IMG-LOGO

2025 ජුලි මස 15 වන අඟහරුවාදා


රාජ්‍ය ඔසුසල් වැසීමෙන් ජනතාව අසරණ වෙති

විනීතා එම් ගමගේ

රාජ්‍ය ඔසුසල අද විවෘතව තබන බව ඊයේ නිවේදනය කල නමුත් අද කොළඹ ඔසුසල් වසා තිබීම නිසා ඖෂධ ලබාගැනීමට පැමිණි ජනතාව දැඩි අසීරුතාවකට පත්වී තිබිණි.  

ටවුන් හෝල් ප්‍රධාන ශාඛාව, නුගේගොඩ මහරගම ඇතුළු ශාඛා සියල්ලම පාහේ වසා තිබු අතර එහි දොරවල්වල දැන්වීම  අලවමින් දන්වා තිබුණේ එහි සඳහන් දුරකතන අංකයට වට්ස්ඇප් මගින් බෙහෙත් වට්ටෝරු එවන ලෙස දන්වා තිබිණි.

එසේ වන වට්ටෝරුවල ඖෂධ නිවෙස්වලට යවන බවද සඳහන් විය.

මේ තත්ත්වය යටතේ ඔසුසලට පැමිනි විශාල පිරිසකට ආපසු හැරීයාමට සිදුවූ අතර ⁣ජාතික රෝහලෙන් ඉල්ලා තිබු ඖෂධ ලබාගැනීමට පැමිණි පිරිස් ද ඒ අතර වූහ.

රජයේ ඔසුසල් විවෘතව තබන බව නිවේදනය කල නිසා පැමිණි බවත් නිසි සන්නිවේදනයක් නොමැති වීම මේ තත්ත්වය ඇතිවී ඇති බවද ඔවුහු පෙන්වා දුන්හ. 



අදහස් (5)

රාජ්‍ය ඔසුසල් වැසීමෙන් ජනතාව අසරණ වෙති

jayath Saturday, 28 March 2020 09:04 AM

මේක ඉතාම හොඳින් කන බොන ඒවාට වැඩිය කළමනාකරණය කලයුතු දෙයක් මොකද නොකා නොබී හිටියට එක පාරට මිනිස්සු මැරෙන්නේ නැහැ.

:       1       77

RohansSaturday, 28 March 2020 10:07 AM

කෑම නොවෙයි..., මෙතන ඉල්ලන්නේ බෙහෙත්. ඒවා දිනපතා ගතයුතු අය ඉන්නවා.

:       0       0

lalithm Saturday, 28 March 2020 10:28 AM

ඕක තමා රාජ්‍ය සේවයේ ස්වභාවය. අධිකාරිවාදය. ඉදිමීම. රෝහල් කාර්ය මණ්ඩලය මොන දේ කරත් බනින අපේ ඇත්තෝ පාමසි වලින් වන මෙහෙය අවතක්සේරු කරනවා. රටේ සමස්ත ඔසුහල් වලින් රාජ්‍ය ඔසුසල් තිබෙන්නේ කීයද? ඔක්කොම වහන්න නියෝග කලාට මදි. ගණන් කර බලන්න රටේ රාජ්‍ය ඔසුසල් කීයක් තියෙනවද. තිබෙන්නේ කොහිද කියල... අනික අපේ අවස්ථාවාදී බුරු මිනිස්සුත් දැනගන්න ඕනේ බෙහෙත් සීට්ටුව අයාලේ යන්න ලයිසමක් නොවෙයි කියලා....

:       0       1

දෙනෙත් Saturday, 28 March 2020 12:11 PM

ඔසුසල්වල සාමාන්‍ය දවස්වලත් ගොඩක් බෙහෙත් ජාති නෑ. මේ දවස්වල... අනේ මංදා

:       0       1

යූ.ඒ.චන්ද්‍රසේන Sunday, 29 March 2020 04:32 AM

බෙහෙත් ඇනවුම් කර ගෙන්වා ගැනීමට තැනක් නැත දී ඇති ෆෝන් නම්බර් වලට කතා කලාට ඒවා ඕෆ් කර ඇත ඒ නිසා බේත් ගෙන්වා ගැනීමට ක්‍රමයක් දන්වන්න

:       2       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 226 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 114 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 465 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

Our Group Site