
(ඩයනා උදයංගනී)
රාජ්‍ය ආයතනවලට භාණ්ඩ හා සේවා සපයා ගැනීමේ ප්‍රසම්පාදන කටයුතුවලදී දේශීය ආයතනවලින් පමණක් මිලදී ගැනීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාවකට මාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ, උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
ඒ අනුව ඉදිකිරීම් කොන්ත්‍රාත්තු, ගෘහ භාණ්ඩ, මෘදුකාංග හා දෘඩාංග මිලදී ගැනීමේදී අවම වශයෙන් 51% ක් හිමිකම් ඇති දේශීය සමාගම්වලින් මිලදී ගත යුතු බවත්, විදේශවලින් ගෙන්වීම කළ නොහැකි බවත් කී ඇමැතිවරයා මෙවැනි ප්‍රසම්පාදන ක්‍රමයක් ඇතිවූයේ මෙරට ඉතිහාසයේ පළමු වරට බව ද සඳහන් කළේය.
අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (16) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ය.
දේශීය ව්‍යාපාර ශක්තිමත් කිරීම මෙහි අරමුණ බව ද ඇමැතිවරයා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයට පෙරත් වාහන ගැනීමේදී දේශීයව නිපදවන හෝ එකලස් කරන වාහන ගැනීමට කළ නියමය පරිදි රාජ්‍ය ආයතනවලට කැබ් රථ මිලට ගත්තා. නමුත් අරගෙන සුළු කලකින් ධාවනයෙන් ඉවත්කළ නිසා ජනතා මුදල් විශාල ලෙසට නාස්තිවුණා. මේ නිසා දේශීය භාණ්ඩවල තත්වය කෙරෙහි සැලකිලිමත් වියයුතුයි.
හොඳ අදහසක්... ඔබලාගේ පරිහරණයට අරගෙන තිබෙන රැපියල් කෝටි 7-8ක් වටිනා විදේශවල නිපදවපු වාහන ප්‍රසිද්ධියේ වෙන්දේසි කරලා දමලා.., අර ලංකාවේ නිපදවන මයික්‍රෝ ජීප් ගන්න. ඔබලාගේ එක සැප වාහනයක් වික්කාම මයික්‍රෝ ජීප් 7ක් 8ක් ගන්න පුළුවන්..
සිංහල දේශීය ආයතනවලට ලබාදෙනවා නම් වඩාත් හොඳයි. රටේ තිබුණු තඹ, පිත්තල ටිකත් ගිය ආණ්ඩුව කාලේ දුන්නේ අසිංහල දේශීය ආයතනවලට.. ඒ පාඩුව මේ ආණ්ඩුව මකා දමයි කියා සිතනවා.
ඉතාම හොඳ අදහසක්.. නමුත් මෙය ළඟ ළඟ එන "පොරය" පෙරදැරි කරගෙන ගත්ත තීරණයක්ද? නැද්ද? යන්න ගැටලුවකි. එමෙන්ම දියවන්නාවේ ඉන්න "225 ට" පිටරටින් ගෙන්වන කිසි වටිනාකමක් නැති තුට්ටු දෙකේ කසිකබල් පතෝල මැසිවලටත් ඔය කියන තීරණය බලපානවාද යන්න අප "බන්දුලගෙන්" විමසීමට කැමැත්තෙමු." බන්දුලට හොඳින් මව්බස කියවීමට හැකි" බව දන්නා බැවින් මෙම අදහස් කිසිඳු වෙනසකින් තොරව කියවීමට හැකිවේවා..!!
බලවත් ඇමතිවරයකු ඉදිරියට ඇවිත් ආදර්ශයක් දෙන්න...