IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


රාජ්‍ය ආයතනවලට ඩිජිටල් විද්‍යුත් ගෙවීමේ ක්‍රමයක්

(ඩයනා උදයංගනී)


රාජ්‍ය ආයතනවල සියලු ගෙවීම් සහ අය කිරීම් ලබන වසරේ මාර්තු මාසයේ සිට ඩිජිටල් විද්‍යුත් ගෙවීම් පහසුකම් යටතේ පමණක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇතැයි තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පැවසීය.

ඊට  අදාල තාක්ෂණික මඟපෙන්වීම මෙම වසරේ සැප්තැම්බර් මාසය තුළ, රාජ්‍ය ආයතන වෙත ලබාදෙන බව කී රාජ්‍ය අමාත්‍යවරයා රටේ ඩිජිටල් පරිවර්තනයක් සඳහා අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග මේ වන විට ගෙන ඇතැයි ද කීවේය.

එමෙන්ම සයිබර් ආරක්ෂණ පනත මේ වසර ඇතුළත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජාතික තොරතුරු හා  සයිබර් ආරක්ෂණ  මූලෝපායික සැලැස්ම යටතේ මෙම පනත  ගෙනඑන බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

ඇතැමුන් ඩිජිටල් පද්ධති අනිසි ලෙස භාවිතාකිරීම පාලනයට සහ තීරණාත්මක ඩිජිටල් යටිතල පහසුකම් ආරක්ෂා කිරීමට අවශ්‍ය නෛතික රාමුව සකස් කිරීමටත්, තොරතුරු හා සයිබර් ආරක්ෂණ නියාමන අධිකාරිය පිහිටුවීමටත් මෙමගින් හැකියාව ලැබෙන බව කනක හේරත් මහතා කීවේය.  


කනක හේරත් මහතා මේ බව පැවසුවේ ශ්‍රී ලංකාවේ නව සයිබර් ආරක්ෂණ  මූලෝපායික සැලැස්ම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය සහ  ලෝක බැංකුව  එක්ව  කොළඹදී පැවැත්වූ වැඩමුළුවකට එක්වෙමිනි.



අදහස් (2)

රාජ්‍ය ආයතනවලට ඩිජිටල් විද්‍යුත් ගෙවීමේ ක්‍රමයක්

sanjeewa Sunday, 26 February 2023 03:02 PM

ඔය මොන ඩිජිටල් එක කළත්, ඒකට දත්ත ඇතුල් කරන නිලධාරියෝ හොරු සහ අකාර්යක්ෂම නම්, ජනතාව තවතවත් අමාරුවේ වැටෙනවා මිසක්... යහපතක් නම් වෙන්නේ නැත...

:       0       11

කනක කනක Monday, 27 February 2023 08:50 AM

මට ජයවෙවා....!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 19 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 702 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 333 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site