
(දයාසීලි ලියනගේ)
ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන්ට වර්ෂ 2020දී 60% කින් වැටුප් වැඩි කර තිබීම පිළිබඳව සහ රජයේ විවිධ ආයතන වල නීත්‍යානුකූල නොවන ආකාරයට අතිකාල ගෙවීම පිළිබඳව වහාම විමර්ශනයක් කරන ලෙස ආර්ථික උපදේශකවරු මුදල් අමාත්‍යාංශයට පෙන්වා දී ඇත.
විදුලි බල මන්ඩලය අනීතික ලෙස වැටුප් වැඩි කර ගෙන තිබෙන අතර ඒ සම්බන්ධයෙන් රජයේ අනුමැතියක් ලබා ගෙන නොමැති බවද සදහන් වේ. මෙම වැටුප් වැඩිවීම නීතියට පටහැනිව සිදුකර ඇති බවද පෙන්වා දී ඇත.
මීට අමතරව සෞඛ්‍ය සේවයේ බහුතරයක් දෙනා සඳහා කෑම පැයෙදි පවා අතිකාල ගෙවා ඇති බව විගණන සමීක්ෂණ වලින් පෙන්වාදී ඇති නිසා මේ සම්බන්ධයෙන් වහාම සොයා බැලීමක් අවශ්‍ය බවද ඔවුන් පෙන්වා දී ඇත.
රජය බරපතළ ලෙස ආර්ථික අසීරුතාවයකට පත්ව සිටින අවස්ථාවේ අනීතික ගෙවීම් පිළිබඳව දැනට වඩා විමසිලිමත් විය යුතු බව ආර්ථික උපදේශකවරු පෙන්වා දී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීත්‍යානුකුල නොවන අන්දමින් මෙලෙස වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කොට එම මුදල් ආපසු අය කර ගනිමින් මෙවන් සිදුවීම් ඉදිරියේදී ඇති නොවීමට වගබලා ගත යුතුය. මෙවන් දේ සම්බන්ධයෙන් තරාතිරම නොබලා දැඩි ක්‍රියාමාර්ග ගැනීමක් විය යුතුය.
ලංකාවේ රාජ්‍ය ආයතන වල ඉහලම තැන් වල ඉඳන් පහලම තැන දක්වා ඔක්කොමලා කරන්නේ තමන්ගේ මඩිය තර කර ගන්න බැලීම නේ
නන්දසේනගේ සහ පොහොට්ටුවේ සෙට් එකට නම් හොඳක් සිද්ධ වෙන්නේ නැහැ
එහෙම කොල්ලකාපු මහජන මුදල් බදු වත් නොගෙව බේරගන්න නේද ඔය කට්ටිය උද්ඝෝෂණ සහ පෙලපාලිවල දඟලන්නේ. ගහල පන්නල දාන්න....
මුලින්ම කියව කියවා ඉන්නේ නැතිව වහාම ක්‍රියාත්මක වන පරිදි එම අනවසර වැටුප් වැඩිකිරීම අඩුකරන්න. ඉන්පසු මේ ගැන සොයාබලා පියවර ගන්න.
මෙච්චර කල් කවුරුත් නොදැකපු එක එක ආයතනවල හොර මගඩි එලියට දානවා වගේම කවුරුත් කතා කරන්නේ නැති සහ කවුරුත් නොදන්නා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දොස්තරලා ඇතුලු සේවකයින් බහුතරයක් හොරට ලක්ෂ ගණන් අතිකාල ගන්න එක ගැනත් හෙළි කරන්න. කවුරු කළත් හොරකම් හොරකමක්මයි සහ ජනතවගේ සල්ලි... දත් දොස්තරලා උදේ 8 දවල් 2 සේවය කරලා පැය 120 අතිකාල ගන්න විදිය සොයා බලන්න. සුළුපටු නෑ. එක්කෙනෙක්ට අතිකාල රුපියල් ලක්ෂයක් කියන්නේ සාමාන්‍ය අයෙක්ගේ වැටුප් 3 ක්...!
බලාගෙන ගියාම නන්ද සේනලා විතරක් නෙවෙයි, රටේ අයත් හොඳට කොල්ලකාලා තියෙනවා...
රාජ්‍ය ආයතනවල වැඩිහරියක් ඉන්නේ ඔය වගේ තමුන්ගේ මඩිය තරකර ගන්න අය තමයි. රට බංකොළොත් වෙන්ඩත් රාජ්‍ය ආයතන එක් හේතුවක්...?