
(ඩයනා උදයංගනී)
කිසියම් අවශ්‍යතාවයක් වෙනුවෙන් අමාත්‍යංශ හා රාජ්‍ය ආයතන වෙත ලිපි යොමු කිරීමේදී යොමුකරන්නාගේ ලිපිනය සමඟ දුරකතන අංක (ස්ථාවර හා ජංගම), වට්ස්ඇප් අංකයක්, විද්‍යුත් තැපැල් ලිපිනයක් (ඊමේල්) ද සඳහන් කර එවන ලෙස රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය දැනුම් දීමක් කරයි.
එසේ කරන්නේ නම් පිළිතුරුවල පමාව වළක්වාගත හැකි බව එම අමාත්‍යංශය සඳහන් කරයි.
රාජ්‍ය ආයතන වෙත ජනතාවගෙන් ලැබෙන ලිපි, විද්‍යුත් ලිපි, දුරකතන පණිවුඩ ආදී සියලු විමසීම් සඳහා රාජ්‍ය නිලධාරීන් කඩිනමින් පිළිතුරු දියයුතු බවට, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ උපදෙස් මත, අමාත්‍යංශ ලේකම්වරයා විසින් ඉකුත් දා චක්‍රලේඛයක්ද නිකුත් කර ඇත.
දුරකතන අංක, වට්ස් ඇප් අංකයක්, විද්‍යුත් තැපැල් ලිපින සහිතව ලිපි එවන්නේ නම් ක්ෂණික පිළිතුරු එවීමට අවශ්‍ය අවස්ථාවල, ලිපි මගින් එවීමේදී ඇතිවිය හැකි පමාව වළක්වා ගත හැකි බව, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශ ලේකම් ප්‍රියන්ත මායාදුන්නේ මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අල්ලස්, කොමිස්, පගා නියමෙට නැගලා යයි. ආර්ථිකේ කඩාවැච්චවෙලේ ඔය වගේ අදහස් එන එක සුලබ දෙයක්.
ප්‍රශ්නය විසදේද නැත්නම් ලිපිය යැවූ අයට තර්ජනයක් ලැබේද කියලයි මම කල්පනා කරන්නෙ මම එහෙම කියන්නෙ මට එහෙම වෙලා තියෙන නිසා තමයි ඒවාට මොකද කරන්නෙ ලේකම්තුතුමා.
ඔය කතාකරන්න කියා පලකරන ටෙලිපොන් අංකවලට කවදාකවත් කතා කොරන්න බැහැ. ඕවා බොරු අංක.
මුලින් ආයතන වල ටෙලිපෝන් හදල ඉන්න කතාකරන්න. ඔක්කොම වැඩ නෑ....එක්කො එහෙට මෙහෙට transfer (ට්‍රාන්සර්) කරනව විතරයි.