාල ආරම්භ කරන වේලාව පෙරවරු 9.00 ලෙසත්, පෞද්ගලික අංශයේ කාර්යාල ආරම්භ කරන වේලාව පෙරවරු 9.45 ලෙසත් සංශෝධනය කිරීමට ඒ සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා පත්කළ කමිටුව නිර්දේශ කර තිබේ.
කොවිඩ් 19 වසංගත තත්ත්වය වළක්වා ගැනීම සඳහා සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීමේ හා මාර්ග තදබදය වළක්වා ගැනීමේත්, රාජ්‍ය හා පුද්ගලික සේවයේ කාර්යක්ෂමතාවය ඉහළ නැංවීමේත් අරමුණු ඇතිව එම කාර්යාල ආරම්භ කරන හා අවසන් කරන වේලාවන් සංශෝධනයට කිරීමට රජය තීරණය කර ඇත.
ඒ සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා මගී ප්‍රවාහන කළමනාකරණ සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතාට උපදෙස් දී තිබේ.
ඒ අනුව අමාත්‍යවරයා විසින් ඒ සම්බන්ධ නිර්දේශ ඇතුළත් වාර්තාවක් සැකසීම සඳහා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් තිලකරත්න බණ්ඩා මහතාගේ සභාපතිත්වයෙන්යුත් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කරනු ලැබිණි.
එම කමිටුව විසින් පුද්ගලික හා රාජ්‍ය අංශයේ කාර්යාල ආරම්භ කිරීම හා අවසන් කිරීම සම්බන්ධව දැනට පවතින වේලාවන් සංශෝධනය කිරීම සඳහා වන නිර්දේශ සහිතව සකස් කරන ලද වාර්තාව ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම් ගාමිණි සෙනවිරත්න මහතා විසින් එම අමාත්‍යාංශයේදී අමාත්‍ය මහින්ද අමරවීර මහතාට ඊයේ (30) භාරදෙනු ලැබීය.
රාජ්‍ය අංශයේ කාර්යාල ආරම්භ කරන වේලාව පෙරවරු 09.00 සිට පස්වරු 4.45 දක්වාත්, පෞද්ගලික අංශයේ කාර්යාල පෙරවරු 09.45 සිට පස්වරු 06.45 දක්වාත් සංශෝධනය කිරීමට මෙම වාර්තාව මගින් අදාළ කමිටුව නිර්දේශ කර තිබේ.
වාර්තාව භාරගැනීමෙන් පසුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවේ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ කාර්යාල මෙන්ම පාසල් ද එක ආසන්න වේලාවක ආරම්භවීම හේතුවෙන් උදෑසන කාලයේදී මාර්ගවල මෙන්ම පොදු ප්‍රවාහන සේවාවන්හිද දැඩි තදබදයක් පවතින බවත්, එය මගහරවා ගැනීම සඳහා කාර්යාල ආරම්භ කරන වේලාව සංශෝධනය කිරීමට තීරණය කර තිබෙන බවත්ය.
මෙම මාර්ග තදබදය හේතුවෙන් දිනකට රුපියල් බිලියනයක පමණ ඉන්ධන නාස්තියක් සිදුවන බව ද මහින්ද අමරවීර මහතා කීවේය.
මෙම කමිටු නිර්දේශ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය වෙත හා අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඒවා සුදුසු පරිදි ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි වැඩ ඇරිලා ගෙදර එන්නේ කොහොමද? ඔය තීරණ ගන්න අය ප්‍රවාහන පහසුකම් සපයනවද?
ආරංචිය හැටියට පුද්ගලික අංශය පැය 9කට වඩා වැඩකරන්න වෙනවලු... කව්ද අතිකාල දෙන්නේ එතකොට..
පොදු ප්‍රවාහන සේවාවල කාලසටහන් හැදිලා තියෙන්නේ බහුතරයක්ම රජයේ සේවකයින්ගේ ගමනාගමනය ඉලක්ක කරගෙන... මෙහෙම වෙලාවල් දෙකක් වුණාම පුද්ගලික අංශයේ අයට වෙන අපහසුතාවයන් ගැන ප්‍රායෝගිකව හිතන්න පුලුවන් මොළයක් ඇති අය මේ රජයේ අමාත්‍යාංශයක ඇත්තේම නැද්ද?
සතියකට පැය 45 යි. මේ නිර්දේශ අනුව පෞද්ගලික සේවකයින් සෙනසුරාදාට සාමාන්‍යයෙන් යෙදෙන පැය 5 වැඩ කළ යුතු නැහැ...
මේ කමිටු පත්කර මහජන මුදල් කාබාසිනියා කරන රජයකට වැඩකරන ජනතාවගේ උපහාරය... මෙයත් අර 5000/= දුන්නා වගේ වැඩක්...