(ඩයනා උදයංගනී)
රාජ්‍ය ආදායම ඉදිරියේදී ඉහළ ගියහොත් පළමුවෙන් සහන ලබාදෙන්නේ රාජ්‍ය සේවකයින්ට බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (14) පැවසීය.
වර්තමානයේ පවතින බදුවලට රජයේ සේවකයින්ගෙන් සියයට 10ක් පමණක් වන අතර, සෙසු සියයට 90ක රාජ්‍ය සේවකයන්ට එය අදාළ නොවන බව ද ඇමතිවරයා සඳහන් කළේය.
වත්මන් බදු ප්‍රතිසංස්කරණ හරහා ඉදිරියේදී රජයේ ආදායම් මාර්ග ඉහළ ගියහොත් ප්‍රථමයෙන්ම සහන ලබාදෙන්නේ රාජ්‍ය සේවකයින්ට බවත්, ඔවුන්ගේ දීමනා බද්දට යටත්වීම පිළිබඳව වෙනම කමිටුවක් මගින් සළකා බලමින් සිටින බවත් ඇමතිවරයා කීය.
ඇමති බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තොපි රටෙ රීරි මාන්සෙත් එක්ක උරා බීල තියෙන්නෙ අයෙ කොහෙ රටෙ අදායමක් උපදින්ටද තිරිසන්නු.
ඕක වැඩිකරන වෙන්න දෙන්නෙ නෑ හොරා කනව හැකියාව තිබෙන අය
ඇයි බොලවු රජයේ සේවකයො විතරද රටේ වැදගත්. වැඩිපුර සල්ලි හොයල දෙන්න ඔය රජයේ සේවකයො නෙමෙයි බොලවු පුද්ගලික අංශයෙ උන්.
බැරි මරගාතෙ අර...මේ...ආදායම් නැග්ගොත් කිය කියා අදෝනා තිය තියා ඉන්නෙ නැතුව ඔය පින් ජනාධිපතිත් එක්ක දාල යන්නකෝ.මොකද රටේ ජනතාවට දැන් පාන් කියාගන්න බැරුව බදු ගහල පොලොවෙ පස් කනව ජීවිත් වෙන්න.රටේ හොරකම නැති කොච්චර තරුණ උගත් බුද්ධිමත් පිරිසක් ඉන්නවද රට බාරගන්න. තොලොන්චිවෙලා යන එකයි ඇත්තෙ.
දේසපාලුවන්ගේ ආදායම නම් ඉහළ යයි.. බලලෝබි බඩගොස්තරවාදි දුශිත දේසපාලුවෝ කරපු මහාපරිමාණ හොරකම් වන්චා දූෂණ නිසා රටම බන්කොලොත් වෙලා. ආර්තික ඔස්තාර් බයිලා ගහනවා.
පාඩු ලබද්දීත් බෝනස් ගත්තෙ රාජ්‍ය අංශයේ අය තමයි. එයාලට කොහොමත් සහන තමයි. හැමදාම මැරි මැරී වැඩ කරන පුද්ගලික අංශයේ සේවකයන් තමයි රට දාලා යන්නේ. ඒ අය නිසා තමයි හිනාවෙන්න හරි ආර්ථිකයක් තියෙන්නේ. ගෙවල්වල ඉඳන් පඩි ගන්න රාජ්‍ය සේවකයන් නිසා නෙවෙයි.
රාජ්‍ය ආදායම වැඩිවෙන තරමටම හොරකමත් වැඩිවෙයි
අතිගරු කබ්බො ටික පඩි වැඩි කර ගත්තා නේද 2022 අගෝස්තු මාසේ. එතකොට රාජ්‍ය ආදායම වැඩි වෙලාද තිබුනේ...